
(යොහාන් භාසුර සහ තිලකරත්න දිසානායක.)
කර්මාන්ත සහ ආහාර සඳහා භාවිතා කරන ලුණු උසස් තත්වයෙන් සාධාරණ මිලක් යටතේ වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම කිරීම සඳහා ලුණු නිෂ්පාදන ආයතන සමග විශේෂ සාකච්ඡාවක් පැවැත් වූබව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ පැවැති එම සාකච්ඡාවේදී වෙළඳපොලේ අලෙවියට ඇති ලුණු මිල ගණන් සම්බන්ධව අධිකාරිය කළ මිල සමීක්ෂණයන්ට අනුව, පසුගිය කාලසීමාව තුල විවිධ මිල ගණන් යටතේ ලුණු අලෙවි වීමත්, කාලීනව ඇතිවූ ලුණු හිඟය සහ කර්මාන්තය මුහුණදෙන ගැටලු සම්බන්ධවත් අවධානය යොමු කළ බවත් එම අධිකාරිය කීය.
රජයේ සහ ප්‍රමුඛපෙලේ ලුණු නිෂ්පාදකයින් ඇතුළු ආයතන 18 ක් සමග කළ මෙම සාකච්ඡාවේදී දැනට පවතින වෙළදපොල තත්වය මත පාරිභෝගිකයා අපහසුතාවට ලක් නොවන පරිදි මිල ගණන් පවත්වාගන යාම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ බවතඉදිරියේදී දේශීයව නිෂ්පාදනය වන ලුණු වෙළඳපොළට පැමිණීමට නියමිත බැවින් මාර්තු මස අග වන විට ඉතාමත් තරගකාරී මිලකට එම ලුණු අලෙවි විය හැකි බව නිෂ්පාදකයන් පැවසූ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන්න් කළේය.
2025 නොවැම්බර් මස 04
803
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2453
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලුණු මිල අඩු කරන්න සාකච්ඡා
ranjith Sunday, 02 March 2025 06:02 PM
ලුණු රටින් ගෙනාවේ මිල වැඩි කරන්න උප්පරවැට්ටියක් ලෙස වෙන්න ඇති. ජනතාවට දෙන සහන තමයි.
රුවන් Monday, 03 March 2025 07:42 AM
අලුත්ම පර්යේෂණකට අනුව සාගරයේ ප්ලාස්ටික් සාන්ද්‍රණය ඉහළ යෑමත් සමඟ මුහුදු වතුර මගින් නිපදවන ලුණු නිසා මිනිසුන්ගේ මොළයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් සාන්ද්‍රණය ඉහළ යනවා ලු. අභ්‍යන්තර ලුණු නිදි වලින් ලුණු ගන්න කාලේ හරි. ලංකාවේ වුනත් අභ්‍යන්තරයේ ලුණු නිදි තියෙනවා.