IMG-LOGO

ලලිත් වීරතුංග - අනුෂ පැල්පිට වැරදිකරුවෝ වෙති

(මනෝප්‍රිය ගුණසේකර)

පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනා වැරදිකරුවන් බව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(7) තීරණය කළේය.

ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක කරන දඬුවම් සම්බන්ධයෙන් තවත් සුළු මොහොතකින් තීරණයක් දීමට නියමිතය.



අදහස් (13)

ලලිත් වීරතුංග - අනුෂ පැල්පිට වැරදිකරුවෝ වෙති

nila Thursday, 07 September 2017 06:19 AM

ඕඩර් දීපු අයට මොනත් නැද්ද?

:       9       83

Chandana - Australia Thursday, 07 September 2017 06:33 AM

මෙයාල වගේ උගත් රජයේ නිලධාරීන් දේශපාලකන්ට අවශ්‍ය විදිහට මෙවැනි වැරදි කරන එක ඉතා වැරදියි.

:       4       78

Salinda Thursday, 07 September 2017 06:47 AM

මේ නඩුවෙදි සාමාන්‍ය සිහි බුද්ධියක් තියෙන ඕනම කෙනෙක්ට දෙන්න තිබුනු තීන්දුව තමයි ඔය ලැබිලා තියෙන්නෙ. එහෙම නැතුව විදුලි සංදේශ නියාමනයට වෙන්කල මුදල් සිල් රෙදි බෙදීමකට යෙදීම හරි කියල ඔප්පු කරන්න බෑ. මහජනතාවගෙන් වංචා කරපු මේ මිලියන හයසීය (කෝටි හැට ) නැවත ලබාගන්න කටයුතු කරනවනම් තමයි වඩා හොද. රජයේ සෙවකයන්ට මේව හොද පාඩම්. තමන්ට ලැබෙන වරප්‍රසාද වලට දේශපාලකයන් කියන හැමදේම හොයල බලන්නෙ නැතුව කරනවට.

:       3       200

daham Thursday, 07 September 2017 06:50 AM

ඡන්දයක් තියන්නකෝ

:       360       24

ජගත් ලියනගේ Thursday, 07 September 2017 07:04 AM

නියමයි , නියමයි.

:       706       1167

athuraThursday, 07 September 2017 07:34 AM

කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරලා තියන විදිහට පෙන්නේ අපේ මිනිස්සු හොරු අල්ලනවට කැමති නැහැ වගේ.

:       29       96

ජගත් Thursday, 07 September 2017 07:09 AM

ඔවුන්ගේ පෞෙද්ගලික දේපළ වලින් ගෙවන්න කියන්න තියෙන්නේ......

:       0       0

Nalin Thursday, 07 September 2017 07:42 AM

මේ අයට මේවා කරන්න සිද්ධ උනේ කාගේ උවමනාවටද? මෙයාල නිකම් රුකඩ විතරයිනේ ඒ අය ළඟ .

:       2       67

Nandalal DE SILVA - France Thursday, 07 September 2017 07:55 AM

දඬුවම් දීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පිල්ලි ගහපු අති විශාල මුදල් සම්භාරයත් රජයේ භාණ්ඩාගාරයට ආපසු ගෙන්වා ගැනීමටත් ක්‍රමයක් සලසා ගත යුතු වෙනවා. රටේ සංවර්ධනයට මෙය විශාල පිටුවහලක් වෙනු ඇත ....

:       1       110

rohana Friday, 08 September 2017 03:04 AM

දේශපාලකයන් බළල්ලු ලවා කොස් ඇට බවාගන්න ගියහම වෙච්ච දේ අහෝ !

:       6       1

sathyayaa Saturday, 09 September 2017 12:22 AM

මේ දෙදෙනා සැබවින්ම මහින්දගේ පාලන කාලය තුළදීත් සිර කරුවන් ලෙසයි කටයුතු කළේ. ඇමති වරුනුත් වහලුන් ලෙසින් පාලකයාට බයේ ජීවත් වූ යුගයක නිලධාරියෙක් පාලකයාට විරුද්ධ වී නම්, සුදු වෑන් ඔවුන් සොයා එනවා එනවා මයි.

:       11       1316

gamini Monday, 11 September 2017 04:05 AM

තව බන්දනාගාර වාට්ටු කියක් හදනවද ?

:       0       0

Janaka Wijekoon Tuesday, 12 September 2017 07:59 AM

සියලුම දෙනා වෙත කාරුණිකව දන්වාසිටිමි. මෙම නඩු තීන්දුව දෙනු ලැබුවේ සිල් රෙදි බෙදීම වැරද්දක් ලෙස සලකා නොවන බව තේරුම් ගත යුතුව ඇත. ජනාධිපතිවරණයක් හෝ ඕනෑම ඡන්දයක් ප්‍රකාශ කර තිබෙන අවස්ථාවක දේශපාලන අධිකාරියේ හෝ පරිපාලන අධිකාරියේ මැදිහත්වීමෙන් භාණ්ඩ හෝ සේවා ලබාදීම නීතිමය වරදකි. සමහර සංඝයාවහන්සේලා උත්සාහ කරන්නේ ජනතාව මේ නීතිය හා සත්‍යය තේරුම් ගැනීම වළක්වාලීමයි. මෙය මහා පාපකර්මයකි. ආපදා තත්වයකදී පමණක් සේවා සැපයීම කළහැකි උවද වෙනත් කිසියම් හෝ හේතුවක් මත මැතිවරණයක් හෝ ඕනෑමඡන්දයක් ප්‍රකාශ කර තිබෙන අවස්ථාවක දේශපාලන අධිකාරියේ හෝ පරිපාලන අධිකාරියේ මැදිහත්වීමෙන් භාන්ඩ හෝ සේවා ලබාදීම නීතිමය වරදක් බව සියලුම දෙනා තේරුම් ගැනීම අනිවාර්ය වගකීමකි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 7 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 347 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 818 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site