ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවල ඉසව්වලට සුදුසුකම් ලබන ක‍්‍රීඩකයන් 38 දෙනාගේ 30 වැනි ස්ථානයේ සිටින බව බැඞ්මින්ටන් ලෝක සම්මේලනය ඊයේ (3) නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළේය. ඒ අනුව ලන්ඩන් චලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීම සඳහා පරිසාධක මට්ටම ඉක්මවා සිටි නිලූක දැන් එම ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරඟාවලියේ පිරිමි කේවල ඉසව්වට සහභාගිවීම ස්ථිර වී තිබේ. මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පිහිටි බැඞ්මින්ටන් ලෝක සම්මේලන මුලස්ථානය විසින් ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගි වන රටවල් 50කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 172 නකුගේ නාම ලේඛනය ප‍්‍රකාශයට පත් කරන ලදී. පිරිමි කේවල කාන්තා කේවල, පිරිමි යුගල, සහ මිශ‍්‍ර යුගල ඉසව් සඳහා ක‍්‍රීඩකයන් 85 ක් සහ ක‍්‍රීඩිකාවන් 86ක් ලෙස ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 172 දෙනෙක් ඔලිම්පික් තරගාවලියට සහභාගි වෙති. අන්තර් ජාතික බැඞ්මින්ටන් තරගාවලි පහකම රන් පදක්කම් දිනා ලෝක බැඞ්මින්ටන් සම්මේලන ශ්‍රේණිගත කිරීමේ පළමු ක‍්‍රීඩකයන් 50 අතරට පැමිණි නිලූක මේ වනවිට සිටින්නේ එහි 47 වැනි ස්ථානයේය. හිටපු බැඞ්මින්ටන් ජාතික ශූරයකු වන නිරෝෂන් විජේකෝන් වයිල්ඞ් කාඞ් ක‍්‍රමය යටතේ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලකට මීට පෙර සහභාගි වී තිබේ. නිලූක මේ මස 17 වැනිදා ස්පාඤ්ඤයේ දී පැවැත්වෙන අන්තර් ජාතික බැඞ්මින්ටන් තරඟාවලියට සහභාගි වේ. ඔහු ඉන් පසුව පුහුණුවක් සඳහා පෝලන්තයට යාමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලන්ඩන් ඔලිම්පික් උළෙලට නිලූකගේ සහභාගිත්වය ස්ථිරයි