IMG-LOGO

වකුගඩු රෝගීහු කබලෙන් ලිපට

(ඩයනා උදයංගනී)

වකුගඩු අක්‍රීය තත්වයේ පවතින රෝගීන්ට ලබාදෙන රුධිර කාන්ද්‍රකරණ (ඩයලයිසීස්) ප්‍රතිකාරය සඳහා අයකරන ගාස්තු ඉහළයාමෙන් රෝගීහු දැඩි පීඩාවකට පත්ව සිටිති.

රුධිර කාන්ද්‍රකරණ ප්‍රතිකාරය අවශ්‍ය රෝගීන් බහුතරයකට රජයේ රෝහල්වලින් ලබාදෙන ප්‍රතිකාර වාර ගණන සීමා සහිත වන අතර, බොහෝ අවස්ථාවල පෞද්ගලික රෝහල්වලින් ද එම ප්‍රතිකාරය කරගැනීමට සිදුවන බව රෝගීහු පවසති.

පෞද්ගලික රෝහල්වලින් ඩයලයිසීස් ප්‍රතිකාරය ලබාදීම සඳහා මේ වන විට රුපියල් 10,500ත් 11,960 ත් අතර මුදලක් වැය වන අතර, මීට පෙර ඒ සඳහා අයකෙරුණේ රුපියල් 6,000ත් 8,500ත් අතර මුදලක් බව රෝගීහු සඳහන් කරති.

මෙම ප්‍රතිකාරය නොමැති වුවහොත් තමන්ට ජීවිතය ගැන බලාපොරොත්තු තැබීමට නොහැකි වන බැවින් මේ සඳහා සාධාරණ මැදිහත්මක් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව එම රෝගීහු සඳහන් කරති.

ඇතැම් රෝගීන්ට සතියකට දෙවරක් ඩයලයිසීස් ප්‍රතිකාරය කිරීමට සිදුවන අතර, වරකට ආසන්න වශයෙන් 10,000ක් වැය වෙනු ඇතැයි අනුමාන කළහොත් මසකට රුපියල් 80,000ක පමණ මුදලක් අවශ්‍ය වේ.

මේ සම්බන්ධයෙන් කොළඹ පෞද්ගලික රෝහල් රසායනාගාරයකින් අප කළ විමසුමකදී එහි ප්‍රකාශකයකු පැවසුවේ මෙම ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපකරණ හා ඖෂධ ආදිය වෙනුවෙන් දැරීමට සිදුවන වියදම් ඉහළයාම නිසා ප්‍රතිකාර වෙනුවෙන් අයකරන මිල ඉහළදැමීමට සිදුව ඇති බවයි.

 



අදහස් (0)

වකුගඩු රෝගීහු කබලෙන් ලිපට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 351 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 263 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site