IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලබන යල කන්නයේත් නියඟයක්

(අංජුල මහික වීරරත්න)

ලබන යල කන්නයේදීත් බරපතල නියඟය සහිත කාලගුණික තත්ත්වයකට මුහුණ දීමට සිදුවනූ ඇතැයි කාලගුණික අංශ අවධාරණය කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එම නියඟ සහිත කාලගුණික තත්ත්වයට මුහුණ දෙමින් වගා කටයුතු සිදු කිරීමට පියවර ගත යුතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

මෙවර යල කන්නයේ නියඟයෙන්  අක්කර ලක්ෂයක්වත් හානි විය හැකි බව පුරෝකතනය කර තිබුණද  හානි සිදුවී ඇති  අක්කර ප්‍රමාණය 66,000ක් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර ඇතැයි අමාත්‍යවරයා කීය.

එල් නිනෝ ක්‍රියාවලිය හේතුවෙන් නියඟ තත්ත්වය මෙන්ම ඉදිරි මාස් කන්නයේ විශාල වර්ෂාවක් මෙන්ම ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ අංශ ප්‍රකාශ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

මේ නිසා වගා කටයුතු කලට වේලාවට නොකලොත්  ජලය අපතේ යාමක් මෙන්ම  ගංවතුර තත්ත්වයකදී විශාල වගා හානියක් නැවත සිදුවිය හැකි බව මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

හම්බන්තොට ගොවි හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (3)

ලබන යල කන්නයේත් නියඟයක්

Indika Tuesday, 19 September 2023 01:05 PM

ඕක කියන්නේ ඇමතියෙක් මොකටද .කෝ ඔබතුමාගේ සැලසුම්

:       1       8

Hafeel Tuesday, 19 September 2023 02:04 PM

මෙයා දන්නේ මාධ්‍ය ඉදිරියේ මයික් තලන්න විතරයි. කිසිම වැඩක් නැහැ.

:       1       3

de silva Tuesday, 19 September 2023 02:08 PM

ඉන්දික මහත්මය ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන්න එපා ,සැලසුම් හදන්න දැනුමක් තිබෙන්න ඔනෙ. අපොස උසස්පෙලවත් නැති මෙතුමා කොහොමද සලසුම් හදන්නෙ? අනුන් හදල දෙන සැලසුමක්වත් කියවල තෙරුම් කරගන්න සභවකඩි අහන ප්‍රශ්නවලට නිසි උට්තර ඩෙන්න මොහුට බහ , ලබන වසරෙ යල කන්නෙ වෙනකොට මෙගොල්ල ගෙදර.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site