IMG-LOGO

ලීඩර් කර්තෘ පස්සෙන් පැන්නූ යතුරුපැදි අංක ලියූ පොත අතුරුදන්

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ දින ඔහු භාවිත කළ සටහන් පොත පොලිසිය නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගත්තත් මේ වන විට එය අතුරුදන් වී ඇතැයි රහස් පොලිසිය ගල්සික්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතාට දැනුම් දුන්නේය.

වික්‍රමතුංග මහතා පසුපස ලුහු බැඳ ආ බව කියන යතුරු පැදි දෙකක අංක එම පොතේ පිටකවරයේ සටහන් කර තිබූ බවට තොරතුරු ඇතැයි ද, පොතට සිදුවූ දේ සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයාගෙන් පවා ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද රහස් පොලිසිය කීවේය.

 වික්‍රමතුංග ඝාතනය පිළිබඳ විමර්ශනය කර සටහන් තැබූ ගල්කිස්ස පොලිසියේ දෛනික වාර්තා පොතේ පිටු හතරක් ගලවා ඉවත් කර තිබෙන නිසා එම පොත රස පරීක්ෂකට යැවිය යුතු යැයි රහස් පොලිසිය කළ ඉල්ලීමට අධිකරණයේ අවසරය ලැබිණි.

 වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කොහුවල යුද හමුදා කඳවුරේ බුද්ධි අංශයේ කටයුතු කළ 17 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන අවස්ථා දෙකකදී පොලිස් ඇප පිට මුදා හැර ඇති බවත්, ඔවුන් මුදා හැරීමට නීතිපති උපදෙස් පවා ලබාගෙන නැති බවත් රහස් පොලිසිය සඳහන් කළේය.

වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්කිකරුවකු සිටිය දී කන්දේගම ප්‍රියවංශ නම් යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන මාස තුනක් රඳවාගෙන සිට මුදා හැර ඇති බව ද, ඔහු අත්අඩංගුවේ සිටි කාල සීමාවේදී යුද හමුදාවෙන් ඔහුගේ වැටුප හා උත්සව අත්තිකාරම් ආදිය පවා ලබා දී ඇති බව ද අධිකරණයට දැන්වූ රහස් පොලිසිය එම යුද හමුදා සෙබළාගේ බැංකු ගිණුමක් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

ඊට ද අවසර ලැබිණි.



අදහස් (0)

ලීඩර් කර්තෘ පස්සෙන් පැන්නූ යතුරුපැදි අංක ලියූ පොත අතුරුදන්

උපාලි Tuesday, 28 June 2016 07:21 AM

මේ වගේ අපරාධයක් යටගහන්න නොකරන දෙයක් තියෙයිද? සාක්කි අතුරුදහන් කිරීම තමයි ලේසිම ක්‍රමය. ඔය පාතාලයෝ ආයුධ පෙන්වන්න එක්ක යනකොට අපි හුරේ දානවා. හැබැයි සිද්ධවෙන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න අමාරු නැහැ. (නි)

:       0       0

නාමල් Tuesday, 28 June 2016 06:54 AM

අපේ රටේ ඉතින් කොහොමත් අතුරුදහන් වෙන ඒවා හරි ජනප්‍රියයිනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site