IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලුතිනන්ට ගැසීයැයි අයිපීගේ වැඩ තහනම්

යුද හමුදා බුද්ධි අංශයේ ලුතිනන් වරයකුට පොලිසියේ දී පහර දුන් බව කියන අම්බලන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ ජගත් චමින් පෙරේරාගේ වැඩ තහනම් කර ඇත.

අම්බලන්ගොඩ මෝදර දේවාලයේ පෙරහර දවසේ රන් දම් වැලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලුතිනන්ගේ සහෝදරයකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද, ඒ ගැන සොයා බැලීමට පැමිණි අවස්ථාවේ ලුතිනන්ට පහර දී ඇතැයි ද ඔහුගේ පැමිණිල්ලේ දැක්වේ.



අදහස් (0)

ලුතිනන්ට ගැසීයැයි අයිපීගේ වැඩ තහනම්

ධම්ම Monday, 15 September 2014 01:08 PM

ලුතිනන් උනත් පොලීසියට ගියාම පැමිණිලි කරුවෙක් පමණයි. කාට උනත් පොලීසියට ගියාම ගුටි අනින්න අයිතියක් නැහැ. (නදී)

:       0       0

රෝහණ Monday, 15 September 2014 01:15 PM

අයි.පී ගේ වැඩ තහනම් කරලා විතරක් මදි කන පැලෙන්න දෙකක් දෙන්න ඕනා. (නදී)

:       0       0

ජීවන් ප්‍රසාද් ලියනගේ Tuesday, 16 September 2014 05:34 AM

වැරදිකාරයින්ට දඩුවම් දීම උපරිමයෙන් කළ යුතුයි. (නදී)

:       0       0

ජීවන් ප්‍රසාද් ලියනගේ Tuesday, 16 September 2014 05:36 AM

අම්මගේ තාත්තගේ දේපලක් කියා හිතන නිලධාරීන් මේ වගේ වැඩ කරනවා (නදී)

:       0       0

රොකී Monday, 15 September 2014 01:25 PM

රන් දම්වැලක් කොල්ල කෑම ගැන සැක කරන පුද්ගලයා අනාගතයේදී දේශපාලන ලොක්කෙක් වෙන්න පුහුණුව ලබනවා වෙන්න පුළුවනි (නදී)

:       0       0

සමීර Monday, 15 September 2014 01:25 PM

මොන දුර දිග යාමක්ද? එක පාරක් බුද්ධි අංශයේ කෙනෙක් අම්බානකට ගුටිකාලා කිව්වේ එයාම එයාට ගහගත්තා කියලා (නදී)

:       0       0

ෂෙහාහිර් ඩේවුඩ් Monday, 15 September 2014 01:33 PM

සමීර ඒ කතාව නම් නියමයි (නදී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Monday, 15 September 2014 02:48 PM

සමීර ඔයාගේ කතාව හරියට හරි. නැති නම් මට කිසිවක් මතක නැහැ කියාවි අර කොළොන්නාවේ සිද්දිය වගේ.(නදී)

:       0       0

චන්ද්‍රා Monday, 15 September 2014 04:44 PM

බුද්ධි අංශ ලුතිනන්කම හොරුන් පොලිසියෙන් බේරාගැනීමට යොදාගැනීම නුසුදුසුය. එසේ කර ඇත්නම් පළමුව වැඩ තහනම් කළයුතු වන්නේ ඔහුගේය (නි)

:       0       0

රත්නායක Monday, 15 September 2014 04:54 PM

පොලිසිය ගැන නම් කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

අසෝක Monday, 15 September 2014 06:32 PM

කමක් නැහැ යුද්දේ දින්නානේ. දැන් බලාගෙන ගියාම ආණ්ඩුව දේවලයක්වත් අතහැරලා නැහැ. හැමතැනම බුද්ධි අංශයෙන් දාලා.අනේ අපොයි ලංකාවේ හමුදාවට ගිය කලක්. මමත් යුද්දෙට ගිහින් දැන් කකුල් දෙකම නැතිව ගෙදරට වෙලා බඩගින්නේ ඉන්නවා. මට මගේ විශාම වැටුපවත් වසර තුනක් වෙනවා තවම හදල දුන්නේ නැහැ. ෆොන්සේකා මහත්තයවත් හිටිය නම් හමුදාවේ විනය කියල දෙයක් තියෙනවා. හට්ටි මුට්ටි අරන් යුද්දෙට බයේ පැනල ගිය අය තමයි දැන් අපේ බඩට ගහන්නේ. (ස)

:       0       0

උපාලි Monday, 15 September 2014 07:50 PM

බුද්ධි අංශයේ අය මේ විදිහට තමන් හෙළිදරවු වෙන හැසිරීම් වලින් වැළකිය යුතුයි. (නි)

:       0       0

කරුණාවතී Monday, 15 September 2014 08:04 PM

සාමාන්‍ය මිනිස්සු ඉදිරියේ නම් ඉතින් සිංහයෝ තමයි. නීතිය කාටත් එක සමානව ක්‍රියාත්මක කරද්දී, මේ වගේ පහත් ආකාරයට හැසිරෙන නිලධාරීන්ට උපරිම දඬුවම් දීම අත්‍යවශ්‍ය දෙයක්. එහෙම නොවෙන්න නොවෙන්න සිවිල් සමාජය තුළ පොලිසිය කෙරෙහි පවතින වෛරය තව තවත් වැඩිවෙනවා. (නි)

:       0       0

සත්‍යයා Monday, 15 September 2014 11:49 PM

"කලකදී යහළු කලකදී වහලුන් වෙනවා.." (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 16 September 2014 12:20 AM

රෝහණ, මම ඔබගේ අදහස 100% අනුමත කරනවා. හැබැයි ලුතිනන් කියන නම ගරුසරු වුණාට ඒ අයත් සමාජයේ කරන වැඩ අන්තිමයි. (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 16 September 2014 12:32 AM

ලංකාවේ සිදුනොවෙන අසාමාන්‍ය සිදුවීමක් මෙම පොලිස් නිළධාරියා කර ඇති අතර ඔහුගේ හඳහන බලවා ගැනීම ඔහුට හොඳ වනු ඇත. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 16 September 2014 12:47 AM

ලුතිනන් එයාගේ බලපුළුවන්කාරකම පෙන්වන්න යන්න ඇති. (නි)

:       0       0

ක්‍රිස්ටි මොහාන් Tuesday, 16 September 2014 12:52 AM

මට නම් ඔය පොලිසියේ අය කොහොමත් පෙන්නන්න බැහැ. මොකද කියලා මම දන්නෙ නැහැ (නි)

:       0       0

ගමගේ Tuesday, 16 September 2014 01:32 AM

ලුතිනන් යන්න ඇති එයාගේ වැඩ පෙන්වන්න. ඕ අයි සී එයාගේ වැඩ පෙන්වන්න ඇති. හොඳ පාඩම මේ දෙන්නාටම. පොලිසියේ අයයි හමුදාවල අයයි ඔක්කොම ලොකු වැඩකාරයෝ කාගෙන් හරි හොඳට ලැබෙනකම් (නි)

:       0       0

ජෙහාන් Tuesday, 16 September 2014 01:33 AM

"එයා මට ගැහුවා, මට එයා ගැහුවා ..." මතක් වුණා. (නි)

:       0       0

ගමගේ Tuesday, 16 September 2014 01:44 AM

හොරා පොලිස් සෙල්ලම කරන්න ඇති (නි)

:       0       0

දිනේෂ් Tuesday, 16 September 2014 03:14 AM

කලින් මේජර් කෙනෙකුටත් ගැහුවා නේද, එක්කෙනෙක්? (නි)

:       0       0

සමන් ගාල්ල Tuesday, 16 September 2014 11:13 AM

අර එස් ටි එෆ් කාරය කොස්ගොඩ නදුන් වගේ මේ යුනිෆෝර්ම් උන තියෙන අයට අහුවෙන තැන දෙන්න ඕනේ කුඩු වෙන්න . නදුන් ට වෙඩි තියල බෝම්බයක් අතින් දාපු නිසාලු එයාට පොලිසිය පේන්න බැරි. (නදී)

:       0       0

සෙනරත් Tuesday, 16 September 2014 03:41 AM

පොලිසියේ ගොඩක් අයට උන තියෙනවා නිල ඇදුම නිසා. ඒ අය තමයි පොලිසියේ නම කන්නේ. හමුදාවේ නම් එහෙම අය අඩුයි. මෙහෙම දඩුවම් ලැබෙනකොට උන අඩුවෙනවා. නිල ඇදුම නැති උනාම තේරෙයි. මෙයාල බලන්නේ හැමෝම අපරාධ කාරයෝ විදියට. පැමිණිලි කාරයට කතාකරන්නෙත් අපරධ කාරයට කතාකරන විදියටමයි. හොද අයත් ඉදල හිටලා ඉන්නවා. ඒ අයට මේ ලියපුවා අදාල නෑ.(නදී)

:       0       0

චමින්ද Monday, 15 September 2014 11:51 AM

ගහන්න කලින් දැනගෙන ඉන්න නැතුව ඇති, ගුටිකන පුද්ගලයා කවුද කියලා. (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 15 September 2014 12:01 PM

මේ ප්‍රස්න මෙතනින් සමතයකට පත් කරගත්තොත් හොදයි දුරදිග යන්න කලින්.(නදී)

:       0       0

හේවගේ Tuesday, 16 September 2014 04:27 AM

මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site