(දසුන් රාජපක්ෂ)
ලේක්හවුස් ආයතනයේ නව මාධ්‍ය හා ඩිජිටල් අංශයේ ප්‍රධානී මාධ්‍යවේදී මධුක තක්සල ප්‍රනාන්දු මහතාට එම ආයතනයේ වෘත්තීය සමිතියකට අයත් යැයි කියන පිරිසක් විසින් පහරදි තිබේ.
රැස පුවත්පත කාර්යාලයට ගිය අවස්ථාවේ එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී 15 කට ආසන්න පිරිසක් තමාව පාලු ස්ථානයකට කැඳවාගෙන ගොස් බැණ තර්ජනය කර පහරදුන් බව මාධ්‍යවේදී මධුක තක්සල ප්‍රනාන්දු මහතා කොටුව පොලිසියට පැමිණිලි කර තිබේ.
සේවයට වාර්තා කළහොත් නැවත වරක් පහරදෙන බවට පහරදුන් පුද්ගලයන් තර්ජනය කළ බවද තමා එළැබී ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ලේක්හවුස් ආයතනයෙන් ඉවත්වීමේ ලිපිය දෙසැම්බර් මාසයේ මුල් සතියේ පාලනාධිකාරියට බාරදී තිබුණු බවද මධුක තක්සල ප්‍රනාන්දු මහතා ගෙන් කළ විමසීමකදී වැඩිදුරටත් කීය.
පහරදීම සම්බන්ධයෙන් මධුක තක්සල ප්‍රනාන්දු මහතා ලේක්හවුස් පාලනාධිකාරිය දැනුම්වත් කර තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලේක් හවුස් මාධ්‍යවේදියකුට පහර දීලා
Channa Wednesday, 11 December 2019 05:50 AM
මාධ්‍ය නිදහස උපරිමයට තියෙන මෙවැනි කාලයක මෙවන් දෙයක් සිදු විය නොහැක.
ලුම්බිණි Wednesday, 11 December 2019 06:33 AM
හෙමින් හෙමින් අපි පරණ යුගය කරා ගමන් කරන බව පේනවා. ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ 71 වෙනි පිටුවේ කියල තිබෙන විදියට මේ වගේ දේවල් වලට කටයුතු කරයි කියල අපි හිතනවා.
Mahee Wednesday, 11 December 2019 06:33 AM
මේ මාධ්‍යවේදියා තමන්ගේ ප්‍රතිපත්තිය අනුව ලේක් හවුසියෙන් ඉල්ලා අස්වුණා නම් තවත් ඒ මනුස්සයා පස්සේ එලවන්නේ ඇයි? ලේක්හවුසිය ආණ්ඩුවේ හින්දා පහුගිය ආණ්ඩුව තමන්ගේ මිනිස්සු ඒකට දාගන්න ඇති. එක කොහොමත් සිද්ධ වෙන දෙයක්. මේ දිහා බැලිය යුත්තේ දේශපාලන ඇහැකින් නොවේ. ඒ හින්ද දැන්මම සමිතිකාරයින්ගේ මේ වගේ වැඩකිඩ අවසාන කලොත් නිසැකවම රජයේ කීර්තිය පැතිරෙයි. නැත්නම් පරණ කතාවලට පණ ලැබෙයි. එවුලින් බියට්‍රිස් හෝල් කිව්වා "මම ඔබ කියූ දේ සමග කිසිසේත් එකඟ නොවෙමි, එහෙත් ඔබට ඒ දේ කීමට ඇති අයිතිය මම දිවි පුදා හෝ ආරක්ෂා කරමි". අන්න සැබැ මාධ්‍ය නිදහස!
mihira Wednesday, 11 December 2019 07:05 AM
වෙනසක් ඉල්ලුවා නේද ? ඕක තමා වෙනස.
naushi Wednesday, 11 December 2019 08:00 AM
බලාපොරොත්තු වුන වෙනස ලැබෙමින් පවතී.
Hafeel Wednesday, 11 December 2019 08:19 AM
එහෙමනම් පුරුදු වැඩේ පටන් ගත්තා වගේ.
Sathuta dore galanawa Wednesday, 11 December 2019 09:36 AM
දැන් ඔබට සතුටුයි නේද?
Gamarala Wednesday, 11 December 2019 09:53 AM
මේවා හොඳ වැඩ නොවෙයි. කිසිවෙකුට ගහන්න, අඩත්තෙටම් කරන්න කවුරුවත් අවසර දීලා නැහැ. ඒක කවුරුත් සිහි තබා ගත යුතුයි. අතීතයේ වැරදි කළ අයට නීතියට අනුකුලව වගකිවයුතු අය කටයුතු කරයි.
කපුරුහාමි Wednesday, 11 December 2019 01:51 PM
මේ කාලකන්නියන් හිතාගෙන ඉන්නේ කට්ටියම එකතු වෙලා එක පුද්ගලයෙකුට පහරදීපු එක මහලොකු වීරකමක් කියලා. මේ වගේ අය පහුගිය කැලෑ නීතිය කාලෙත් උන්නා. මේ වගේ අසම්මජ්ජාති වැඩකරන අයට නීතියෙන් උපරිම දඬුවම් දියයුතුයි...