(අංජුල මහික වීරරත්න)
රජය මැදිහත්වීම මත සිදු කෙරෙන පොහොර බෙදාහැරීමේ කටයුතුවලින් 2023/24 මහ කන්නයේ සිට ඉවත්වීමට රජය අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම තීරණය ගන්නා බවත්, වී හා බඩඉරිඟු වගාවන්ට අවශ්‍ය යුරියා හා අනෙකුත් පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් ගොවි ජනතාවගේ ගිණුම්වලට සහනාධාරයක් ලෙස මුදල් බැර කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අනුව වගාවට අවශ්‍ය යුරියා පොහොර ඇතුළු සියලු පොහොර සැපයීම පුද්ගලික අංශ මගින් සිදු කරන අතර පොහොර මුල දී ගැනීමට අවශ්‍ය මුදල් රජය විසින් ගොවි ජනතාවට ලබා දෙන අතර හෙක්ටෙයාර් එකකට රුපියල් 50,000කට වැඩි මුදලක් ගොවි ජනතාවට ලබා දීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලබන මහ කන්නයේ සිට පොහොර බෙදීමෙන් රජය ඉවත් වෙයි
Sunil Tuesday, 13 December 2022 10:58 AM
වසර තුනක් මුලුල්ලෙ රටෙ කෘශිකර්මන්තය කාබාසිනිය කරල දැන් තව වැඩපිලිවෙලක් හදුන්වාදෙන්න තැත් කරනව. කෘශිකර්මාන්තය තත්වය අදුරුයි.
fairoos Tuesday, 13 December 2022 01:21 PM
ඔකෙනුත් ගසාකන්ඩයි යන්නෙ..මෙ කාලකන්නි සෙට් එක රට කනව