IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලොහාන් ජාතික රෝහලට

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නීති විරෝධී අයුරින් කොටස් එකලස් කරන ලද අති සුඛෝභෝගි මෝටර් රථයක් පරිහරණය කිරීම සම්බන්ධයෙන්  රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිස් අරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව මධ්‍යයේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව එම ආරංචි මාර්ගවලින් පැවසේ.

ඉකුත් 31 වෙනි දින ඔහු මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ නිවසේදී අත්අඩංගුවට ගෙන එදිනම රාත්‍රී නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 7 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

ඔහු බන්ධනාගාරයේ සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට  ඇතුළත් කරනු ලැබීය.

 



අදහස් (13)

ලොහාන් ජාතික රෝහලට

කමල් Sunday, 03 November 2024 12:55 PM

මම දන්නා තරමට මේ මනුස්සයා තරම් ලෙඩෙක් මුලු පාර්ලිමේන්තුවේම නෑ. බෝ නොවනරෝග ඔක්කොම තියෙනවා ඉහටත් උඩින්. ඒත් මැරෙන්නේ නෑ වගේ ජීවත් වෙන්නේ.

:       2       75

de silva Sunday, 03 November 2024 01:34 PM

මට හිතෙන්නේ ප්‍රශ්න කිරීමේදී පොලිසිය මේ අහිංසකයාට හොඳටම පහර දීලා, නැතිනම් බොහෝම හොඳට ඇවිදගෙන පොලිසියට අපු මේ මනුස්සයා රෝහල් ගතවන තරමට ලෙඩ වුනේ කොහොමද?

:       8       51

ravin Sunday, 03 November 2024 01:42 PM

හා... ඇත්ත වෙන්නැති නේද? ඇත්තෝ කති බොති. නැත්තෝ ලෙවකති. කොහොමත් ඔය උදවියට බන්ධනාගාරෙ ළඟින් ගියත් ලෙඩ හැදෙනවා. මතක නේද අර ගැහැණු පරාණයක් එක්ක පිස්තෝල කේස් එක... ජාතික රෝහලෙත් ගෙවන වාට්ටුවේද දන්නේ නැහැ...

:       0       52

ජගත් ලියනගේ Sunday, 03 November 2024 02:21 PM

බලාගෙන ගියාම පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙන්නේ ලෙඩ්ඩුනේ...

:       0       54

sugath Sunday, 03 November 2024 02:42 PM

අතිශයින්ම පිළිකුල් සහගත පුද්ගලයෙක්. ලොහාන් මැරයෙක් සහ මිනීමරුවෙක්...

:       1       58

pjSunday, 03 November 2024 03:08 PM

බලයේ ඉන්නෙත් ඉස්සර මිනීමරු ත්‍රස්තවාදීන්ම තමයි. වෙනසක් නෑ.

:       45       18

ගමේ එකාලා Sunday, 03 November 2024 02:56 PM

පිනට කකා බිබී සියලුම වරප්‍රසාද බුක්ති වින්දගෙන සුවසේ සැපසේ ජීවත් වෙචිචි දූෂිත දේසපාලුවන්ට සිරගත වුණාම අසනීප වෙනවා??

:       0       46

amila Sunday, 03 November 2024 03:38 PM

කිසිම ලෙඩක් නැති මිනිස්සු කොහොමද මෙහෙම බොරු වෛද්‍ය නිර්දේශ ගන්නේ. වෛද්‍යවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ගග ගන්න බැරිද මෙහෙම බොරු කියනවට? මෙයාලා එළායේ හරි චන්ඩි නේද? කොහොමද ඇතුලට දාන සැනින් වළපයයි ගොඩපයයි ඉන්න ලෙඩ්ඩු වෙන්නේ?

:       0       42

tissa Sunday, 03 November 2024 04:46 PM

මේ එළියේදී හොඳට ඇවිදගෙන ඉන්න මිනිස්සු බන්ධනාගාරයට ගියාම "ලෙඩ" වෙනවා වගේ. පිරිමි කමටත් ලැජ්ජයි.

:       1       29

පිටිගල මිලානෝ Sunday, 03 November 2024 04:53 PM

අනුරට පාට් දාන්න ආවේ මාර කෙනෙක්නේ… ලෙඩ වාට්ටුවක්…

:       0       32

Nandalal de Silva - France Sunday, 03 November 2024 05:42 PM

මෙහෙම බොරු ලෙඩ්ඩු, සාමාන්‍ය ලෙඩුන් මෙන් පැදුරක දමා, රෝහල් කොරිඩෝවේ දමා තිබ්බොත් නම්, "ප්‍රභූ" කියා බන්ධනාගාර භාරයට පත්වන සොක්කන් මින් ඉදිරියට රොහල්ගත වීමට ඉල්ලුම් කරන්නේ නැති බව සහතිකයි...!!!

:       0       22

don Sunday, 03 November 2024 07:05 PM

එතුමාව නිදහස් කරන්න . එතකොට ඔය අසනීප ඔක්කොම සනීප වෙයි

:       0       0

don Sunday, 03 November 2024 07:08 PM

විවිද පුවත් වල මම දැක්කේ මෙතුමාගේ ලස්සන පින්තූර . පොලිසිය අල්ලපු වෙලාවේ ඉඳන් දැක්කේ ගොඩක් වයසට ගිය ලෙඩ පෙනුමක් . ඔය පොලිසිය අල්ලාගත්තේ ලොහාන් රත්වත්තේ මද ? නැත්නම් වෙන ලෙඩෙක්වද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site