IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ලොකු ලූනු මිලට ගන්න වට මනී

(කාංචන කුමාර ආරියදාස)

ලොකු ලූනු මිලදී ගැනීම සඳහා එක් ගෙඩියක විෂ්කම්භය මිලි මිටර් 35 - 65 විය යුතු බවත් ලොකු ලූනු කිලෝවක් ගොඩි අටකින් සම්පූර්ණ කළ යුතුයි යන ප්‍රමිතියක් නිකුත් කිරීම නිසා ලූනු අලෙවියෙන් ඉවත් ව සිටි බව ලූනු ගොවීහු පිරිසක් පැවැසූහ.

දේශීය ගොවීන්ගේ අස්වැන්න මිලදී ගැනීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ ලංකා සතොසන් ලොකු ලුණු මිලදී ගැනීම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ද ආරම්භ කොට ඇති බවට විශාල දැන්වීම් පුවරුවක් දමා ඇත. ලූනු මිලදී ගැනීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ බහාරය අලස ස්ථාපිත කර තිබේ.

මේ සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයේ සේවක මහතාගෙන් අප කළ විමසීමකදී මෙසේ පැවැසීය.

එකදු ලූණු ගෙඩියක් හෝ ගොවීන් ගෙනවිත් දුන්නේ නැහැ . පසුගිය කාලයේ ලොකු ලූනු අස්වැන්න යම් ප්‍රමාණයක් මිලදී ගත්තා.  එක් ගොවියකුගෙන් ලොකු ලූනු කිලෝ 2000ක් පමණ මිලදී ගන්නවා. එසේ මිලදී ගන්නේ සතොස ලබාදී ඇති නිර්නායකවලට අනුවයි. එසේ නොවන ලොකුළුණු මිලදී ගන්නේ නෑ

අර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනු කිලෝවක ගැනුම් මිල රුපියල් 90ක් වශයෙන් සටහන් විය.

 



අදහස් (13)

ලොකු ලූනු මිලට ගන්න වට මනී

සෙනෙවිරත්න Monday, 27 October 2025 07:06 PM

එහෙම නැතුව බැහැනේ , ඕව විකුණගන්නත් එපායැ. ඔය කෑගහන සජිත්ගේ කට්ටියට ඔන්න උදව් කරන්න වෙලාවක්, එතකොට ආයෙම හිතෙයි මම ජනාධිපති කියලා.

:       0       0

බද්රානි Monday, 27 October 2025 07:23 PM

මොකාද මේ නිර්ණායකය දාපු පල් මෝඩයා..? හිතාමතාම ගොවියන්ගෙන් ගසා කෑමට හා ඔවුන්ට නිසි මිලක් නොදීමේ පරමාර්ථය ඇතිව, ලූනු ගොවියන් අධෛරිය කිරෙමේ පරමාර්ථය ඇතිව කරපු මේ අවලම් ක්‍රමවේදය වහාම නැවැත්විය යුතුයි... මේ නීතිය දාපු එකාව ලුණුමිරිස් හදන්න ඕනා...

:       3       7

Lalla Monday, 27 October 2025 07:55 PM

ආනයනය කරන ලූනුත් ඔය ප්‍රමිතියට නෑ.ඒත් දේශිය ලූනු හරියට මෝරල වේලල නෑ.ඒ නිසාම ඉක්මනට කුනු වෙනව.ඉන්දියාවේ ලූනු ගහ වේලෙන තෙක් අස්වැන්න නෙලන්නේ නෑ.

:       0       4

පැරකුම් Monday, 27 October 2025 10:02 PM

මේකනම් කවදාවත් අහල නැති මහ අසාධාරන නරුම නීතියක්. අතරමැදියා සහ කලුකඩකාරයා රැකීම මාලිමා රජයේ අරමුන බව ඉතා පැහැදිලිය.

:       2       7

pj Tuesday, 28 October 2025 02:55 AM

කොහොමද පුනරැදාව... දැන් සනීපද.... ඉස්සරහට කසාද බදින විට සයිස් හරි යන්නත් සිදුවේවිද....

:       7       9

Nilantha Tuesday, 28 October 2025 04:48 AM

ගෙඩිය ගානෙ මැනල කිලෝ 2000 ගන්නකොට ඊළග කන්නයේ අස්වැන්න ගන්න කාලෙත් හරි නොකෙරෙන වෙදකමට කෝදුරුතෙල් සෙවීමක් නේද නිර්නායක කරල තියෙන්නෙ කොහොමත් මංත්‍රී වැටුප් හා දීමනා පැලට යද්දී ජීවත්වෙන්නත් ක්‍රමයක් ඕනනේ

:       1       10

sunil Tuesday, 28 October 2025 07:06 AM

බඩුවක් මිලදී ගැනීමේදී ප්‍රමිතියක් අවශ්‍යයි. කුඩාම ලුණු කියන්නේ මෝරපු නැති ඒවාය. ලුණු මේරුවේ නැති නම් මිලයට ගන්නේ නැහැ. ඉක්මනින් නරක් වෙනවා. මිලි මීටර් 35 කියන්නේ අඟල් එකහමාරකටත් වඩා අඩුයි. ඇඟිලි පුරුක් එකහමාරකටත් අඩු ඒවාය. ලබාදී ඇති නිර්දේශය හොඳයි කියලයි හිතෙන්නේ.

:       4       12

පැරකුම් Tuesday, 28 October 2025 07:20 AM

මීට පස්සෙ අපිත් කඩේ යනකොට වට මණින්න ටේප් එකක් අරන් යනව. වට මදිනම් ගන්නෙ නෑ.

:       3       9

සාලිය Tuesday, 28 October 2025 07:20 AM

මිනිස්සුන්ගේ ප්‍රශ්න වලටත් උත්තර හොයපල්ලා... හොරු අල්ලන එක ඉස්මුදුනේ තියාන නැටුවාට වැඩක් නෑ. මිනිස්සුන්ට දැන් එපා වීගෙන එන්නේ.

:       7       10

Bunny Preena Tuesday, 28 October 2025 09:27 AM

ජාත්‍යන්තර රූප සුන්දරි තේරීමේ තරඟයක කොන්දේසි වැරදිලා සතොස නිර්ණායකවලට මාරු වෙලා ඇවිල්ලවත්ද? ගොවි මහත්තුරුන්ගේ හෝ ගෙවිලියන්ගෙත් ඉනෙහි වට ප්‍රමාණයත් සඳහන් කරන්න කියයිද දන්නේ නැහැ.

:       3       7

chinthana Tuesday, 28 October 2025 10:28 AM

ගෙඩිය ගෙඩිය මනින්න ඕනද ?

:       3       8

සෙනෙවිරත්න Tuesday, 28 October 2025 10:30 AM

ඔන්න සජිත් ඔයාට චාන්ස් එකක්,ඇයි ගොවියගෙ පොඩි ලූනු ගන්න බැරි කියල සටනක් කරන්න. එතකොට ඔයා ජනාධිපති කියල ඔයාටම හිතෙයි.ඒවගේම සජබෙ පාක්ෂික ජනතාවට කියන්න කෑනොගහ පොඩි ලූනු මිලදී ගන්න කියන්න.

:       5       13

අරවින්ද මොණරවිල Tuesday, 28 October 2025 03:15 PM

අරමුණු මොකක්ද කියලා නොදැන තප්පුලන නෝනාවරුන්ටයි මහත්වරුන්ටයි මේ කියන්නේ. ඕනෑම නිෂ්පාදනයකට නිසි මිලක් වගේ නිසි ප්‍රමිතියක් ද තියෙන්නෙ ඕනේ. එහෙම උනොත් තමයි ජනතාවට උසස් තත්වයේ පාරිභෝගික භාණ්ඩ හා සේවා ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ කරන්න හදන්නේ ඒකයි ආණ්ඩුවෙන් ගොවියාට නිසිමිලක් දෙන්න හදනවා වගේම පාරිභෝගිකට ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක භාන්ඩයක් ලබා දෙන්න කටයුතු කරනවා. ඊට අවශ්‍ය කරන බලපෑමයි මේ කරන්නේ. එතනදි ගොවියාට ද නිෂ්පාදකයා ලෙස තිබෙන වගකීමෙන් මිදෙන්න බැහැ. උසස් තත්වයේ හා ගුණාත්මක කෘෂි නිෂ්පාදන රටට වෙළඳපොළට එවන්න ඔහු බැදී ඉන්නවා. ඒකෙන් සෙත සැලසෙන්නේ රටේ ජනතාවටමයි. ඒ නිසා මේක පක්ෂ දේශපාලනය කෝණයෙන් බලන්න එපා. මේක හරියට ගෝඨාගේ පොල් ගෙඩිය මැන්නා වගේ වැඩක් නොවෙයි.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1571 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1366 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site