IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට නිලූක පෝලන්තයේ සිට යයි

ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න, පෝලන්තයේ විශේෂ පුහුණු කඳවුරකට සහභාගිවීම සඳහා ඉදිරි දින කිහිපයේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. මාස දෙකක කාලයක් පෝලන්තයේ පුහුණුවීම්වල නිරතවන නිලූක එරට සිට ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවර බලා පිටත්ව යාම විශේෂත්වයකි. එහිදී ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් පෝලන්ත ඔලිම්පික් බැඞ්මින්ටන් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් පුහුණුව ලබන කොරියානු බැඞ්මින්ටන් පුහුණුකරුවකු යටතේ නිලූක මෙම පුහුණුව ලැබීමට නියමිතය. නිලූකගේ මෙම විදේශ පුහුණුව සහ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීම සඳහා මිලියනයක මුදල් චෙක්පතක් ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් ඔහුට පිරිනමන ලදී. ක‍්‍රීඩා අධ්‍යක්‍ෂක ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මියගේ අතින් නිලූකට මෙම මුදල ඉකුත්දා ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගම් මුලස්ථානයේදී පරිනැමිණ. එළැඹෙන ජුලි මස එංගලන්තයේ ලන්ඩන් නුවරදී ආරම්භවන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සිය දස්කම් අනුව ඔලිම්පික් පරිසාධක මට්ටම ඉක්මවමින් බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් සුදුසුකම් සපුරාගත් එකම ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා වන්නේද නිලූක වේ. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට සුදුසුකම් ලබාගත් ක‍්‍රීඩකයන් 38 දෙනා අතරින් නිලූක 30 වැනි ස්ථානයේ සිටියි. ඔහු මේ වන බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීම් (කී‍්‍රඩක) අනුව 48 වැනි ස්ථානයේ සිටියි. නිලූක පවසන්නේ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට හොඳ සුදානමකින් පසුවන තමන්ට පෝලන්තයේදී ලබන පුහුණුව ජයග‍්‍රාහී මානසිකත්වයකට පිටුවහලක් වනු ඇති බවයි. මෙම ජාත්‍යන්තර පුහුණු කඳවුරට සහභාගිවීම සඳහා තමන්ට ශක්තියක් වු කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාට මෙන්ම විදෙස් තරග සංචාරවලට යෑමේදී මුල සිටම අනුග‍්‍රහය දැක්වු මැක්ලරන්ස් සමාගමට ද, බැඞ්මින්ටන් සංගමයට, ඔලිම්පික් වරම් ලැබීම දක්වා උදව් කළ සැමට සිය ස්තූතිය පුද කරන බව නිලූක ‘ලංකාදීපයට’ පැවසීය. ක‍්‍රීඩා අධ්‍යක්‍ෂක ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය විසින් නිලූකට ලක්‍ෂ 10 ක මුදල් චෙක්පත පිරිනමන ලද අයුරු. ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති පරාක‍්‍රම බස්නායක මහතා ද මෙහි සිටියි.  (ඡායාරූපය: සුමින්ද සුදර්ශණ)



අදහස් (0)

ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට නිලූක පෝලන්තයේ සිට යයි

මලි Wednesday, 30 May 2012 09:17 PM

අපගේ උනුසුම් සුබ පැතුම් ... ඔබ රටටම ආඩම්බරයකි...

:       0       0

ප්‍රභා ජයමහ Wednesday, 30 May 2012 04:47 AM

අපෙන් උණුසුම් සුභපැතුම්....

:       0       0

ශ්‍රියානි දෘපිකා Wednesday, 30 May 2012 09:46 AM

සුභ පැතුම්....

:       0       0

වසන්ත Thursday, 31 May 2012 05:49 AM

ඔහොම යන්

:       0       0

සමන්ත Wednesday, 30 May 2012 10:34 AM

මල්ලී.............ඔන්න දිනන්නම ඕනි හොදේ...

:       0       0

අරුණ සනත් Wednesday, 30 May 2012 11:12 AM

සුභ පැතුම් පුතා .

:       0       0

සුභාෂිණි Wednesday, 30 May 2012 04:51 PM

ලක්මවුනි, පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු නිලූක වැනි පුතුන් පමණි ඉතා ගරු

:       0       0

සුනිමල් Wednesday, 30 May 2012 11:40 AM

දිනාගෙනම එන්න..සුභ පැතුම්..

:       0       0

නිශාන්ත Wednesday, 30 May 2012 12:51 PM

ඔහොම යන් ඔහොම යන් ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site