IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලුණු රටින් ගෙන්වීමට මුදල් සභාවේ අනුමැතිය

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි වලට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.

1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2025 මැයි 19 දිනැති අංක 2437/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද සහ 2025 ජුනි 17 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව කාරක සභාවට යොමු කරන ලද රෙගුලාසි සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා වූ රෙගුලාසිවලට මෙහිදී අනුමැතිය හිමි විය.

දේශීය වෙළඳපල තුළ පවත්නා ලුණු හිඟය සැලකිල්ලට ගනිමින් ගෘහස්ත සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා අයඩීනීකරණය නොකළ අමු ලුණු සහ අහාරයට ගත හැකි අයඩීනීකරණය කල ලුණු (කුඩු කළ සහ කැට ලුණු) ආනයනය කිරීමට අවසර ලබා දීමට මෙම රෙගුලාසි මගින් ඉඩ සලසා තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 ජුනි 24 වන දින පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා විය.

තවද, වාහන ආනයන සම්බන්ධයෙන් පවත්නා ගැටලු පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර එම සාකච්ඡාව සඳහා සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) ඇතුලු ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගම් නියෝජනය කරමින් නියෝජිත පිරිසක් සහභාගී වූහ

මෙහදී, වාහන සම්බන්ධයෙන් අය වන බදු පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු වූ අතර ලියාපදිංචි නොකළ සහ සහ කෙටි දුර ප්‍රමාණයන් ධාවනය කර ඇති වාහන වෙනුවෙන් අයකරනු ලබන එකතු කළ අගය මත බද්දේ (VAT ) අදායම නිසියාකාරව ලබා ගැනීම සහ එම බදු අයකිරීම් සමබරතාවය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා විය.

 



අදහස් (1)

ලුණු රටින් ගෙන්වීමට මුදල් සභාවේ අනුමැතිය

ගුණරත්න Saturday, 28 June 2025 11:15 AM

බු හා හා, ඩඩ්ලි කාලේ පනත පෙන්නලා මේ අපි ඕව දැල්ලෑ 76 වසරේ සාපෙ තමයි මේ කියන්නද හදන්නේ... අපි එච්චර හරක් නොවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 109 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site