(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් (Gevorg Sargsyan) මහතාගේ නායකත්වයෙන් යුත් ලෝක බැංකු නියෝජිතයෝ කණ්ඩායමක් 25 වන දින රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ එහි සාමාජිකයින් හමුවී සාකච්ඡාවක් පැවැත්වූහ.
අනතුරුව කණ්ඩායම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්; සහ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක යන මහත්වරුන් සහ අදාළ කාරක සභා සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකට ද සහභාගිවිය.
මෙහිදී කාරක සභා සභාපතිවරු වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දක්වන අඛණ්ඩ සහයෝගය පිළිබඳව ලෝක බැංකුවට සිය කෘතඥතාව පළ කළහ.
මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කඩිනම් සිදු කිරීමේ අවශ්‍යතාවය ලෝක බැංකු නිලධාරීහු සඳහන් කළහ. එසේම ශ්‍රී ලංකාව කලාපයේ අනෙකුත් රටවලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ බලශක්ති පිරිවැයකට මුහුණ දෙන බවද ඔවුහු පෙන්වා දුන්හ. එසේම වරාය සහ සැපයුම් අංශයේ සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
ලෝක බැංකුවත් මැතිසබයේ