IMG-LOGO

ල.වි.බ.ම. අතිරේක සමාන්‍යාධිකාරි ධූරය අත්හිටුවමින් අතුරු තහනමක්


(මනෝප්‍රිය ගුණසේකර)

ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩ ආවරණය කිරීමට විදුලි ඉන්ජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (23) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ජ්‍යෙෂ්ඨත්වය නොසලකා අතිරේක සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා කළ පත් කිරීම නීතීවිරෝධී බව සඳහන් කරමින් විදුලි බල මණ්ඩලයේ විදුලි ඉන්ජිනේරුවරයකු ඇතුළු තිදෙනෙකු ගොනු කර තිබු පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ අභියාචනාධිකරණය පෙත්සම් විභාගය අවසන් වන තෙක් අදාළ ධූරයට  වෙනත් අයකු පත් කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කළේය.

පෙත්සම සැප්තැම්බර් 03 වැනිදා විභාගයට ගැනීමට දින නියම කළ අධිකරණය පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියම කරමින් වගඋත්තරකරුවන්ට නොසීසි නිකුත් කළේය.

අභියාචනාධිකරණ විනිසුරු ලෆාර් තාහීර් මහතා හමුවේ පෙත්සම සලකා බැලීණි.

ඉංජිනේරු ටී.ඒ. වන්නිආරච්චි මහතා ඇතුළු තිදෙනෙකු ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය, එහි සභාපතිවරයා එහි අධ්‍යක්ෂ මණ්ඩලය, ඉංජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා ඇතුළු පිරිසක් නම් කර ඇත.



අදහස් (3)

ල.වි.බ.ම. අතිරේක සමාන්‍යාධිකාරි ධූරය අත්හිටුවමින් අතුරු තහනමක්

Dasanayaka Wednesday, 24 July 2024 04:20 AM

ඔහු තමයි එකම පුද්ගලයා ඒසම්බන්ධයෙන් පශ්චාත් උපාධියක් තියන මොරටුව විශ්ව විද්‍යාලයේ. අන්න ඒ නිසා ඔහුට එම තනතුර හිමි විය යුතුයි

:       0       0

Rataperata Wednesday, 24 July 2024 06:27 AM

වැඩ කටයුතු හරියාකාරව කරන්න බැරිනම් ජ්‍යේෂ්ඨත්වය වැඩක් නැහැ. අවශ්‍ය වෙලාවල අවශ්‍ය ආකාරයට සුදුසු තීරණ අරගෙන කටයුතු කරන්න බැරි කෙනෙක් කොතරම් ජ්‍යේෂ්ඨ වුනත් පාලන කටයුතු සදහා සුදුසුම නැහැ. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇරඹූ වැඩ කිරීමේදී ජ්‍යේෂ්ඨත්වයට වඩා වැඩ කටයුතු කිරීමේ හැකියාව තමයි බැලුවෙ .ඔහු කොතරම් උගතෙක් වුනත් උපාධිය නොමැති අයෙක් වුනත් ස්ථානෝචිත ප්‍රග්ඣාව ඇති අයෙක් නම් ඔහුට රාජකාරි පැවරීම කලා .ජ්‍යේෂ්ඨත්වය තිබුන පලියට වැඩ බැරිනම් වැඩක් ඇත්තෙම නැහැ. මණ්ඩලය දන්නවානේ කවුද දක්ෂයා කියලා .ඒකයි ඔහු පත්කරන්න ඇත්තෙ.වැඩ බැරි වුනත් ගම ගාල්ලෙ කියලා හරියන්නේ නැහැ. දැන්වත් ඔය තනතුරු දෙනවිට මණ්ඩලයේ සිටින සුදුසු අයගෙන් අයදුම්පත් කැදවා විභාගයක් පවත්වා ඉහලින්ම සමත් කෙනා පත්කිරීමට විධිවිධාන යොදන්න

:       0       2

Tharika Wednesday, 24 July 2024 07:48 AM

ඕකේ තනිකර ඉන්නේ උද්දච්ච පල් හොරු

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 543 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site