ලන්ඩනයේ කිංස්බරි ශ්‍රි සද්ධාතිස්ස අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයට අඟහරුවා දා රාත්‍රී පෙට්‍රල් බොම්බ තුනක් ගැසීමෙන් බිත්තියකට සුළු හානි සිදුව ඇතැයි ලන්ඩන් පොලිසිය කියයි. තරුණයන් තිදෙනකු අසල රිය ගාලක සිට මෙම බෝම්බ ගසා ඇති බවත් එයින් ගින්නක් හටගත් බවත් වාර්තවෙයි. පොලිසිය එහි පැමිණ සමීප රූප විඩියෝ පට ද අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය නියැදි රැගෙන ගියේය. විහාරාධිපති ගලයායේ පියදස්සී හිමියන් පැවැසුයේ කවුරුන් කුමක් සඳහා මෙය කළාදැයි නොදන්නා බවයි. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයය ද එහි නිලධරයෙක් විහාරයට යැවිය.
විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක
හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස
රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ
ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලන්ඩන් පන්සලකට බෝම්බ ප්‍රහාරයක්
ෂෆ්රාෂ් Thursday, 26 April 2012 08:38 AM
කවුරු උණත් පන්සලකට බෝම්බ ගහනවානම් ඒක අපි සහමුලින්ම හෙළා දැකිය යුතුයි
අජිත් Wednesday, 25 April 2012 12:19 PM
ව්ටේටම කැමරා හයි කලා නම් ඉවරයි නේ. කවුද කළේ කියලා දැන ගන්න තිබුණා එහෙනම්.
චන්දිම Wednesday, 25 April 2012 12:57 PM
ලන්ඩන් වලටත් දැන් බෝම්බ ගහනවද?
චමින්ද Wednesday, 25 April 2012 12:57 PM
ලන්ඩන් වලටත් දැන් බෝම්බ ගහනවද???
රූපසිංහ Wednesday, 25 April 2012 01:25 PM
මෙම පන්සලට බෝම්බ ගැසූ දෙවන හෝ තුන්වන අවස්ථාවයි මේ.මට මතක හැටියට පන්සලේ ඉදිරිපස විඩියෝ කැමරා දෙකක් සවිකරලයි තියෙන්නේ. පලවන වාරයේ බෝම්බ ගැසුවයින් පසුව ඔය විඩියෝ කැමරා හයිකලා. ඉතින් විඩියෝ පටයට මොකද උනේ?
මරුවින් Wednesday, 25 April 2012 01:51 PM
මෙහෙ පල්ලි කඩද්දි එහෙ පන්සල් කඩනවා....
වසන්ත Thursday, 26 April 2012 02:23 PM
දඹුල්ලේ මුස්ලිම් පල්ලියක් ඉවත් කළාට මුස්ලිම් අය කඩවල් වහලා උද්ඝෝෂණ කරනවා. හරි දැන් අපි බලමුකෝ, ලන්ඩන් වල පන්සලකට බෝම්බ ගැහුවට අපේ සිංහල බෞද්ධ අය මොකද කරන්නේ කියලා.....
රනිල් Wednesday, 25 April 2012 06:01 PM
ලන්ඩන් වල හැම තැනම අගලක් අගලක් ගාණේ වීඩියෝ වෙන කැමරා තියෙනවා
රොෂාන් Wednesday, 25 April 2012 07:32 PM
කාට උණත් මෙහෙම අපරාධ කරන්න දෙන්න හොද නෑ
සිරිමල් දුනුවිල Wednesday, 25 April 2012 07:44 PM
මගේ හිතේ පොලිසිය දැන් ඒවා පරීක්ෂා කරලත් ඉවර ඇති. එහෙ වැඩ එහෙම තමා.
අමල් පෙරේරා Wednesday, 25 April 2012 11:46 PM
මේ වීඩියෝ කැමරා විශ්වාස කරන්න බෑ කියලයි මම නම් කියන්නේ