
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ ලැබු අති විශාල ලාභය හැකි ඉක්මණින් විදුලි පාරිභෝගිකයින් වෙත බෙදාහැරිය යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා අද (7) පැවසීය.
ජනක රත්නායක මහතා කොළඹදී අද (7) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
විදුලි පාරිභෝගිකයින් මත අසාධාරණ බර පැටවීමෙන් විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ අවසාන කාර්තුවේදී රුපියල් කෝටි 5000කට අධික ලාභයක් ලැබූ බවත් විදුලි බල පනතේ 30 වැනි වගන්තියට පටහැනිව අනුමත කළ අනීතික ගාස්තු වැඩිකිරීමක් හරහා එම ලාභය ලැබූ බවත් රත්නායක මහතා කීය.
ලංකා විදුලිබල මණ්ඩලය අසාධාරණ ලෙස උපයාගත් කෝටි 5000 විදුලි පාරිභෝගිකයින්ට වාහාම බෙදාදිය යුතු බව කී ජනක රත්නායක මහතා පැවසුවේ ඉදිරි ගාස්තු සංශෝධනයකදි සියයට 50කින් ගාස්තු අඩුකරන බවට කරන ප්‍රකාශ විදුලි පාරිභෝගිකයා නොමග යැවීමක් බව ද සඳහන් කළේය.
ඉදිරි ගාස්තු සංශෝධනය කළ යුත්තේ ඉදිරියේ පැවතිය හැකි විදුලි ඉල්ලුම, සැපයුම සහ වියදම් ඇස්තමේන්තු මත විදුලිබල පනතේ 30 වන වගන්තියෙන් පැහැදිලිව දක්වා තිබෙනවා විදුලි ගාස්තු සංශෝධකනය කළ යුතු ආකාරයට අනුව බව කී ඒ මහතා සඳහන් කළේ විදුලිය සැපයීම සඳහා සාධාරණ වියදම සපයා ගැනීමට පමණක් බවත්ය.
ශ්‍රී ලංකා මහජන කොමිෂන් සභාව පසුගිය වසරේ කළ වැරැද්ද නිවැරැදි කිරීම සඳහා පලමුවෙන්ම වාහාම මණ්ඩලය ලැබූ අධික ලාභය විදුලි පාරිභෝගිකයා අතර සාධාරණ ලෙස බෙදිය යුතු බවත් ඉදිරි ගාස්තු සංශෝධන නිවැරැදිව කිරීමට නම් ස්වාධීනව ක්‍රියාකරන, විදුලිබල කර්මාන්තය පිළිබද දැනුම ඇති වෘත්තිකයින් කොමිෂන් සභාවට පත් කළ යුතු බවත් ඒ මහතා කීය.
වර්තමානයේ ක්‍රියාත්මක විදුලිබල පනත ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතත්, ශ්‍රී ලංකා විදුලිබල පනතත් පාරිභෝගික ආරක්ෂාව සහ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ශක්තිමත් ප්‍රතිපාදන සහිත පනත් දෙකක් බව කී ජනක රත්නායක මහතා යෝජිත පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ විදුලිබල කර්මාන්තය, නියාමනය හා පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද අබමල් රේණුවක දැනුමක් ඇති පිරිසක් නොවන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලංවිම අනීතිතව ලැබූ ලාභය වාහාම බෙදන්න
සරත් Sunday, 07 January 2024 09:37 PM
අපි ලයිට් බිල ගෙවාගන්න කන කර උගස් තියනවා. මේ බල්ලෝ බිලියන ගණන් ලාබ ලබනවා. තොපි අපේ සල්ලි අනීතිකව අරගෙන... මුන්ට හොදක් වෙන්නේ නෑ....දෙස්පාලුවෝ ඇස් කන් පියාගෙන ඉන්නවා...
abeygunasekarasampath95 Sunday, 07 January 2024 10:54 PM
අනාගත ජනාධිපතිලා මේ පාර ඔක්කොම එක වගේ
Pradeep Kumara Monday, 08 January 2024 11:23 AM
ඒ ලාභය බෙදලා දෙන්න උවමනා නෑ. ඒක කොහොමවත් වෙන්නෙ නැති වැඩක් නේ. ලබන මාසේ ඉදලා වත් විදුලි බිල අඩුකරලා දෙන්න. ඒ ඇති.
saman Monday, 08 January 2024 01:52 PM
රජයේ බැංකු ලාබ ලබනකොට ඒකෙනුත් කොටසක් ඉල්ලගන්න.මේ මනුස්සයා රටේ බලශක්ති ක්ෂේත්‍රය විනාස කරන්න දාපු විදෙස් පිල්ලියක්