(අංජුල මහික වීරරත්න)
මොරටුව ලුනාව ප්‍රාදේශිය රෝහලේ පවතින අඩුපාඩු සොයා බලා විසැඳුම් ලබාදීමේ නිරීක්ෂණ චාරිකාවක අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද ( 29) පෙරවරුවේ නිරත විය.
රෝහල් ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොසිටීම හේතුවෙන් දෛනිකව බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් තුන් සීයයක් පමණ දැඩි පීඩාවට පත්වන බැවින් කඩිනමින් වෛද්‍යවරුන් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයාගේ අවධානයට යොමු විය.
රෝහලේ මෘත ශරීරාගාරය යථා තත්වයට පත් කිරීම, වාට්ටු සංකීර්ණය සඳහා වැඩ ආරම්භ කර ඉදි කිරීම් නවතා දමා ඇති ගොඩනැගිලි සංකීර්ණයේ කටයුතු නැවත ආරම්භ කිරීම, කාර්ය මණ්ඩල අවශ්‍යතා සහ සහ රෝහලේ අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අවධානයට ලක් කළේය.
වෛද්‍යවරුන් නව දෙනෙකු රෝහල සඳහා අනුමත වුවද මේ වන විට සේවය කරනු ලබන්නේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු පමණයි. මහල් පහකින් යුත් නව වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීම සඳහා මුල්ගල තැබීමේ කටයුතු 2018 සිදුව ඇතත් මේ වන විට එහි ඉදි කිරීම් නතරව තිබේ. ඒ සඳහා රුපියල් ලක්ෂ 1100 ක් වැය කර ඇති බවට මෙහිදී අනාවරණය විය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ලුනාව රෝහල ගැන බලන්න අධිකරණ ඇමති හදිසි නිරීක්ෂණයක
Sugathapala Tuesday, 29 July 2025 01:35 PM
නොදන්නාකමට අහන්නේ ඇත්තටම රෝහල් අයත්වෙන්නේ අධිකරණ අමාත්‍යාංශයට ද කියල පැහැදිලි කරලා දෙන්න