(විමුක්ති එස් රුද්‍රිගු)
ලබන වසරේ ශ්‍රී ලංකිකයන්ගේ වැටුප වර්ධන වේගය සෘණ සියයට 20.5 ක් බව ඊ.සී.ඒ ජාත්‍යන්තර සමාගම සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.රටවල් 68ක් ආශ්‍රිතව ලබන වසරේ එම රටවල වැසියන්ගේ වැටුප වැඩි වීම සම්බන්ධයෙන් ඊ.සී.ඒ ජාත්‍යන්තර සමාගම මෙම සමීක්ෂණය සිදු කර ඇත.
කෙටි කාලීන, දිගු කාලීන හෝ ස්ථිර පදනම මත ලෝකයේ විවිධ රටවල සේවය කරන ජාත්‍යන්තර සේවකයින් සඳහා වන්දි සහ ප්‍රතිලාභ කළමනාකරණය කිරීම සඳහා ඊ.සී.ඒ ජාත්‍යන්තර සමාගම බහු ජාතික සමාගම්වලට දත්ත, මෘදුකාංග සේවා, උපදේශන සහ පුහුණුව සපයයි.
ශ්‍රී ලංකාවට මෙම සමීක්ෂණයේදී 67 වෙනි ස්ථානය හිමිව ඇති අතර එහිදී ශ්‍රී ලංකාවේ වැටුප් වර්ධනය සෘණ 20.5 ක් ලෙස සටහන් වී තිබේ. අවසාන ස්ථානයේ සිටින ආර්ජන්ටිනාවේ වැටුප වර්ධනය සෘණ 26.1 ලෙස සටහන් වේ.
ලබන වසරේ වැටුප් වැඩිවීම අතින් ප්‍රථම ස්ථානය ඉන්දියාව හිමි කරගෙන සිටින අතර ඉන්දියානු ජාතිකයන්ට ලබන වසරේ සියයට 4.6 ක වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව එම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. එහි දෙවන ස්ථානය වියට්නාමයටත් තුන්වෙනි ස්ථානය චීනයටත් හිමිව තිබේ.
රටවල් සහ නගර 68 ක බහුජාතික සමාගම් 360 කින් ලබා ගත් දත්ත ආශ්‍රිතව ඊ.සී.ඒ ජාත්‍යන්තර සමාගම මෙම සමීක්ෂණය සිදු කර තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලබන වසරේ වැටුපත් සෘණ වෙයි
fairoos Thursday, 27 October 2022 04:53 PM
රටට කරපු මේ විනාශයා නන්දසේන සහ සෙට් එකටනම් හෙන වදිනවා අනිවාර්යයෙන්ම .69 ලක්ෂයට දැන් සැපද?