IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලෙඩ සුවකරන්න 'හිමාලයෙන් ' අවුත් ලෙඩ දා ගනිති

හිමාලයේ සිට පැමිණි බව පවසමින් ගිරාඳුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයේදී ප්‍රාතිහාර්ය පෑමට ගිය දකුණේ පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 01 දා රාත්‍රියේ දී ආශිර්වාද ශාන්තිකර්ම පවත්වා විශ්ව බලයෙන් ලොඩ සුවකරන බවට පසුගිය 25 දා සිට ප්‍රචාරයක් ගෙනයමින් මෙම වැඩසටහන සංවිධානය කැර තිබිණි. රෝග සුව කිරීමටත් ශාන්තිකර්ම පැවැත්වීමටත් අත්තිකාරම් මුදල් ද ‍එකතුකැර තිබිණි. හිමාලයෙන් පැමිණි බව පැවසූ පුද්ගලයන් ගැන සැකසිතූ විහාරාධිපති හිමියන්ගේ දැනුම්දීමකට අනුව එහි පැමිණි පොලීසිය 13 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. පොලීසිය පවසන්නේ හිමාලයෙන් පැමිණි බව කී පිරිස දකුණේ අය බවයි.  



අදහස් (0)

ලෙඩ සුවකරන්න 'හිමාලයෙන් ' අවුත් ලෙඩ දා ගනිති

නීල් Sunday, 02 June 2013 03:35 PM

දකුණේ අයියලා විශ්ව කර්ම ආශ්චර්ය පෙන්වන්න ගිහින් හැම තැනම ඇනගන්නවා. (නි)

:       0       0

මර්සි ලංකා Sunday, 02 June 2013 03:47 PM

පළමුව දඬුවම් කල යුතු වන්නේ මොවුන්ට මුදල් ගෙවූ මෝඩ මිනිසුන්ටය. 21 වන සියවසේත් මේ වගේ බොරු විශ්වාස කරන අය සිටින තුරු බොරු ශාන්තිකර්ම කාරයන්ට මුදල් ඉපයීමට හැක. අපගේ බොහෝ දේශපාලන නායකයින්ද මේවට රැවටි සිටිති (නි)

:       0       0

ලංකා Sunday, 02 June 2013 03:44 PM

නිතිය තමයි පිහිටට ඉන්නේ (දී)

:       0       0

දම්මික පෙරේරා Sunday, 02 June 2013 03:52 PM

ශාන්තිකර්ම වලින් ලෙඩ රෝග සුවපත් කිරීමට හැකිනම්, අපිට වෛද්‍ය විදුහල් දොස්තරලා ඉස්පිරිතාල අවශ්‍ය වෙන්නේ නැත. මෙවැනි ශාන්තිකර්ම කරන අයටත් මේවට අසුවන මුදල් ගෙවන අයටත් ගව ආහාර කැවිය යුතුය (නි)

:       0       0

පෙරේරා Monday, 03 June 2013 06:37 AM

මේවයින් පෙනෙන්නේ ලංකාවේ මිනිස්සුන්ව රවට්ටන්න කොච්චර ලෙහෙසිද කියලා. (නි)

:       0       0

අනිල් Monday, 03 June 2013 07:18 AM

ලංකාවේ මිනිස්සු රවට්ටන්නත් ලේසියි. කපටි මිනිස්සුත් හරියට ඉන්නවා ලෝකයේ අනික් රටවලට වඩා. (නි)

:       0       0

රංජනී Sunday, 02 June 2013 02:51 PM

ඔන්න දකුණේ මිනිස්සුන්ගේ වැඩ. (නි)

:       0       0

මෙතුජ Sunday, 02 June 2013 02:55 PM

ලෙඩ සුවකරන්න පැමිනි අය කරපු වැරැද්ද මොකක්ද? (නි)

:       0       0

දුමින්ද Sunday, 02 June 2013 03:05 PM

ස්වාමින් වහන්සේ සිය යුතුකම මැනවින් ඉටුකොට තිබේ. අනිත් අයත් මෙවැනි දේවල් ගැන විමසිලිමත් විය යුතුයි (නි)

:       0       0

උපාලි Sunday, 02 June 2013 03:11 PM

මෙහෙම ලෙඩ සුවකරන නා නා ප්‍රකාර දේවගැතිවරුන්, ඍශිවරුන්, සාන්තුවරයන් වරින් වර මතුවෙනවා. බුදු බව ලැබූ බව කියන අයත් ඉන්නවා. මුදල් වංචාවක් කලොත් මිසක් ඔවුන් නීතිවිරෝධී දෙයක් කරනවද කියන එක නම් පැහැදිලි නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site