IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලන්ඩන් නුවරදී අපේ නිදහස සැමරේ

ශ්‍රී ලංකාවේ 65 වන නිදහස් දින සමරු උළෙල  ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර  ක්‍රිස් නෝනිස් මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණි. මෙම නිදහස් දින සමරු උත්සවයට විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ද තානාපති නිලධාරීහු ද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සහ සාමි මන්ත්‍රණ මණ්ඩල මන්ත්‍රීවරු ද පොදු රාජ්‍ය මණ්ඩල නිලධාරීවරීහු ද බුද්ධි මණ්ඩල සාමාජිකයෝ ද 180ක් පමණ දෙනෙක් සහභාගී වුහ.

ශ්‍රී ලංකාවේ සෑම අංශයකම සිදුවන සංවර්ධන ප්‍රගතිය ගැන විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා විශේෂ දේශනයක් පැවැත්වීය.

උත්සවය අතරතුරේ සිංහල, ද්‍රවිඩ සහ ඉස්ලාම් සංස්කෘතික අංගයක් ඇතුළත් නැටුම් ගැයුම් ද පැවැත්විණි.  ශ්‍රී ලංකාවේ වර්තමාන ප්‍රගතිය විදහා දැක්වූ ඡායාරූප ප්‍රදර්ශනයක්ද පැවැත්විණි. 



අදහස් (0)

ලන්ඩන් නුවරදී අපේ නිදහස සැමරේ

අනුර Saturday, 09 February 2013 07:22 PM

ඇයි මේ නිදහස් උත්සවය ලන්ඩන් වල ඉන්න සිංහලයන්ට තහනම් දෙයක් ද 180 ක් විතරක් ආවේ. (ස)

:       0       0

ගාමිණී Saturday, 09 February 2013 08:36 PM

රැජිණට ආරාධනා කරලා නැතිව වගේ ... කීවා නම් එතුමියත් එනවා.. එනවාමයි.. අපේ නැටුම් බලන්නන.!(නු)

:       0       0

දමිත Saturday, 09 February 2013 08:41 PM

දකින්නත් ආසයි..!(නු)

:       0       0

ශාන්ත ලාල් Saturday, 09 February 2013 09:02 PM

පිළිවෙලයි, ලස්සනයි, සංවිධානාත්මක උත්සවයක්.. අපේ ඝාම්භීරත්වය මෙතන තියෙනවා.. සුදුමහත්තරැන්ට නිදහස අපට දීපු එක ගැන ඊරිසියා හිතෙන්න ඇති නේද?(නු)

:       0       0

අජිත් Saturday, 09 February 2013 11:59 PM

ඇයි සිංහල දරුවන් ඉදිරියට නොදාන්නේ? (නි)

:       0       0

කොස්වත්ත Sunday, 10 February 2013 01:06 AM

ඇත්තෙන්ම නෝනිස් මහතා ආදර්ශමත් තානාපතිවරයෙක්.. ස්තුතියි..!(නු)

:       0       0

සරා ප්‍රනාන්දු Sunday, 10 February 2013 03:17 AM

මේක අපේ නිදහස් උත්සවයද? ජාතික ඇදුමෙන් කවුරුවත් පෙනනෙන්න නැහැනේ..!(නු)

:       0       0

මුතුකුඩ Sunday, 10 February 2013 04:13 AM

අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

එලීසා Sunday, 10 February 2013 07:15 AM

කවුද ‍නෝනිස් කියන්නේ? (නි)

:       0       0

චමින්ද Monday, 11 February 2013 05:03 PM

පේන්නත් එක්ක ඒක හොදයි (දී)

:       0       0

කමල් Sunday, 10 February 2013 10:31 AM

ඒන හොද වැඩක්. ලංඩන්වල ශ්‍රී ලංකිකයෝ ඔච්චරමද ඉන්නේ. සමහර විට එයාලා දන්නේ නැතුව ඇති අපි දැන් නිදහස් ජාතියක් කියලා.(නදී)

:       0       0

උදය Sunday, 10 February 2013 10:45 AM

මටනම් මේ මොකක්ද කියලා හිතාගන්න බැහැ. මෙතන නිදහසක් සමරන බව පේනනේ නැහැ. ලංකාවේ දුප්පත් මිනිසුන්ගේ බදුවලින් එකතුකරගත් සල්ලි වලින් පාටියක් දාලා වගේ පේන්නේ. කෝ එංගලන්තේ ඉන්න ලංකිකයෝ. හත්අට දෙනෙකුගෙන් සමරන නිදහස මොකක්ද? (නදී)

:       0       0

නිහාල් Monday, 11 February 2013 09:33 AM

මම ඉන්නේ ලංඩන්. මෙච්චර කාලෙකට අපි වෙනුවෙන් වැඩකරපු හොදම මනුස්සයා නෝනිස්.

:       0       0

නීල් Saturday, 09 February 2013 05:34 PM

අපේ සිංහල දේශය දිනෙන් දින වැජඹේවා. (ස)

:       0       0

ෂෆීක් Saturday, 09 February 2013 05:36 PM

පංකාදුයි. නෝනිස් මහත්තයත් ආදර්ශවත් මහත්මයෙක්. (ස)

:       0       0

තිසල් Saturday, 09 February 2013 05:37 PM

නිදහස සමරන්න සුද්දගෙන් නිදහස් වුන එකට. මේ ෆොටෝ වල ඉන්න තරමක් ඉන්නේ සුද්දෝ. හරියට සුද්දන්ගේ නිදහස් උතසවයක් වගේ. අපි තවමත් නිදහස නෑ කියලා තේරෙනවා නේද. සුද්දෝ ගොඩයි. කළු සුද්දෝ ටිකයි. (ස)

:       0       0

අනුරසිරි Saturday, 09 February 2013 05:42 PM

කොයිතරම් ලස්සනද ?

:       0       0

මෙහෙන්දි Sunday, 10 February 2013 12:46 PM

ඒ නිදහස් උත්සවය තමයි වැදගත්ම එක (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site