(සුජිත් හේවාජුලිගේ)
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධයෙන් රජයේ බුද්ධි අංශ විමර්ශනයක් අරඹා ඇත.
එම මූල්‍ය ආයතනවලින් ඒ පිළිබඳ තොරතුරු වාර්තා ලබාගැනීම පළමු මෙහෙයුම බව බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
විදේශයන්හි මුදල් තැන්පත් කරන ක්‍රමවේද සම්බන්ධයෙන්ද මේ දිනවල විශේෂ අධ්‍යයනයක් කරගෙන යන බවද බුද්ධි අංශ සඳහන් කරයි.
මෙය ඉතා දුෂ්කර කටයුත්තක් වුවත් ඒ සඳහා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වන බව පවසන එම ආරංචි මාර්ග යමකු ඒ පිළිබඳ තොරතුරු දන්නේ නම් ඒවා ඉදිරිපත් කළ හැකි බවද ප්‍රකාශ කරයි.
දේශපාලනඥයන් ඇතුළු විවිධ පිරිස් විදේශයන්හි සඟවා ඇති මුදල් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට පසුගිය ජනාධිපතිවරණයේදී ඇතැම් වේදිකාවල නිතර සඳහන් විය.
COMMENTS
ඇයි අප්පා ඔච්චර මහන්සි වෙන්නේ? දඟලන්න එපා වසන්ත සමරසින්හ සහෝදරයාගෙන් අහන්න එයා ඔක්කෝම දන්නවානේ...!
එතකොට අර හිස් ෆයිල් තියාගෙනද වේදිකාවලදී හොරු ඇල්ලුවේ. අප රැවටුණා නෙමෙයි විශ්වාස කළා.
තඹුත්තේගම අනුරගේ පුන්චිඅම්මාගේ අයර්ලන්තේ ගෙදරත් ඔය විදේශ වත්කම් විමර්ශනයට අයිතිවෙනවාද?
ජයවේවා. මාගේ කතිරය ගැන මම ආඩම්බර වෙමි...
හොඳ වැඩක්...!
කියලා කරනකොට තියාගෙනම ඉඳියි. මේවා මාධ්‍යයට දෙන්න අවශ්‍ය නෑ අල්ලලා පෙන්වන්න..
එය අමාරු කාර්යයක් වුණත් කළ යුතුමයි...
පුරවැසියෝ, තමුන්නැහැලා වගේ අය කවදාවත් මාලිමාවට ඡන්දේ දුන්නෙත් දෙන්නෙත් නැහැ.. ෆයිල් හිස් නැහැ. ඒවායේ විස්තර තහවුරු කරන්න තමයි ඕවා විමර්ශනය කරන්නේ... මෙච්චර මෝඩ මිනිස්සු එක්ක මේ රටේ මොනවත් කරන්න බැරිවෙයි...
අමල්, කරුණාකරලා මෙතන මඩ කරියෙක් වෙන්න එපා... ඔය සමාජ මාධ්‍ය වල... රුපියල් පන්සියේ පඩියට මඩ ගහන අය දමන්න එපා... අනෙක එතුමා රටේ ජනාධිපති... මඩ ජනතාව පිළිගත්තේ නැහැ.. තවත් ඔය මඩ ගහලා වැඩක් නැහැ...
මමත් මගේ කතිරය ගැන ආඩම්බර වෙමි... මෙම කතිරයේ ප්‍රතිඵල ඡන්දය පසුදාත්, ඊට පසු දිනපතාත් ලැබේ. මෙම කතිරයේ බලයෙන් රාජපක්ෂවරු බිත්තියට හේත්තු වී අසරණ වීම විශ්මිතයි...
පිටරට බැංකු ඔය තොරතුරු ඔහොම දේවිද? ඔවුන්ගේ ගනුදෙනු කරුවන්ගේ විස්තර සුරක්ෂිතව තබා ගන්න ඔවුන් බැඳී සිටිනවා. ගන්න වෙන්නේ ඒ ගිණුම් තිබෙන රටේ උසාවි නියෝගයක් මත පමණයි. ඒවා සූක්ෂම ලෙස කරනවා කියලා හොරට තොරතුරු පන්නලා අහුවුනොත් ඒ තොරතුරු හොරකම් කරපු අයව ඒ රටවල හිරේ දාන්න පවා බොහෝ විට ඉඩ තියෙනවා. අනික ඔය වැඩේ රාජිතත් කරන්න ගිහින් බැරිවුණා. අන්තිමට මේකත් මහ මැතිවරණයේදී ඡන්දය ගන්න කියන කතාවක් වෙයිද?
වැඩ පටන් ගද්දී නියමයි... වැඩේ ඉවර කරලා මාධ්‍ය නිවේදන දාන්න.. නැත්නම් මේකත් පොඩි කාලේ කරපු හොරා පොලිස් සෙල්ලම වගේ වෙනවා නේ
පුරවැස්සියාට සහ අමල්ට කියන්නෙ, ඔහෙලාගෙ එවුං මෙහෙමවත් කලාද? ඉවසල ඉන්න, තවම ෂෝ එකේ කමිං විතරයි..!
නව රජයට ගෞරවය. තවත් ඉදිරියට. දැනට සිටින බොහෝ දේශපාලනඥයන් මහ මැතිවරණයට ඉදිරිපත් නොවීම සිත්ගන්නා කරුණකි. ඒකේඩි ට ඡන්දය දුන් ජනතාවට තොපි. අපි එකතුවෙලා අපේ ජාතිය ගොඩනගන්න පුළුවන්.
ඡන්ද ප්‍රචාරයට මාලිමාවට බිලියන් ගණන් සල්ලි ආපු හැටිත් ඔය ගමන්ම හෙලි කරන්න
හොරුන්ටත් වැඩිය කලබල වෙලා තියෙන්නේ උන්ට කඩේ යන එවුන්නේ.
මෙතැන ප්‍රතිචාර දක්වපු පිරිසක් හිතන්නේ පෙන්නපු files විතරයි files කියලා, දුක් වෙන්න එපා.. ඔක්කෝම අදියි හිතවතුන් සමහර විටෙක තමනුත් හසුවෙන්න පුළුවන්...!
ඇයි අරවින්ද, මාලිමාවට යන්නේ සුපර් මාර්කට්ද?
වියයුතු දේ සිදු කරමින් ඇති අතර බය භිරන්ත වූවෝ සහ ඔවුන්ගේ සුවච කීකරු සුනඛයින් කලබලයට පත්ව නන් බුරමින් සහ ඔබමොබ දුවමින් කල් අරිමින් ඇත.
මෙක. නිෂ්පල උත්සාහක්. ලෝකයේ කිසිදු ආයතනක් බැංකු රහස් හෙළි කරන්නෙ නැත . මෙගොල්ල නොදන්න නිසා ජනතාව නොමග යවන්න කරන බොරුවක්.
ඕක කලින් කියන්නේ නැතුව, හොරු අල්ලන්නම කිව්වා නම් කොච්චර හොද ද?
බලයට පත්වන හැම රජයක් වගේම, මාලිමාවේ රතු කට්ටත් දැන් නියම මහජන සංදර්ශන රට පුරාම පවත්වනවා. ඊයෙත් හරිනි නෝනත් කකුල් දෙකේ පිහිටෙන්, මීටර් කීපයක්ම ඇවිදගෙන ගියා. මාර හිනාවක් එයාගේ මුහුණේ තිබ්බේ. මාලිමාවට ඡන්ද දායකයන් කතිරේ ගැහුවේ... මහ පාරේ සංදර්ශන බලන්න නෙවෙයි. බැකෝ දමලා කෝටි ගණන් වැයකරලා කෝටි ගණන් වැයකරලා රාජ්‍ය නායකලාගේ ආරක්ෂක කුටි බිමට සමතලා කරනවා බලන්නත් නෙවෙයි. තණකොළ හා පුන්නක්කු බාල්දිවලට රැවටුණු අය දැන් ඉවරයි...!
සමහර ප්‍රතිචාර දැක්කාම හිතාගන්න පුළුවන් මේ හොරකම් මේ තරම් වුණේ කොහොමද කියලා... ලොක්කෝ හිතාගෙන කරනකොට පොඩි අය දුව දුව කරලා තියෙනවා.
මේක හූරන් කාපු උන්ට ඉවසන්න බෑ. උන්ගේ හාම්පුතාලට කෙලවෙකොට එකයි දැඟලිල්ල.