IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ලොවපුරා කොරෝනා මරණ ලක්ෂ හත ඉක්මවයි

රොයිටර් පුවත් සේවය විසින් සිදුකළ ගනණය කිරීම් වලට අනුව ලොව පුරා කොරෝනා  මරණ සංඛ්‍යාව 700,000 ඉක්මවා ඇතැයි වාර්තා වේ.

ඔවුන් පවසන්නේ සෑම පැය 24 කට වරක්ම මිනිසුන් 5,900ක් පමණ කොරෝනා රෝගයෙන් මියයන බවයි.

ඒ අනුව පැයකටම පුද්ගයින් 247ක් මියයන අතර තත්පර පහකට වරක් එක් පුද්ගලයෙකු මියයයි.

ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝව මරණ සංඛ්‍යාව සම්බන්ධව ඉදිරියෙන්ම සිටින රටවල් වෙයි.

වැඩිම මරණ සංඛ්‍යාව වන 155,000ක් ඇමරිකාවෙන් වාර්තා වුවද ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසන්නේ මේ වනවිට වයිරසය පාලනය කළහැකි තත්ත්වයට පත්ව ඇති බවයි.

වයිරසය මැඩපැවැත්වූ බවට සඳහන්වුණු සමහර රටවල් මෑතකදී නැවතත් රෝගීන් වැඩිවීමට පටන්ගෙන ඇති බවද රොයිටර් වාර්තා පෙන්වා දෙයි.

ඕස්ට්‍රේලියාව, ජපානය, හොංකොං, බොලිවියාව, සුඩානය, ඉතියෝපියාව, බල්ගේරියාව, බෙල්ජියම, උස්බැකිස්ථානය සහ ඊශ්‍රායලය එලෙස වාර්තාගත ලෙස රෝගීන් ඉහළ ගිය රටවල් වේ.

ඕස්ට්‍රේලියාව ද අද (05) වාර්තාගත ලෙස මරණ 247ක් වාර්තා කළේය. 

බ්‍රසීලයේ වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වුවද ජනපති ජයාර් බොල්සනාරෝ වසංගතයේ බරපතල කම සම්බන්දව තැකීමක් නොකරන අතර අගුලු දැමීමේ ක්‍රියාමාර්ග වලට ද විරුද්ධව කටයුතු කරයි.

මිලියන 640ක පමණ ජනතාවක් වෙසෙන ලතින් ඇමරිකාවේ දැඩි දරිද්‍රතාවය හා ජනාකීර්ණ බව හේතුවෙන් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ.

එයින් මිලියන 100කට අධික ජනතාවක් මුඩුක්කු වල වාසය කරන බවද රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

ලොවපුරා කොරෝනා මරණ ලක්ෂ හත ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14154 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11123 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site