
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ලෝක බැංකු ව්‍යාපෘතිවලින් අරමුදල් නැවත භාවිතා කිරීමෙන් ලබාගත හැකි හදිසි ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 120 ක් හෙවත් ඩොලර් කෝටි 12 ක් ප්‍රදානය කරන බව ලෝක බැංකුව පැවසීය.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත්වූ ප්‍රදේශවල සෞඛ්‍ය සේවා, ජලය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ සම්බන්ධතාවය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සහ යටිතල පහසුකම් යථා තත්වයට පත් කිරීමට එම අරමුදල් උපකාරීවනු ඇති බව ද ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ව්‍යසනකාරීත්වය පිළිබඳව දැඩි ලෙස ශෝකයට පත්වන බවත් මෙම ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයන් ප්‍රදර්ශනය කළ කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාව සහ ජීවිත බේරා ගැනීමට සහ යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයන් දියත් කිරීමට රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ගය අගය කරන බවත් ලෝක බැංකුව පවසයි.
ලෝක බැංකු සමූහයේ පෞද්ගලික අංශ හස්තය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව රැකියා උත්පාදනය කිරීම සහ ආර්ථික ප්‍රකෘතිමත් වීම සඳහා කෘෂිකර්මාන්තය, නිෂ්පාදන සහ සැපයුම් වැනි ප්‍රධාන අංශවල උපදේශන සහාය සහ උපායමාර්ගික ආයෝජන ලබා දීමෙන් පෞද්ගලික අංශය ශක්තිමත් කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
816
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
598
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලෝක බැංකුවෙන් ඩොලර් කෝටි 12 ක්
මංබයියා Tuesday, 16 December 2025 09:19 AM
අනේ අපේ වීරයෝ ටික බලයේ හිටියා නම් - ඒ උදවිය දන්නවා කොහොමද රට දියුණු කරන්නේ කියලා...
Rata Perata Tuesday, 16 December 2025 12:39 PM
රටේ දැන් තියන තත්වය අනුව මෙය අගය කළ යුතුයි.
bandara Tuesday, 16 December 2025 04:12 PM
ජාත්‍යන්තරයෙන් මෙහෙම ආධාර දෙන්නේ රට තුල යහපාලනයක් ඇති බවට ඔවුන් ට විශ්වාස නිසා.
සුදු ඇඳගෙන කලු ඇවිදින් Tuesday, 16 December 2025 04:31 PM
මුලින්ම අවධාරණය කළ යුත්තේ මෙය ආධාරයක් නොව පසුගිය ව්‍යාපෘති සඳහා එකඟ වී ඇති ණය මුදල් වලින් කොටසක් දැනට රටේ පවතින ව්‍යාසන තත්ත්වය හේතුකොට ගෙන රජයේ ඉල්ලීම මත නිදහස් කිරීමකි. මේ ගැන අවශ්‍ය නම් world bank website එකට පිවිසෙන්න...