
(අංජුල මහික වීරරත්න)
ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවී දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටේ සැබෑ ප්‍රශ්නය වන ආර්ථික අර්බුදය ගැන කතා නොකර සිල්ලර දේශපාලනය කිරීමෙන් රට තවත් අනතුරට ඇද වැටෙන බවද හිටපු ජනාධිපතිවරයා කීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ කොළඹ ආකේඩ් පරිශ්‍රයේ පැවති තරුණ හමුවකට අද(03) වැනි දා සහභාගී වෙමිනි.
"මේ යන විදියට රට කොහේ යයිද කියලා අපි දන්නේ නෑ. මේ අයට කිසිම පලපුරුද්දක් තිබෙන බවක් පේන්න නෑ. ඒක තමයි ප්‍රශ්නේ.ඉතින් පලපුරුද්දක් නැති අය දාලා කොහෙද යන්නේ.තරුණයන්ගේ අනාගතය ඔවුන්ට භාර දෙන්න පුළුවන්ද, බස් රියක් එලවන රියැදුරුටත් ලයිෂන් එකක් තිබෙනවා. මේ අයට ලයිෂන් එකක් තිබෙනවාද, ඒ නිසා දන්න අය, පලපුරුදු අය පාර්ලිමේන්තුවට එවන ලෙස මා පවසනවා. දැන් කොහොම හරි අප ඉන්නේ පලපුරුදු නැති තැනක. පාර්ලිමේන්තුවත් පලපුරුදු නැති අයගෙන් පුරවන්න යනවාද කියා ප්‍රශ්න කළ යුතුයි. පලපුරුදු නැති අය පාර්ලිමේන්තුවට ගෙනවිත් පුරවන්න කියා ඇතැම් අය කියනවනේ. මේ ඇවිත් ඉන්න පිරිස කවුද, අඩුගානේ දැකලා තියෙනවාද, මේක හරියට සැඟවුන අමුත්තා වගේ" යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඬන්නේ නැතිව පැත්තකට වෙලා ඉන්නවද අංකල්....?
අවුරුදු 47ක් දේශපාලනේ කරලා, පිනට ජනාධිපති වෙච්චි තමුන්ගේ පළපුරුදු කම් ගැන නම් අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මාරුවෙන් මාරුවට බලයේ හිටපු බලලෝභී, බඩගෝස්තරවාදී, කාලකන්නි, දූෂිත දේශපාලුවන් රටට කරපු විනාසේ හොඳටම ඇති...
ඇයි මතක නැද්ද අවුරුදු 75ක් ලයිසන් තිබ්බ සෙට් එකක් එකතුවෙලා 2021 දී රට බංකොලොත් කළා...!
ලයිසන් තිබුණු ඔය අය මෙච්චර කල් මොකද කළේ? ලංකාවේ නිෂ්පාදනයක් කියලා ලෝකයට කියන්න මොනවා හරි තියෙනවාද? අවුරුදු 70 කට වැඩිය ආණ්ඩු මාරු කර කර ඔබ සියලුදෙනා රජ සැප වින්දා, සාමාන්‍ය ජනතාව දවසින් දවස කබලෙන් ලිපට වැටුණා...
මේ කියන්නේ බාර්, පස්, වැලි, ගස්කපන, කැලෑ කපන, එතනෝල් ගෙන්වනවා වගේ ලයිසන් ගැන. බොරුවක් නෙවෙයි, ඒ ලයිසන් තියෙන අය මාලිමාවේ ලැයිස්තුවට නැහැ.
ඕකට උත්තරේ ළඟදිම හරිනි නෝනාගෙන් ලැබේවි, කලින් කියපු මෝඩ කතාවට වගේ කලිසම ගැලවිලාම යන්න.
මෙයාලාට තියෙන සුදුසුකම් නම් ලෝකයේ වෙන කාටවත් නැතිව ඇති... තාමත් ලැජ්ජා නැතිව අර රිය අනතුරින් මැරුණ අහිංසක ළමයින්වත් උදාහරණ වලට අරගෙන දේශපාලනේ කරනවනේ.
දෙපාරක්ම ලයිසන් කැන්සල් කරලා ගෙදර ඇරපු ඔයත් කරේ පස්ස දෙරෙන් ඇවිත් ටෙම්පරියක් කියලා හොඳට මතක තියාගන්න. ඒ ටෙම්පරියත් ෆේල් හින්දා තුන්වෙනිපාරටත් ලයිසන්එක ලයිසන් කරලා ගෙදරම ඇරියේ...
ලයිසන් තිබ්බ අය වසර 76ක්ම රජසැප වින්දා. ලයිසන් නැති අපි වගේ අය, එක බත් කටක් විතරක් කාලා, වතුර කළයක්ම බීලා, හැමදාම හීල්ලුවා...
මහින්ද මහත්තයා, රනිල් මහත්තයා... හොර ලයිසන් කාරයෝ... ඒක නිසා තමයි රටට මෙහෙම වුණේ...
මෙයාගේ පවුලට ලයිසන් තියනවා... ඒත් එයාලානේ රට කෑවේ
ඔය රනිල් අංකල් අපේ රටට කරපු කිසිම දෙයක් නැහැ. හැබැයි එයාගෙ ගජ මිතුරන්ට හිතේ හැටියට හොරකම් කරන්න නං ඉඩ දුන්න.
ලයිසන් තිබ්බ ඔහෙලා අවුරුදු ගානක් කාලා දැම්මා රටට දැන්වත් නැගිටින්න දීලා ගෙදරට වෙලා සතෙක් හදාගෙන ඉන්න මහත්තයෝ
ලැයිසන් තියනවා කියන උං රට ගෙනිහින් තියෙන තැන මදෑ.
ඉතා හොඳයි...!
මේයාලට තියෙන්නේ දැන් තියෙන චෝදනාවල් වලට දඬුවම් ලැබෙයි කියන එකයි.
අපි මේ ලයිෂන් තිබ්බයි කියපු අය කරපු හරිය හිතාගන්ඩ බැරුව ඉන්නවා.
මේ රට පාලනය කරන්නේ තුන්දෙනෙක් එකතු වෙලා.. තොපි හැත්ත බුරුත්ත 225 ක් උපදේශකයෝ 95 ක් ඉඳලා මුළු රටම හොරා කලා බංකොලොත් කළා. ඔයාව දකිනකොට අපේ ඇගේ මාළු නටනවා. ලැජ්ජයි...
අර ගීතාට, ඩයනාට තිබුනේ මොන ලයිසන්ද සීයේ?
ඔබ මුලින්ම පාර්ලිමේන්තුවට එන විට license තිබුණද?
ඔය කියන මහත්තයා ඡන්දයකින් දිනලා ලයිසන් එක ගන්නකෝ පාර්ලිමේන්තුවට එන්න. ඒ ආවාම වැඩිදුර කතා කරමු...
රනිල් මහත්තයෝ කලබල වෙන්න එපා. ඒගොල්ලෝ පිළිවෙලට ලැයිසන් දෙන්නේ. ඉස්සෙල්ලාම ලැයිසන් දෙන්නේ සමන්මලී ගුණසිංහ පොරොන්දු වෙච්චි කෂ්ටියලු. අනිත් පාර්ලිමේන්තු එන ගොයියන්ට ලැයිසන් නැතිකම අපිට හොඳයි. ඔවුන් හප්පාගෙන අනාගත්තාම කාටද ආඩම්බර? එතකොටයි ඔබේ වටිනාකම පෙනෙන්නේ...!
තමුන් ඇතුළු ලයිෂන් තියනවා කියන අය රට පල්ලමකට යවලානේ තියෙන්නේ
ලයිසන් තියන අය වාහන පල්ලමට ඇරපුවාම ගොඩගන්න අයගේ ලයිසන් එක අදාළ නැහැ
වචනෙන්ම පේනවා ලයිශන් තියෙන්නෙ ප්‍රභූන්ට විතරයි.අනේ ලොක්කො?
අනේ ලොක්කා .සාගල එක්ක පාඩුවේ ඉන්නකෝ වාතයක් නොවී
ඔයාලා අපේ රටට කරපු හරිය හොදටම ඇති. දැන් පාඩුවේ ඉන්න. කියන්න බැරි තරම් මහා ලොකු සේවයක්නෙ රටට කරලා ගියේ. ඔයාලගේ කාලේ දෙන් ඉවරයි. දැන් තව කෙනෙක් නිවැරදිව රට හොද තැනකට ගේන්න යද්දී කකුලෙන් අදින්නේ නැතුව පාඩුවේ බලන් .ඉන්න. රටකට ඕනේ රටට ආදරේ කරන, රටේ මිනිස්සුන්ට වගේම , රටේ සම්පත් වලටත් ආදරේ කරන, නායකයෙක් මිසක් රට විකුණන් කන දේශපාලකයෝ නොවේ.
ඇත්තටම හොයලා බැලුවොත් රටට වැඩිම හානිය කලේ කොටි ත්‍රස්තවාදීන් සහ ජේවීපී ත්‍රස්තවාදීන්. ඒ හානිය බිලියන 250 ට වැඩි බව වික්ටර් අයිවන් කියලා තිබුණා.
තමුන්නාන් සේ මේ පාර ඉල්ලුවේ නැත්තේ ලසිසම එක්ස්පයර් වෙලාද?
ලයිසන් කියන්නේ මොකද්ද මෙතැන, රට දුප්පත් බවට පත් කිරීමට ලැබුණු ලයිසන් එක නේද? වෙන දෙයක් අපට මේ දර්ශක වලින් පේන්‌නේ නෑ...!
අනේ මහත්තයෝ ඔයා කියන්නේ ඔය හොරකමට ලයිසන් ඕනෑ කියලාද? මම හිතන්නේ ජනතාව තණකොළ කන එක නවත්තලා...!
කරුණාකර මේ මනුස්සයා කියන දේ අසාපල්ලා, එන්ගලන්තෙන් අලුත්ම වාහන කෑලි ගලවල ගෙනල්ල මෙහෙ සවිකරල අනුන්ගේ තෙල්වලින් පදිනවා කියන්නෙ එසේ මෙසේ පල පුරුද්දක් නෙවෙයි නෙ
හරියට හරි. රනිල් බලයට පත් වුනේ ජනතා පරමාධිපත්‍ය වන ඡන්ද බලය නැතිව. ඒ කියන්නේ ලයිසන් නැතිව. රනිල් රට කෑවා. හරියටම හරි රනිල්ම කිව්වා ඒක. ජනතා ඡන්දෙන් පවතින ව්‍යවස්ථාව යටතේ බලය ලබා ගත් අයෙක්ට ලයිසන් නැහැ කියනවා නම් ඔබ යා යුත්තේ අධිකරණයට.
එතකොට හොරුන්ට විතරද ලයිසන් තියෙන්නේ
ලයිසන් නැති. අය එක්ක ගමනක් යනවා. ලයිසන් අරගෙන හොරා කාලා රට විනාශ කරපු ඔබලා වගේ අය එක්ක ගමනක් යනවාට වැඩිය ඒක හොඳයි...
දැන් සැපද?