IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වකුගඩු ගැලවූ රෝහලේ ලිපි ගොනු සී.අයි.ඩී.යට

(නිමන්ති රණසිංහ)

නීතිවිරෝධී අයුරින් දිළිඳු පවුල්වල පුද්ගලයන්ගේ වකුගඩු ලබාගනිමින් ඡාවාරමක් සිදුකළැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලේ සිදුකළ වකුගඩු සැත්කම්වලට අදාළ ගොනු සියල්ල සිය භාරයට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (13) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියට කරුණු වාර්තා කළේය.

මෙම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශණ මෙතෙක් අවසන්ව නොමැති බවත්, වකුගඩු ප්‍රදානය කළ අයවලුන්ගේ ප්‍රකාශ ඇතු`ථ තවත් ප්‍රකාශ කිහිපයක් ලබාගත යුතුව ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණ අද (13) අධිකරණය හමුවේ යලි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වූ අතර, හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා රක්ෂිත භාරයට පත්කර සිටි සැකකරු ද බන්ධනාගාරයෙන් අධිකරණට ඉදිරිපත් කර තිබිණී.

හදුනාගැනීමේ පෙරට්ටුවට අදාළ සාක්ෂිකරුවන් හය දෙනාගෙන් පස් දෙනකු අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් එම පෙරට්ටුව කල් තබන ලෙසට මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීය.

ඒ අනුව මෙම සිද්ධියේ හදුනා ගැනීමේ පෙරට්ටුව ලබන 03 වැනිදා පැවැත්වීමටත් සැකකරු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් අධිකරණය නියෝග කළේය.



අදහස් (2)

වකුගඩු ගැලවූ රෝහලේ ලිපි ගොනු සී.අයි.ඩී.යට

නිහාල් Wednesday, 14 December 2022 08:53 AM

මේවට කොහෙන් හිනා වෙන්න ද මන්දා. වෙන රටවල නම් මුලින්ම කරන්නේ ඕක. මෙහෙ කල් දීල වගේ අල්ලන්නේ.

:       0       2

Lalla Wednesday, 14 December 2022 11:22 AM

කොහොමද දෙවිවරු කියල ගරුකරන වෛද්‍ය මහාචාර්ය කෙනෙක් මාරයෙක් වෙලා තියෙන රඟ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site