IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ලලිත් අනූෂ නඩුවේ අැප ඉල්ලුම 20ට කල් යයි

(නිමන්ති රණසිංහ,මනෝප්‍රිය ගුණසේකර)

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් ලැබ සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු අද(14) කොළඹ මහාධිකරණය හමුවේ ඇප අයදුම් කරමින් අභියාචනයක් ඉදිරිපත් කළහ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් නීතිපතිට හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට ලබන 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.



අදහස් (13)

ලලිත් අනූෂ නඩුවේ අැප ඉල්ලුම 20ට කල් යයි

srimala Thursday, 14 September 2017 05:17 AM

දැන් මේ දෙන්නට ඇප ලැබුනොත් හෝ නිදහස් වුනොත් , අර එකතු කරන රුපියල රුපියල කාටද දෙන්නේ . අනික අභියාචනයක් අයදුම් කරමින් සිටින වෙලාවක ඇයි කලබලෙනේ මහජනතාවගෙන් මුදල් ඉල්ලන්නේ . අනිත් කාරණාව මෙම නඩු තීන්දුව ගැන සමහර උදවිය ප්‍රසිද්දියේ විවේචනය කිරීම උසාවියට කරන අපහාසයක් නොවේද ?

:       149       369

Sunimal - Dambulla Thursday, 14 September 2017 05:49 AM

කාටහරි මේ සිල් රෙදි ගැන සාක්කියක් ඕන නම් මට ලැබුන මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත සිල් රෙදි පැකට්ටුව සහ බිත්ති ඔරලෝසුව තවම මා ළඟ තියෙනවා, මේවා ලැබුනේ පන්සලකින් නොවේ , චන්ද කැම්පේන් කල කට්ටියක් ගෙදරට ඇවිත් දුන්නා , සත්‍යය එයයි.

:       330       449

kanchanaThursday, 14 September 2017 08:54 AM

සුනිමල්ගේ කතාව සම්පුර්ණ ඇත්ත. අපිටත් ලැබුනේ සුනිමල් කියන විදියටමයි .

:       0       109

Rohan Thursday, 14 September 2017 06:30 AM

මේ දෙදෙනා මේ සිල් රෙදි මුදල් වංචාව නොදැන කලා නෙමෙය්.රජා අගමෙති කාලේ ඉදන් මේ අය මහජන මුදල් හොරකම් කලා.හොර ලෙඩ සහතික පෙන්නලා දැන් බන්දනාගාර රෝහලේ ඉන්නේ.මහජනතාවගේ ඇස් වහල මේ කරන හොර පාර නවත්තල බරපතල වැඩ සහිත සිරකුටියට දාන්න.මොකද මේක ලෝක විහිළුවක්.

:       244       450

rohana Thursday, 14 September 2017 07:27 AM

සාමාන්‍ය පුරවැසියෙකුට ඉක්මනින් මේවගේ අැප ගන්න පුලුවන්ද?

:       0       37

indikaThursday, 14 September 2017 08:51 AM

ඇයි සමහරු ඒගොල්ලන්ට සාක්කි දෙන්න ඕනේ නැහැ කියල හිතුණාම එන්න බැහැ කියලත් කියන්නේ!

:       0       0

kasun Thursday, 14 September 2017 08:02 AM

රුපියල් මිලියන 600 ටයම සිල්රෙදි බෙදුවද කියලා කවුද දන්නේ? රටටම බෙදුවහැකි නේ.

:       67       123

jayampathiThursday, 14 September 2017 09:00 AM

ඇයි දන්නේ නැද්ද ? සියලු වියදම් ලෙස සඳහන් වෙලා තියෙන්නේ මිලියන 420. ඉතිරි මිලියන 180 ට වෙච්ච දෙයක් නැ. මේක ගැනත් තව නඩුවක් දැමිය යුතුයි

:       0       78

amila Thursday, 14 September 2017 08:06 AM

මහජන මුදල් රුපියල් මිලියන 600ක් සිලිරෙදි බෙදන්න කිව්වම කියන්න කලින් පැනලා බෙදලා. මෙයාලගෙ පුද්ගලික ධනයෙන් රු.60 ක රෙද්දක් බෙදන්න කියන්නකෝ බලන්න

:       0       95

manel Thursday, 14 September 2017 08:25 AM

දැන් මේ දෙන්නට ඇප ලැබුනොත්, එකතු කරන රුපියල රුපියල කාටද දෙන්නේ

:       0       0

konara Thursday, 14 September 2017 08:33 AM

ලංකාවේ ජනගහනය මිලියන 20 යි. එයින් බෞද්ධ අය 70% ක් පමණ. එයිනුත් ළමයි, තරුණ ඉතා මහළු අය ඇරුනම සිල් ගන්න අය අතලොස්සයි. ඒ සිල් ඇත්තන්ටනේ මේ මිලියන 600 ක රෙදි අපේම මුදලින් බෙදුවයි කියන්නේ. මාර ගනන් රෙද්දක් වෙන්න ඹ්නේ

:       0       0

karunaseena Thursday, 14 September 2017 08:51 AM

සාමාන්‍යයෙන් පෝයදාට මුළු ලංකාවෙම කිදෙනෙක් සිල් ගන්නවද කියලා දත්ත තියෙනවද? ඒ ටික දෙනාටනේ මිලියන 600 රෙදි බෙදලා තියෙන්නේ

:       0       0

Sanath Thursday, 14 September 2017 11:05 AM

මේ අවුරුද්දට ඉස්කෝලේ ළමයි ලක්ෂ 43 කට නිළ ඇඳුම් වලට වියදම ලක්ෂ 24500 යි. සිල් රෙදි වලට 2014 දී ලක්ෂ 6000 ක් වියදම් කරලා තියෙනවා. ඒ අනුව අඩුම වශයෙන් ලක්ෂ 10 කට සිල් රෙදි බෙදන්න ඇති ඒ නිසාම 2015 ජනාධිපතිවරණයේදී චන්ද දායකයින් ලක්ෂ 10 ක් සහ ඔවුන්ගේ සමහර ඥාති මිත්‍රාදියන්ගේ චන්ද වලට බලපෑමක් වෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 46 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2004 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1558 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site