IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලෙඩ වැටුණොත් නීති සහන නොමිලේ

යුද සමයේ සටන් බිමේ සෘජු දායකත්වය සැපයූ රණවිරුවන් විවිධ චෝදනා පිළිබඳ පරීක්ෂණ වලට ලක්වන අවස්ථාවලදි නීති සහන ලබාදීමට පිවිතුරු හෙළ උරුමය "රණවිරු නොමිලේ සහන පදනම" නමින් නීති සහන සේවාවක් අරඹා ඇතැයි එහි සංවිධායක ලේකම් තුෂාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

විවිධ චෝදනා මත රණවිරුවන් දැනටමත් අධිකරණ ඉදිරියට කැදවා ඇති අතර ඉදිරියේදිත් මෙසේ රණවිරුවන්ට චෝදනා නැගෙනු ඇතැයි ද ඒ අනතුරට මුහුණ දීමට මෙම නීතිඥ සේවාව ඇරඹූ බව ද දිසානායක මහතා පැවසුවේය.

ඉදිරියේ දී එසේ  කැඳවීම් ලැබුණ හොත්  වහාම රණවිරු නීති සහන පදනම අමතන ලෙස ද දිසානායක මහතා ඉල්ලා සිටියේය.

එම පදනම පිටකෝට්ටේ පාගොඩ පාරේ අංක 133A දරන ස්ථානයේ  පිහිටා ඇති අතර එහි දුරකථනය 0113357666 වේ. ෆැක්ස්  අංකය 0112820050 බවද ඔහු කීවේය.



අදහස් (0)

ලෙඩ වැටුණොත් නීති සහන නොමිලේ

අමිල Tuesday, 08 September 2015 10:50 AM

මංගල සරත් ෆොන්සේකා මහත්මයාව රවටලා තමන්ගේ නායකත්වය රැකගන්නත්, රට පාවා දෙන්නත් ඉත්තෙක් කරගත්ත බව ඕන කෙනෙකුට පේනවා. එයාලට ජාතියට වඩා තමන්ගේ පක්ෂේ ලොකු බව පෙන්නුවේ සරත් ෆොන්සේකා මහත්මයාට 2010 ඡන්ද ලක්ෂ 43කුත් 2015 එයත් එක යුධ අපරාධ කාරයෙක් වගේ ඡන්ද 28,000 විතරක් දීලා.... ඔයාලත් ඒ සහගහන කුමන්ත්‍රණයේ කොටස් කාරයෝ...(බ)

:       0       0

දර්ශ Wednesday, 09 September 2015 05:27 AM

මෙය ඉතාමත් හොද වැඩක් ! සරත් ෆොන්සේකා හා අනිකුත් රණවිරුවන් සම තත්වයේ තබා මේ ප්‍රශ්නය ගැන කතා කරන එක වැරදියි.... ඉස්සර මේ වගේ සංවිධාන තිබුණේ නැහැ දැන් මොකටද ? (ම)

:       0       0

දීෂණ Thursday, 10 September 2015 01:26 PM

මංගල, එතකොට සුදු කොඩි කතාව? (නි)

:       0       0

ටිෂාන් Tuesday, 08 September 2015 12:59 PM

මම නම් කියන්නේ මේක කවුරු කළත් වටිනා වැඩක් (නි)

:       0       0

අනුර Tuesday, 08 September 2015 01:37 PM

මංගලගේ කීම හරි කියලා මමත් කියනවා (නි)

:       0       0

රවිබන්දු Tuesday, 08 September 2015 02:53 PM

ඇත්තටම මෙය ලොකු සහනයක් (නි)

:       0       0

මාල් Tuesday, 08 September 2015 03:16 PM

පිදුරු ගහක එල්ලෙන්න හදන ගම්මන්පිල ! කොහෙන් හරි ගොඩ එන්නයි බලන් ඉන්නේ !! අනේ මෙහෙම තණ්හාවක් !!! (බ)

:       0       0

මාල් Tuesday, 08 September 2015 03:18 PM

මංගලගේ කීම සියයට සීයක් හරි !!! (බ)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 08 September 2015 03:21 PM

යුධ අපරාධ වලට නොවෙයි හමුදා නිලධාරීන් අත්අඩංගුවේ ඉන්නේ. වෙනත් මිනී මැරුම්වල සැකකරුවන් ලෙසයි. අර දියේ ගිලෙන්න යන මිනිහට පිදුරු ගහත් ලොකුයිලුනේ. අපේ ගම්මන්පිල මහත්තය මේවගේ දේකටවත් හේත්තුවෙන්න ඇත්නම් හොඳයි කියල හිතිලා වගේ. නරකම නැහැ.(බ)

:       0       0

මොරිස් Tuesday, 08 September 2015 05:05 PM

රණවිරුවෝ කියන්නේ අපේ සම්පතක්. එයාලා වෙනුවෙන් කිසිවෙකු පෙනීසිටිනවා නම් ඇත්තෙන්ම එය අගය කරන්න ඕනෑ (නි)

:       0       0

මහානාම - කඳාන Tuesday, 08 September 2015 05:11 PM

මේ අපේ රණවිරුවෝ මෙහෙම චෝදනා වලට ලක්වෙන්නේ ඇයි? (නි)

:       0       0

චන්න Tuesday, 08 September 2015 05:21 PM

මංගල හරි. (නි)

:       0       0

පාලිත පෙරේරා Tuesday, 08 September 2015 06:47 PM

අද සංවර්ධනය නැවතුනා පමණක් නොවේ, රටත් අනතුරේ . අද ඩොලරය කීයද? (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 08 September 2015 06:55 PM

ලංකාවේ සිටින්නේ 60%ක් විතරම අතීතය අමතක වුණ කට්ටියක් (නි)

:       0       0

විජයබාහු Tuesday, 08 September 2015 08:45 AM

අගය කල යුතු වැඩක්. අපිව බේරගත්ත රණවිරුවන්ව දැන් අපි බේරගන්න ඕනේ කාලයක් (ම)

:       0       0

ශ්‍යාමන් Wednesday, 09 September 2015 12:23 AM

රණවිරුවන් අපේ ජාතියේ ජීවයයි (නි)

:       0       0

මහානාම - කඳාන Wednesday, 09 September 2015 12:57 AM

ඇත්තටම මේ අදහස් දැක්කහම තරහට වඩා දුකයි. කවුරු කළත් හොඳ දේ අගයන්න නොදන්නාකම නිසා තමා අද සිංහල ජාතිය මෙච්චර බාල්දුවෙලා තියෙන්නේ. (නි)

:       0       0

දිල්රුක්ෂි Wednesday, 09 September 2015 01:11 AM

දේශයක් බේරාගත් උතුම් රණවිරුවන්ට මෙහෙම කරන්නේ ඇයි? ඔවුන් චෝදනා ලබන්නන්ද? (නි)

:       0       0

මංගල Tuesday, 08 September 2015 09:14 AM

2010 දී රණවිරුවන්ට අණ දුන් සෙන්පතිව උසාවි, නඩු, වැරදි මවලා හදලා දඩුවම් දෙද්දි මේ පදනම කොහෙද දන්නේ නැහැ තිබුණේ? නිකන් ගහ දන්න අපිට කොල කඩලා පෙන්නන්න එන්න එපා. (අ)

:       0       0

යසිරු Tuesday, 08 September 2015 09:17 AM

ඉතා හොඳ ක්‍රියාවක් (නි)

:       0       0

බුද්ධි Wednesday, 09 September 2015 01:24 AM

අපි ඉවසීමෙන් බලමු මොකක්ද මේ අය මේ කරන්නේ කියලා (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 08 September 2015 09:23 AM

'මංගල" මහත්තයට සිංහල තේරෙන්නේ නැතිද ? මෙහෙම එකක් දැන් පිහිටෙව්වා කියලනේ කියන්නේ 2010 ඔහොම එකක තිබ්බේ නැහැ. ෆොන්සේකාට ප්‍රස්නයක් වුණ එක ඇත්ත නමුත් අදවගේ බුරුතුපිටින් රණවිරුවෝ රහස් පොලිසියට එකට අරන් ගියේ නැහැ (අ)

:       0       0

විජයබාහු Tuesday, 08 September 2015 09:32 AM

මංගල මේ රණවිරුවන් වාසි තකා යුද ජයග්‍රහණය පාවල දෙන කට්ටිය නෙවේ.(අ)

:       0       0

එම් ෆොන්සේකා Tuesday, 08 September 2015 09:34 AM

වැලේ වැල් නැති උරුමයක් දැන් පිස්සු නටනවා වගේ අඩුගානේ රණ විරුවන වත් ඡන්දෙ දුන්නේ නැ ඔයාලට පවු (අ)

:       0       0

දර්ශන Wednesday, 09 September 2015 02:19 AM

රණවිරුවන් අපහසුතාවයට පත්නොකළ යුතුයි (නි)

:       0       0

දුමින්ද Wednesday, 09 September 2015 03:30 AM

යුදබිමේ සටන් වැදුන රණවිරුවන් රටට අයත් සම්පතකි (අ)

:       0       0

ඉමේෂ් Tuesday, 08 September 2015 09:50 AM

තුත්තිරි ගස් වලත් දැන් එල්ලෙනවා වගේ පිවිතුරු උන්නැහේ. (අ)

:       0       0

වස්කෝ Tuesday, 08 September 2015 10:14 AM

රණවිරුවන් පාවා දීම නැවැත්විය යුතුයි (අ)

:       0       0

මොහාන් Tuesday, 08 September 2015 10:23 AM

රණ විරුවන්ට යුද්ධයට අදාළ කිසිම සිදුවීමකට නඩු පැවරුවොත් ඒ සදහා රජය පෙනී සිටිනවා. යුද්දයට මුවා වී කල විනය විරෝධී කටයුතු වලට රජය පෙනී සිටින්නේ නැහැ. පැහැදිලිව කිව්වොත් පිවිතුරු හෙළ උරුමය මේ පෙනී සිටින්නේ රණ විරුවන්ගේ නාමය කැත කල විනය කඩකළ පිරිස වෙනුවෙන්. මේක ලාබ ප්‍රසිද්දිය වෙනුවෙන් කරනු ලබන තුට්ටු දෙකේ වැඩක්. (අ)

:       0       0

මංගල Tuesday, 08 September 2015 10:25 AM

බණ්ඩාර සහ විජයබාහු, මට වගේම මේ රටේ ගොඩක් දෙනෙකුට හොදට සිංහල තේරෙනවා. මම ඇහුවේ ශුද්ධ සිංහලෙන් 2010 ඇයි මෙහෙම එකක් හැදුවේ නැත්තේ? බුරැතු පිටින් රණවිරැවෝ අරන් ගියත් එකයි මුලු රණවිරැ සේනාවටම අණ දුන් සහ යුද්ධය ජයගත් මනුස්සයට කරපු වද හිංසාත් එකයි. ඔය ණයට කහින උදවියට අමතක වෙලා වගේ 2010 දී ෆොන්සේකා මහත්තය විතරක් නෙවෙයි 50කට ආසන්න ප්‍රමාණයක රණවිරැවන්ව සේවයෙන් පහ කලා. ෆොන්සේකා මහත්තයගේ ආරක්ෂකයින්ගෙන් පවා පලිගත්තා. එදා හික්මීයෝ වගේ හිටපු උපාසක අප්පුලා දැන් එනවා අපිට ගස්වල කොල පෙන්නන්න. අඩුගානේ දැන් ඔය කියන පදනම් පිහිටුවාගන්නත් නිදහස තියනවා. (අ)

:       0       0

චමින්ද Tuesday, 08 September 2015 10:28 AM

දැන් මනුසයනට යුද්දේ අමතක වෙලා . ඒකාලේ වින්ද කර දර අමතක කරලා .. වීරයෝ දුස්ඨයෝ කරලා .. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site