IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලසන්ත ඝාතනයේ විස්තර ගන්න මගක් කියයි

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධ විමර්ශන පවත්වන රහස් පොලිසිය එවකට ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානීන්ගේ හා ආරක්ෂ්ක ප්‍රධානීන්ගේ දුරකතන විස්තර වාර්තා ලබා ගත හොත් වැදගත් තොරතුරු සොයා ගත හැකි වනු ඇතැයි යුද හමුදාවේ හිටප්‍ර ප්‍රධානියෙක් කියයි.

වික්‍රමතුංග මහතාගේ ඝාතනයට මිනිත්තු 15කට පමණ පෙර ඔහු ඝාතනය කළ බවට එහි ප්‍රධානියකුට  ඇමතුමක් ලැබී ඇති බවත්, එම ඇමතුම ලැබී ඇත්තේ ද තවත් ජ්‍යෙෂ්ඨයකුගෙන් බවත් ඔහු පවසයි.

වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය පසුගිය දා සැකකරුවන් දෙදෙනකුගේ  යැයි කියන චිත්‍ර දෙනන් මාධ්‍යයට නිකුත් කළේය.

2009 ජනවාරි 08 වැනි දා ඔහු ඝාතනයට ලක් වූයේ කොළඹ අධි ආරක්ෂිත කලාපයේදී ය. මේ වන තෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත.



අදහස් (0)

ලසන්ත ඝාතනයේ විස්තර ගන්න මගක් කියයි

සුසන්ත Friday, 19 February 2016 04:30 PM

ඔය වගේම රෝහණ කුමාර වගේ අයගේ ඝාතන ගැනත් හෙවුවොත් නරකද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 19 February 2016 04:42 PM

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඇත්ත පෙන්වන්න ගිහින් අකාලයේ මියගිය එක ගැන මට දුකයි. (නි)

:       0       0

නිශාර්ඩ් ප්රීනා Friday, 19 February 2016 09:51 AM

අවුරුදු අටකට කලින් දැකපු අයගේ රුපය දැන් හොඳටම වෙනස් වෙලා/කරගෙන තියෙන්ටත් පුළුවන්. හිසකෙස් නැවත පැල කිරීම සහ ප්ලාස්ටික් සැත්කම් වගේ දේවල් වලින්. (ර)

:       0       0

බමුණු ආරච්චි Friday, 19 February 2016 04:47 PM

මේ අවුරුදු හතරටවත් රටට වැඩක් කරන්න හිතන්න, විකාර නැතුව (නි)

:       0       0

ඔෂාන් Saturday, 20 February 2016 03:22 AM

වෙන ක්‍රමයක් නැද්ද?

:       0       0

බණ්ඩාර Saturday, 20 February 2016 11:23 AM

මේ ඝාතනය නිවැරදිව සොයන්න. දැන් සැකකරුවෝ මේ බව දැන තිබේ. හැකි ඉක්මනින් කටයුතු කරන්න (නි)

:       0       0

ටිකිරි Saturday, 20 February 2016 12:03 PM

වැළලුනු රහසක් එළිවන ලකුණු. යහපාලනයට ජයවේවා! (නි)

:       0       0

සනත් Saturday, 20 February 2016 02:30 PM

අපිට නම් ගොඩක් දේවල් තේරෙනවා (නි)

:       0       0

පරාක්‍රම Saturday, 20 February 2016 02:52 PM

බමුණුආරච්චි මහත්මයෝ, මට නම් කියන්න තියෙන්නේ යටගැහිලා තියෙන අපරාධ ගැන පරීක්ෂණ පොලිසිය සහ අදාළ අංශ කරයි නේද කියායි. යුක්තිය පසිඳලන එක අධිකරණය කරයි නේද? ආණ්ඩුවේ කටයුතු ආණ්ඩුව කරයි නේද? මොනවා වුණත් සත්‍ය එළිදරව් වෙනවාට බයවෙන්න ඕනෑ වැරදි වලට සම්බන්ධ අය නේද? (නි)

:       0       0

මොහාන් Saturday, 20 February 2016 03:49 PM

ඔච්චර වදවෙන්න ඕනෑ නැහැ. අහවලාගෙන් ඇහුවා නම් කියයි. (නි)

:       0       0

කමල් Saturday, 20 February 2016 05:47 AM

තමන්ගේ පැවැත්මට මෙම අපරාධ කළ අය තවම නිදැල්ලේ මෙය පමණක් නොව රටේ සියලු අපරාධ වලට වගකිවයුතු සියල්ලටම දැඩි දඩුවම්දිය යුතුයි (අ)

:       0       0

අසෝක Saturday, 20 February 2016 06:19 AM

මේ සිද්ධියේදීත් අහිංසකයෝ දෙන්නෙක් හිරේ ළගින්න වෙයිද දන්නේ නෑ.(හේ)

:       0       0

ප්‍රනාන්දු Saturday, 20 February 2016 09:48 PM

යහපාලනය 5 අවුරුද්දෙම හොරු, මිනීමරුවෝ අල්ලයි. මහාමාර්ග පද්ධතිය, වාරිමාර්ග පද්ධතියක් වී දැකගැනීමට ලැබේවි 5 අවුරුද්ද ඇතුළතදී. දැනට ජනසතු ආයතනද පුද්ගලීකරණය වී තිබේවි. ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොලනියක් වීමටද ඉඩ ඇත. (නි)

:       0       0

සමන් Friday, 19 February 2016 11:43 AM

නියම සැකකරු අල්ලනු .. (ම)

:       0       0

චින්තක Friday, 19 February 2016 10:32 PM

නිශාඩ් කියන දේ හරියටම හරි (නි)

:       0       0

අමරතුංග Friday, 19 February 2016 11:52 AM

මේවා ජාතික අපරාද නිතිය ඉටුකරනු ..(ම)

:       0       0

අල්විස් Friday, 19 February 2016 11:56 AM

මාධ්‍යවේදීයාණනි ඔබගේ මේ අවස්ථාව පැහැර නොහැරුණු නිතිය සුරකිමු ..(ම)

:       0       0

ලක්ෂ්මන් Sunday, 21 February 2016 12:33 AM

මියගිය අයට සාධාරණයක් ඉටුවිය යුතුයි. ලසන්ත එඩිතර මාධ්‍යවේදියෙක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site