IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ලංවීමේ අලාභය කෝටි 4923 ක්

රංජන් කස්තුරි
 
ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත් 2017 වසරේදී රුපියල් කෝටි 4923 ක විශාල අලාභයක් වාර්තාකර ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
 
ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත් 2016 වසරේදී වාර්තා කළ රුපියල් කෝටි 1449ක අලාභයට සාපේක්ෂව මෙවර අලාභය සියයට 240 ක වැඩිවීමක්  මුදල් අමාත්‍යංශය නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වේ.
 
ලංකා විදුලිබල මණ්ඩලයේ අලාභය මෙලෙස ඉහළ යෑමට හේතු වී ඇත්තේ එහි මෙහෙයුම් පිරිවැය ඉහළ යැම නිසා බවද 2017 වසරේදී මණ්ඩලයේ මෙහෙයුම් පිරිවැය රුපියල් කෝටි 27296 දක්වා වැඩි වී තිබෙන බවද එහි සඳහන් වේ.



අදහස් (22)

ලංවීමේ අලාභය කෝටි 4923 ක්

sanjeeva Saturday, 30 June 2018 04:15 AM

පළමුවෙන්ම බලන්න ඔතන වැඩ කරන පිරිස්බලය කොච්චරද, ඒ අයගෙන් කීදෙනෙක් දේශපාලන පත්වීම්ද, අතිරික්ත සේවක පිරිස කීදෙනෙක්ද කියලා. විදුලි, දුම්රිය, ලංගම, වරාය, වතුර, තෙල්, තැපැල් කියන්නේ තනිකරම දේශපාලකයන්ගේ සෙල්ලම් පිට්ටනි වගේ තැන්.

:       103       1116

RaveendraSaturday, 30 June 2018 06:32 AM

සංජීව මයා වෙත, ඔබගේ අදහස් නිවැරදි වුණත් අපට, අමුතුවෙන් මෙවන් අායතන ගැන කතා කිරීම විහිළුවකි. මොකද මොන පාඨකයෙක් බලයට ආවත් සිද්ද වන්නේ මෙවන් නිවට වැඩ හැර අන් කිසිදු දියුණුවක් නොපෙනේ. තම තමන්ගේ නිවට බලය, මූසල පාට හා තමාගේ බඩගෝස්තරය වැඩිකර ගැනීම පිළිබඳව ඇති උනන්දුව හැර රටේ දියුණුව මේ අයට අදාළ නැත.

:       28       132

JCN Saturday, 30 June 2018 04:48 AM

ලංකාව දියුණු කරන්න බැරි රටක් කියලා ප්‍රොෙෆසර් කෙනෙක් කිව්වා මතක කට්ටිය පුළුපුළුවන් විදිහට වෙන රටකට පැනගන්න විදිහක් හොයාගන්න. මේක තව අවුරුදු කීපයකින් ඉතියෝපියාවක් වෙනවා සත්තයි.

:       233       526

Raveendra Saturday, 30 June 2018 04:55 AM

අනේ අපරාදේ සාමාන්‍ය ජනතාව වන "අපිට නොමිලේ විදුලිය" දෙන නිසා නේද මෙසේ පාඩු ලබන්නේ...?

:       24       160

Mahee Saturday, 30 June 2018 04:59 AM

විගණකාධිපති පෙන්වා දී තිබුණා කිසිම රජයේ ආයතනයක මූල්‍ය පාලනය කාර්යක්ෂම නැති බව. දේශපාලන ඇඟිලි ගැසීම්, අතිරික්ත සේවකයින්, නාස්තිය කෙළවරක් නැති බව නොදන්නේ කවුද? ලාභ උපයන විට ඊට දායක වූ සේවක මණ්ඩලයට බෝනස් දිය යුතු වුණත් පාඩු ලබද්දී පාඩුවට දායක වුණු සේවකයින්ට බෝනස් දෙන එකම රට ලංකාව වෙන්න ඇති.

:       13       84

d.upul Saturday, 30 June 2018 05:01 AM

අතිවිශිෂ්ටයි! අපිට ගිනස් වාර්තා තියන්න පුළුවන්. අනේ ඔය ටයි කෝට් අඳින උගත් මහත්තුරුන්ට කිසිම ලැජ්ජාවක් නැති හැටි? ඔය පාඩු ලබන ආයතන හොඳට කරගෙන යයි "ළමයෙකුට" දුන්නනම්.

:       33       61

sas Saturday, 30 June 2018 05:06 AM

ලංකා විදුලිබල මණ්ඩලය විනාශ කරන්නේ ඒකෙ ඉන්න ඉංජිනේරුවෝ තමයි. විදුලිබල මණ්ඩලය තුළ කිසිම පරිපාලන වෙනසක් කරන්න දෙන්නේ නැත්තේ ඔය මිනිස්සු තමයි.

:       32       421

සතයපාල Saturday, 30 June 2018 05:51 AM

ලංකාවේ විදුලිබලය, අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ නොමිලයේ සපයන සේවාවක් නොවන නිසාත් දකුණු ආසියාවේ ඉහළ මිලක් විදුලි ගාස්තු ලෙස අය කරන රටක් විදියට මෙලෙස අධික ලෙස පාඩු ලබන්න හේතුවන කාරණා සොයා බලා එයට පිළියම් කිරිම වෙනුවට හැමදාම පාඩුව ගැන සඳහන් කරමින් අඳෝනා නැගීම පමණද ආණ්ඩුවකට කළ හැක්කේ?

:       27       337

lahiru Saturday, 30 June 2018 06:34 AM

ඉස්සෙල්ලම ඇමතිගේ, සභාපතිලගේ, ලේකම්ලාගේ ගිණුම් ටික බලන්න. ඔය සල්ලි වලින් භාගයක් ඇති.

:       13       568

Ravi Dubai Saturday, 30 June 2018 06:51 AM

අනේ මෙහෙමත් රටක්. මොන ආණ්ඩුවක් ආවත් හැම කම්පැනියක්ම පාඩු ලබනවා. ශ්‍රී ලන්කන්, විදුලි බලමණ්ඩලය, ලංගම තව කොච්චර තියෙනවද මේ වගේ...

:       7       10

රවින් Saturday, 30 June 2018 07:13 AM

ලාබ ලබන හැටි ඊයේ, පෙරේදා ප්‍රවෘත්තියක් හැටියට තිබුණේ. අඩුම ටෙන්ඩරේ දාපු ලාංකීය/ජර්මානු සම්භවයක් ඇති ආයතනය වෙනුවට වැඩි මිලක් ඉදිරිපත් කල සමාගමකට දෙන්න යනවා කියලා. ඔය ආයතනයේ මිලදී ගැනීම් වලින් සාක්කු පුරවාගන්න උදවිය ලොකු පුටුවල ඉන්නකම් සියලුම විදුලි පාරිභෝගිකයින්ට අපල කාලය ඉවරවෙන එකක් නැහැ. පගා කරයින් ටික ගාලුමුවදොර පිට්ටනියට ගෙනිහිල්ලා සියලුම විදුලි පරිභෝගිකයින් පොඩි ගල් වලින් ගහලා මරා දානකම් පාරිභෝගික සහනයක් නම් ලැබෙන්නේ නැහැ.

:       16       32

Appusaami Saturday, 30 June 2018 08:00 AM

විදුලි මණ්ඩලය වසා දැම්මා නම් ලාභදායකයි. අපි කුප්පි ලාම්පුවෙන් වැඩ කරගන්නම්.

:       12       44

SRIYAL Saturday, 30 June 2018 08:14 AM

ඕකෙ ලීක් එකක් ඇති නේද ලොකුවටම... ඒක බලන්න ළමයෙකුට දුන්නා නම් හරියයි.

:       0       7

Sanath Saturday, 30 June 2018 08:20 AM

විදුලියේ නිෂ්පාදන වියදමේ සාමාන්‍ය අගය රුපියල් 25ක් විතර.. කළමනාකරණ වියදම රුපියල් 5ක් දැම්මොත් ඒකකයක් පාඩුවක් හෝ ලාභයක් නැතුව රුපියල් 30 කට දෙන්න වෙනවා. නමුත් දැන් ගෘහස්ථ පාරිභෝගිකයන් 90% කට ඒකකයක් දෙන්නේ රුපියල් 10 ට අඩුවෙන්.... හෝටල්, කර්මාන්ත ශාලා, පන්සල්, පල්ලිවලට දෙන්නේ රුපියල් 15 ට විතර. ඉතින් කොහොමද පාඩු නොවෙන්නේ?

:       135       34

සුරංග Saturday, 30 June 2018 08:54 AM

විදුලිබල මණ්ලඩය පාඩු ලබන එක හේතුවක් තමයි අනෙක් රජයේ සේවකයින්ට සාපේක්ෂව ගෙවන ඉහළ වැටුප් හා දීමනා.. එකම සුදුසකම ඇති දෙදෙනකුගෙන් අයකු මෙම මණ්ඩලයටත්, තවත් අයකු වෙනත් රජයේ ආයනයකට ගියොත් පඩි වල වෙනස බලන්න. අනික දුම්රිය, විදුලිය, ජලය වැනි ආයතනවල සේවකයෝ හිතා ගෙන ඉන්නේ ඒ අයගේ බූදලයක් කියලා තමුන්ගේ දරුවොත් දාගන්නවා.

:       17       346

Buddika Saturday, 30 June 2018 10:09 AM

ඔරොත්තු නොදෙන පිරිස් බලය මේ ආයතනයට දරාගන්න බෑ.... ඒ අයගෙනුත් වැඩි පිරිසක් වැඩ නොකරන දේශපාලන පත්වීම්. වෘත්තීය සමිති අනවශ්‍ය ලෙස මැදිහත් වීමක් හේතුව.... මේ තරම් අලාභ වෙද්දිත් සේවකයන්ට බෝනසුත් දෙනවා....

:       0       0

Buddika Saturday, 30 June 2018 10:09 AM

ඔරොත්තු නොදෙන පිරිස් බලය මේ ආයතනයට දරාගන්න බැහැ. එයිනුත් වැඩි පිරිසක් වැඩක් නොකරන දේශපාලන පත්වීම්... වෘත්තීය සමිත් අනවශ්‍ය ලෙස මැදිහත් වීමත් හේතුවක්. මේ තරම් අලාභ වෙද්දිත් සේවකයින්ට බෝනසුත් දෙනවා. මේ ආයතනය ප්‍රතිව්‍යුහගත කළ යුතුමයි.

:       0       1

Lalith Saturday, 30 June 2018 11:06 AM

මොන පාඩු ලැබුවත් බෝනස් දෙනවා නේද?

:       0       5

Ranjan Saturday, 30 June 2018 06:16 PM

ලක්ෂ 62 පින්වතුනි, ඔන්න තවත් යහපාලන ප්‍රතිඵලයක්. විදුලි බිල වැඩි වීම ඇත ලඟ. ඔබට සතුටුයි නේද දැන්?

:       1       2

Sanath Saturday, 30 June 2018 08:25 PM

විදුලි ඉංජිනේරුවෙකුගේ වැටුප මාසෙකට ලක්ෂ 4 ක් කියන්නේ ඇත්තද?

:       0       3

rocky Sunday, 01 July 2018 02:14 AM

ලංවීම වේගයෙන් ඈත්වීමක් බවයි පෙනෙන්නේ. රටේ ජනතාවට පවු දෙන්නේ නැතුව ඕක වහලා, ඕක භාර ගරු ඇමති උන්නැහේ සහ ඕකේ අධ්‍යක්ෂක මණ්ඩලය ජාතිද්‍රෝහීන් හැටියට දඬුවම් කරලා හිරේ දාන්න. අපේ ඉහ මොළ හිටන් හූරාගන කනවනේ!

:       0       0

Sunil Sunday, 01 July 2018 03:35 AM

මෙහෙම නලවල නම් මේව ගොඩගන්න බැහැ. කොච්චර පාඩු වුනත් බෝනස් නුදුන්නොත් වර්ජනය කරනව. හොඳ නමක් තියෙන විදේශ සමගමකට දුන්නා නම් කලමනාකරණය.. මේක ගොඩදායි "එමිරේට්ස්" අපේ එයාර් ලයින් එක ගොඩ දැම්ම වගේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගමේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට
2025 මැයි මස 09 57 0

අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග


තරුණ තරුණියෝ දාහක් වාරියපොළට රොක් වෙති
2025 මැයි මස 09 126 0

ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ


කොළඹ පුරපති පුටුවට ලොක්කෙකුගෙන් කැපිල්ලක්
2025 මැයි මස 09 1280 0

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප


චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 1841 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 855 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 2482 2

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 56 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1306 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site