නිර්මල බුදු දහම ආරක්ෂා කර ගැනීමත් ප්‍රචලිත කිරීමත් අරමුණු කොටගෙන දුර දක්නා නුවනින් යුතුව මිට වසර 88 කට පෙර අනගාරික ධර්මපාල තුමන් විසින් ආරම්භ කරන ලද අද වනවිට යුරෝපයේ ප්‍රමුඛ ථේරවාදී බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්ව ඇති ලන්ඩන් බෞද්ධ විහාරය මඟින් එතුමන්ගේ 150 වෙනි ජන්මදිනය සිහිපත් කරමින් සතියක් පුරා සමරු වැඩසටහනක් පැවැත්විණි.
ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ මුලිකත්වයෙන් සහ විහාරවාසී මහා සංඝරත්නයේත්, විහාර පාලක මණ්ඩලයේත්, දම්පල් සමරු උත්සව කමිටුවෙත්, දායක දායිකාවන්ගේත්, ලන්ඩන් නුවර බෞද්ධ සංගමය සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේත් කැපවීමේ, මහන්සියේ සහ සහයෝගයේ ප්‍රතිපලයක් ලෙස දම්පල් සමරු උළෙල ඇති සාර්ථක අන්දමට පැවැත්වීමට හැකිවූ බව දම්පල් සමරු සතිය අවසානයේ නිකුත්කළ නිවේදනයෙහි දක්වා ඇත.
අනගාරික ධර්මපාල තුමන් විසින් බුද්ධ සාසනයේ චිරස්ථිතිය සඳහාත් දඹදිව බෞද්ධ පුජනිය සිද්ධස්ථාන සුරක්ෂිත කරලීම සඳහාත් ඉටුකරන ලද අනුපමේය සේවය සිහිපත්කරමින් ශ්‍රී ලංකාව ප්‍රමුඛ කොට ලෝකයේ විවිධ රටවල සංවිධානය කැරුණු සමරු වැඩසටහන් අතර ලන්ඩන් සමරු සතිය වැදගත් තැනක් ගන්නා බව එම උත්සවය සඳහා වැඩමකළ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පැවසුහ.
සමරු උළෙල ආරම්භ කෙරුනේ සැප්තැම්බර් 13 වනදින ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ දම්පල් ශාලාවේදී පැවැත්වුණ පිරිත් පින්කමකින් සහ ඒ සඳහා වැඩමකළ මහා සංඝ රත්නය උදෙසා පසුදින උදෑසන පිරිනැමුණු හිල්දානමය පින්කමකිනි. පිරිත් සජ්ජායනය සඳහා එංගලන්තයේ සියලුම ශ්‍රී ලාංකික විහාරස්ථාන නියෝජනය කරමින් මහා සංඝ රත්නය වැඩම කර සිටියහ.
14 වන දින සිට 20 වන දින දක්වා ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ ප්‍රධාන ශාලාවේ ධර්මපාල තුමන්ගේ ජිවිත තොරතුරු සහ එතුමන් අතින් සිදුවූ සාසනික සේවාව පිලිබඳ විස්තර ඇතුලත් චයාරුප සහ චිත්‍රපට ප්‍රදර්ශනයක් පවත්වනු ලැබිය.
ධර්මපාල තුමන් විසින් ආරම්භකෙරුණු ආනන්ද, නාලන්ද, විශාඛා, දේවිබාලිකා, මහින්ද,මියුසියස්,ධර්මරාජ ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාඨශාලාවන්හි ආදිශිෂ්‍ය සංගම්වල ලන්ඩන් ශාඛාවන්, ලන්ඩන් බෞද්ධ විහාර දහම් පාසල සහ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමය මෙම ප්‍රදර්ශනයේ කටයුතු සඳහා අනුග්‍රහය දක්වනු ලැබිය.
ලන්ඩනයේ දම්පල් සමරු සතියේ මස්තකප්‍රාප්තිය වුයේ 21 වනදා ලන්ඩන් නුවර හැමර්ස්මිත් නගර ශාලාවේදී පැවැත්වුණු දැවැන්ත සමරු උත්සවයයි.
ශාලාවේ සම්පුර්ණ ඉඩ ප්‍රමාණය අනුව ආරාධිතයින් දහසක් පමණක් සහභාගී කරවීමට සිදුවූ එම සමරු උත්සවයදී දම්පල් ගුණ විස්තරකරමින් බෝගොඩ සීලවිමල නාහිමි, අමරාවතී බොදු සෙනසුණේ අධිපති පුජ්‍ය අජාන් අමරෝ හිමි, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති පුජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමි, ලන්ඩනයේ බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය ඩෙස්මන්ඩ් බිඩල්ෆ්, එංගලන්ත සභාවේ ඩන්කන් ග්‍රීන් පියතුමන් සහ ශ්‍රී ලංකා මහා කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් කෙටි දේශනා පැවැත්වුහ.
අනගාරික ධර්මපාල සමරු උළෙලේ මූලදේශනය පවත්වන ලද්දේ කොළඹ විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යාපන අංශයේ මහාචාර්ය අසංග තිලකරත්න විසිනි.
දම්පල් සමරු උත්සවය සඳහා සහභාගිවූ විශාල පිරිස අතර ශ්‍රී ලාංකික සහ ලන්ඩනයේ පදිංචි විවිධ ජාතීන්ට අයත් බෞද්ධ මෙන්ම වෙනත් ආගමිකයින් බොහෝදෙනෙකු සිටීම විශේෂත්වයකි.
ලන්ඩන් විහාරවාසී කොන්වැවේ අරියරතන හිමියන් විසින් දම්පල් සමරු උත්සවය උදෙසා විශේෂයෙන් රචනා කළ අනගාරික ධර්මපාල සමරු ගීතය ගායනා කරනු ලැබුවේ ලන්ඩන් බෞද්ධ විහාරයේ දහම් පාසලේ සිසු සිසුවියන්, දෙමාපියන් සහ ගුරු මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් විසිනි.
ලන්ඩන් නුවර පදිංචි ප්‍රවීන නර්තන ගුරුවරුන් වන කමලාංගනී පේරුසිංහ සහ ඒ.පී.අත්තනායක විසින් ඉද්දිරිපත්කල අලංකාර නැටුම් අංගයන් කිහිපයක් මඟින් උත්සවය වර්ණවත් කෙරුණි.
දම්පල් සමරු සතියේ අංගයක් ලෙස සංවිධානය කෙරුණු ලන්ඩන් බෞද්ධ විහාරයේ දහම් පාසලේ සිසු සිසුවියන් සහභාගිවූ රචනා සහ කථික තරඟයේ ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රධානය කරනු ලැබිය.
කථික තරඟයේ ප්‍රථම ස්ථානය දිනාගත් දෙවින් හේවගේ සිසුවා ප්‍රබෝධමත් කතාවක් ඉදිරිපත් කළේය.
ලන්ඩන් විහාරවාසී තවලම බන්දුල හිමියන් ස්තුති කතාව කල අතර උත්සවයේ විස්තර කථනය කලේ වෛද්‍ය ඥානිස් සුභසිංහ විසිනි.
දම්පල් සමරු සතිය උදෙසා අගනා ලිපි සහ සේයාරු ඇතුලත් විශේෂ සමරු කලාපයක් මුද්‍රණයකොට බෙදා හරිනු ලැබිය.
ප්‍රවීණ කලාකරු ගාමිණී අබේවර්ධනයන් විසින් නිර්මාණය කරන ලද ධර්මපාල තුමන්ගේ පිළිරුව සහිත සුවිසාල පුවරුවකින් වේදිකාව අලංකාරවත් කර තිබුණි.
මෙම දම්පල් සමරු සතියේ වැඩකටයුතු බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථක අයුරින් සිදුකිරීමට හැකිවන අන්දමට දීර්ඝකාලයක් තිස්සේ අධික ලෙස වෙහෙස මහන්සිවූ සමරු උත්සව කමිටුවටත්, නන් අයුරින් උපදෙස් හා සහයෝගය ලබාදුන් කොළඹ අනගාරික ධර්මපාල භාරකාර මණ්ඩලයටත්, ලන්ඩන් බෞද්ධ විහාරවාසී මහා සංඝ රත්නයටත්, දායක දායිකාවන්හටත්, සියලුම වැඩකටයුතු සඳහා සහභාගිවූ මහා සංඝ රත්නයටත්, ලන්ඩන් නුවර බෞද්ධ සංගමය සහ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයටත්, වේදිකා සැරසිලි, පැමිණ සිටි සියලු දෙනා වෙතම ආහාරපාන ලබාදීම, නර්තන අංගයන් සංවිධානය කිරීම,ප්‍රදර්ශනයේ කටයුතු, සමරු කලාපය සහ වැඩසටහන් සකස් කිරීම, ප්‍රදර්ශන සහ ප්‍රධාන උත්සව ශාලා සැරසිලි සහ ආරක්ෂක කටයුතු සංවිධානය කිරීම, අනුග්‍රාහකත්වය දැක්වීම, විවිධ අයුරින් උදව් උපකාර කිරීම සහ පිරිත් පින්කමටත් දානමය පින්කමටත්, ප්‍රදර්ශනයේ කටයුතු වලටත් ප්‍රධාන උත්සවයටත් සහභාගිවූ සියලුම දෙනාටත් සීලවිමල නාහිමියන් විසින් පුණ්‍යානුමෝදනා කරනු ලැබිය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ලන්ඩනය දම්පල් ගුණ සමරයි
ඒබ්‍රහම් Sunday, 28 September 2014 11:23 PM
අනේ! හරි ලස්සනයි (නි)