IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලලිත් සහ කූගන් නඩුවට සාක්කි දෙන්න ගෝඨා සූදානම්

(මනෝප්‍රිය ගුණසේකර)

මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත් සහ කුගන් නමැත්තන් මීට වසර 14කට පෙර අතුරුදන් වීම සම්බන්ධයෙන් පවරා ඇති හබයාස් කෝපුස් පෙත්සම් වලට අදාළව සාක්කිදීමට සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (30) දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළව ගොනු කර ඇති අභියාචනා පෙත්සම් කැඳවූ අවස්ථාවේදී ඒ බව දැනුම් දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ආරක්ෂක හේතූන් මත තම සේවාදායකයාට යාපනය අධිකරණයේ සාක්කි දීමට අපහසු බවත් කොළඹ ප්‍රදේශයේ අධිකරණයකදී සාක්කි දීමට තම සේවාදායකයා සූදානම් බවත් වැඩිදුරටත් දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් නමැත්තන් 2011 දෙසැම්බර් 09 වැනිදා යාපනය ප්‍රදේශයේදී අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් පවරා ඇති නඩුවලට අදාළව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩු වලට අදාළව සාක්කි දීමට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් 2019 වසරේදී ආරක්ෂක ලේකම්වරයා වශයෙන් එවක කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට සිතාසි නිකුත් කර තිබුණත් ඊට එරෙහිව ඔහු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ සිතාසිය බලරහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කෙරිණී.

 



අදහස් (2)

ලලිත් සහ කූගන් නඩුවට සාක්කි දෙන්න ගෝඨා සූදානම්

Chathuri Wednesday, 30 July 2025 09:47 PM

දැන්. කියයි මගෙ සේවා දායකයා නිර්දොශයි කියලා. මර්වින් සිල්වා. ඔහු කියනවානෙ. ගෝටාගේසේරම හොරකම් මිනිමැරුම් එයා දන්නවා. ඕනමදේකට. සාක්ශිදෙන්න එනවා කියලා. ඔහුවත් මේ නඩුවේ සාක්කිකාරයෙක් වශයෙන් බදවා ගන්න. අය්යලා මල්ලිලා බේබිලා. වැන්දබුවෝ. මේ සේරටම නඩු තියෙනවා

:       0       1

අරවින්ද මොණරවිල Thursday, 31 July 2025 09:54 AM

අනිත් නඩු වලටත් ඔය වගේම ඇවිල්ලා මුහුණ දෙන්න පුරුදු වෙන්න සෑර්........

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site