IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ලොව ලොකුම බොදු කොඩිය මහනුවරින්

බෞද්ධ කොඩියට වසර 127 ක් සපිරීම වෙනුවෙන් මහනුවර බොක්කාවල වෑවල ශ‍්‍රී ඉසිපතනාරාම විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය ඇතුළු සංවිධාන එක්ව නිර්මාණය කළ ලෝකයේ විශාලතම බෞද්ධ කොඩිය මැයි දෙවැනි දා සිට මහජන  ප‍්‍රදර්ශණය සඳහා නිරාවරණය කෙරේ අඩි 200 ක් දිග සහ  අඩි 100 ක් උස මෙම කොඩිය මෙතෙක් ලෝකයේ විශාලතම කොඩිය බව ද ඔවුහූ ප‍්‍රකාශ කරති . තරුණ බෞද්ධ සංගමය සමඟ සුජාතා කුළගන සමිතිය ශ‍්‍රී ගුණරතන දහම් පාසල සහ විහාරස්ථ දායක සභාව මෙම කාර්යය සඳහා උර දී සිටී . වෑවල ශ‍්‍රී ඉසිපතනාරාමාධිපති සහ බටගල්ල ධම්මරතන පරිවෙනාධිපති කන්දේකුඹුරේ පඤ්ඤාකීර්ති හිමියන්ගේ උපදෙස් හා අලවතුගිරිගම පඤ්ඤාසීහ හිමියන්ගේ උපදෙස් මත මෙම බෞද්ධ කොඩිය නිර්මාණය වී තිබේ .



අදහස් (0)

ලොව ලොකුම බොදු කොඩිය මහනුවරින්

අසන්ක Tuesday, 01 May 2012 07:40 PM

මේවාට වැඩිපුර වියදම් කරන මුදල් බඩගින්නේ සිටින පවුල් වලට දුන්න නම් නේද හොද?

:       0       0

කේ.කේ. Tuesday, 01 May 2012 08:33 PM

බුදු සසුන බැබළේවා!

:       0       0

ජයලත් Tuesday, 01 May 2012 10:26 PM

මේක හොද වැඩක්

:       0       0

සඳුන් ජයතිස්ස Thursday, 03 May 2012 08:35 PM

ඉහත අදහස් දැක්වූ සමහරෙක් නොදන්නවා වූවාට මෙයත් ඔබ පවසනවා සේ හිසට සෙවනක් ලබාදීමේ අදහස පෙරදැඩි කරගත් මහත් වූ සත්කාරයකි.මන්ද යත් මෙයින් ඉපැයෙන සියලු මුදල් යෙදවෙන්නේ රටේ මතු අනාගතය බාර ගැනීම සදහා අද අධ්‍යාපනයේ යෙදෙන දහම්පාසල් දරුවනට නිදහසේ බාදාවකින් තොරව තම අධ්‍යාපනය කරගෙන යාම සදහා දහම්පාසල් ගොඩනැගිල්ලක් සැදීමටයි.එම නිසා මෙය ඔබ පවසනවා සේ හුදු පුහු කාර්‍යයක් පමණක්ම නොවෙයි.යමක් පැවසීමේදී ඒ පිළිබදව මනාව සොයාබලා අදහස් දැක්විම නුවනට හුරුය.එසේ නොකොට හිතට එන මොනවා හෝ ප්‍රකාශ කිරීම අනුවණයන්ගේ ක්‍රියාවකි.මේ වෙසඟේදී වත් අනුන් කරන දේ විවේචනය කර කර නොසිට තමන්ගේත් ලෝක සත්වයාගේත් හිතසුව පිණිස ක්‍රියාකරන්නේනම් වඩා වැදගත්ය. තෙරුවන් සරණයි....(ස)

:       0       0

සඳුන් ජයතිස්ස Thursday, 03 May 2012 08:38 PM

මේ සදහා වැයවන මුළු මුදල ලක්ශ 32ක් හෝ 52ක් හෝ නොව ලක්ෂ 17කි.

:       0       0

නිශ්ශංක Wednesday, 02 May 2012 08:01 AM

ලොකුම කොඩිය හදලා විතරක් මදි. සිංහලයාව රැක ගන්නත් ඕනේ

:       0       0

සමන් Wednesday, 02 May 2012 08:56 AM

මේවා හොද වැඩ. ඒත් මේවට යන සල්ලි අපරාදේ. ඒවාලින් නැති බැරි අයට උදවු කළා නම් නේද හොද?

:       0       0

මකරා >>> Wednesday, 02 May 2012 09:13 AM

කොඩිය ලොකුවට ති බුනම විතරක් ඇතිද තව පන්සලක ගිනස් පොතට දාන්න බෞද්ධ කොඩියක් LED වලින් හදන්න යනවලු. ජයග්ග්‍රහී පන්සලට තෙරුවන් ගෙම පිහිට පතමි. මේවා ගැන ලියන්න පුළුවන් පළකරන්නේ නැහැනේ

:       0       0

සමන් Thursday, 03 May 2012 09:52 AM

ඕක තමයි නිකන් සල්ලි වියදම් කරන්න එපා කියන්නේ . මැයි 02 විවෘත්ත කරන්න තිබුණ කොඩ්ය කඩාගෙන වැටුනා . 4 ක් රෝහලේ (ස)

:       0       0

දයා-saudi Wednesday, 02 May 2012 10:27 AM

මීට වැයවුනු මුදලින් අසරණයෙක්ට හිසට වහළක් හදලා දෙන්න පුළුවන් වුනා නම්... අබ්බගාතයොත් කොච්චර ඉන්නවද අපේ රටේ...

:       0       0

ශ්‍රී ලාංකිකයෙක් Wednesday, 02 May 2012 12:20 PM

මගේ නම් අදහස මේකට ලක්ශ 32ක් හරි 52ක් හරි යනවා. කාට හරි ගෙයක් හදලා දුන්නා නම් හරි හොදයි

:       0       0

සමීර Tuesday, 01 May 2012 03:56 PM

අගයකල යුතු වැඩක්‌

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්





අම්බලන්ගොඩ ආණ්ඩුව විපක්ෂය සම වේ
2025 මැයි මස 06 2386 0

ජාතික ජනබලවේගය අම්බලන්ගොඩ නගර සභාවේ සභික ධුර 22 න් 11 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.


හම්බන්තොට නගර සභාවේ සභික ධුර 8 ක් මාලිමාවට
2025 මැයි මස 06 2084 0

ජාතික ජනබලවේගය හම්බන්තොට නගර සභාවේ සභික ධුර 21 න් 8 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 824 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1254 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site