IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලිට්‍රෝ ගෑස් රුපියල් 80 කින් ඉහළ යයි

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහල දැමූ බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (6) පෙරවරුවේ පැවසීය. මෙම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 30 කින්ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 15 කින් ද, ඉහළ දැමූ බවත් නව මිල අද (4) සිට ක්‍රියාත්මක වන බවත් එම සමාගම කීය. මෙම නව මිල සංශෝධනය සමග රුපියල් 4280 ක් පැවති කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 4360 ක් දක්වා ඉහළ ගියේය. රුපියල් 1720 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1750 ක් දක්වාද, රුපියල් 800 ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 815 ක් දක්වා ද, ඉහල දමා තිබේ.



අදහස් (5)

ලිට්‍රෝ ගෑස් රුපියල් 80 කින් ඉහළ යයි

චමුදිත Sunday, 06 November 2022 01:48 PM

ඇඟට දැනෙන ගණනකින් අඩුකරනවා (රුපියල් 400 ක් පමණ කියලා කිව්වේ) කියපු මුදිතයා මෙන්න බොලේ අසූවකින් වැඩිකරලා.

:       0       5

ABSunday, 06 November 2022 07:06 PM

ගෑස් මිල ඉහළයාම ලංකාවේ පමණක් බලපාන කාරණයක් නොව ලෝකයේ ඕනෑම රටක ගෑස් මිල/ ඉන්ධන මිල තීරණය කරනු ලබන්නේ ලෝක වෙළෙඳ පළේ මිල උච්ඡාවචනය අනුව වේ. මිල ඉහළයාම සහ පහළයාම හේතුව පාරිභෝගිකයින් දැනුවත් කළයුතු වේ..

:       0       1

Dinesh Sunday, 06 November 2022 07:41 PM

කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි.

:       1       0

de silva Sunday, 06 November 2022 02:36 PM

මුදිත ගෑස් ගෙනාවා කිව්වේ හඳෙන්... ඒක නිසා මිල ටිකක් වැඩිවුණා. ගණන් ගන්න එපා.

:       0       2

ගම්බාරේSunday, 06 November 2022 04:58 PM

සිරිමාවෝ හඳෙන් හාල් ගේනවා කියලා 1970දී බලය ගත්තා... රට සාගරයේ ගිලුණා. ඇත්තටම හඳෙන් ගෑස් ගෙනාවා නම් ප්‍රවාහන වියදම් යන්න බැහැ එහෙන් ටැංකි පුරව පුරවා වීසිකළාම ලංකාවට වැටේවි නේද? මොකද හඳ තියෙන්නේ පොළොවට උඩින් නිසා..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 141 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site