IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේදී අනුරුද්ධ - සමන්ති දක්‍ෂතම සම්මාන දිනති

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ ‘ලේටන් කුසලාන’ බොක්සිං තරගාවලියේ (2011) දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජයේ අනුරුද්ධ බණ්ඩාර ගුණතිලක සම්මාන ලැබීය. සිවු දිනක් පුරා කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී මෙම තරගාවලිය පැවැත්විණ. කිලෝග‍්‍රෑම් 60 ට අඩු ලයිට් බර පංතියෙන් තරග කළ අනුරුද්ධ අවසන් තරගයේදී ගුවන් හමුදාවේ ඞී. එන්. ජයකොඩි පරාජය කිරීමට සමත්විය. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් බොක්සිං ක‍්‍රීඩාවට පිවිසි අනුරුද්ධ 2007 වසරේද ලේටන් කුසලානය දිනා ගෙන තිබේ. ලයිට් බර පංතියේ අවසන් පුර්ව තරගයේදී තියුණු තරගයකින් පසු පරාජය ලැබු නාවික හමුදා ක‍්‍රීඩා සමාජයේ එස්.කේ. ප‍්‍රනාන්දු දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයාවිය. කාන්තා අංශයේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස කිලෝග‍්‍රෑම් 54 බැන්ටම් බර පංතිය ජයගත් පොලිස් ක‍්‍රීඩා සමාජයේ සමන්ති ප‍්‍රියංකා ගුනෙත්ති සම්මාන දිනා ගත්තාය. සමන්ති මෙම වසරේ පැවැති ආධුනික බොක්සිං තරගාවලියේ බැන්ටම් බර පංතිය ජය ගෙන ජාතික මට්ටමේ තරගවලට සුදුසුකම් ලබා ගත් අතර ඇය එම තරගාවලියේදී සමන්ති දක්‍ෂතම කී‍්‍රඩිකාව ද වුවාය. සමන්ති හමුවේ අවසන් තරගයේදී පරාජයට පත් වු තුරුලිය කී‍්‍රඩා සමාජයේ බී. එන්. එරන්දි දක්‍ෂතම පරාජිත කී‍්‍රඩිකාව ලෙස තේරී පත්වුවාය. කිලෝග‍්‍රෑම් 75 ට අඩු මිඞ්ල් බර පංතියේ අවසන් තරගයට යුද හමුදාවේ ආර්. එස්. බණ්ඩාර සහ සී. එස්. බණ්ඩාර සොහොයුරන් සුදුසුකම් ලබා ගැනීම දුර්ලභ සිදුවීමක් විය. තරගයෙන් ආර්. එස්. බණ්ඩාර ජය ලැබීය. ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ හිටපු සභාපතිවරයකු හා ප‍්‍රවීණ තරග තීරකවරයකු වන උදේනි කිරිදෙණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානය සිදු කෙරිණ. අවසන් තරග ප‍්‍රතිඵල: පිරිමි

  • කි.ග‍්‍රෑ. 75 ට අඩු මිඞ්ල් බර පංතිය
සී. එන්. ජයසුන්දර (යුද හමුදාව) විසින් ඒ. පී. ජයසේන (යුද හමුදාව) පරාජය කරන ලදී.
  • කි.ග‍්‍රෑ. 91 ට වැඩි සුපර් හෙවි බර පංතිය
ආර්. පී. දිසානායක (ස්ලිම්ලයින්) විසින් ටී. ටී. රත්නායක පරාජය කරන ලදී.
  • කි.ග‍්‍රෑ. 49 ට අඩු ලයිට් ෆ්ලයි බර පංතිය
සී. එන්. අධිකාරී (ස්ලිම්ලයින්) විසින් ආර්. අයි. වර්ණසුරිය (මහනුවර විද්‍යාර්ථ) පරාජය කරන ලදී.
  • කි.ග‍්‍රෑ. 56 ට අඩු බැන්ටම් බර පංතිය
එන්. ජී. එස්. ජයවීර (යුනිචෙලා) විසින් ඞී. ඞී. වීරසිංහ (පොලිසිය) පරාජය කරන ලදී.
  • කි.ග‍්‍රෑ. 60 ට අඩු ලයිට් බර පංතිය
අනුරුද්ධ බණ්ඩාර ගුණතිලක (ස්ලිම්ලයින්) විසින් ඞී. එන්. ජයකොඩි (ගුවන් හමුදාව) පරාජය කරන ලදී.
  • කි.ග‍්‍රෑ. 64 ට අඩු ලයිට් වෙල්ටර් බර පංතිය
ජී. එස්. කුමාරසිංහ (නාවික හමුදාව) විසින් එස්. එන්. හීල්බත්දෙණිය (ස්ලිම්ලයින්) පරාජය කරන ලදී.
  • කි.ග‍්‍රෑ. 69 ට අඩු වෙල්ටර් බර පංතිය
එන්. එම්. හෙට්ටිආරච්චි (ස්ලිම්ලයින්* විසින් ජී. සී. ද සිල්වා (යුද හමුදාව) පරාජය කරන ලදී.
  • කි.ග‍්‍රෑ. 91 ට අඩු හෙවි බර පංතිය
එන්. එස්. සම්පත් (නාවික හමුදාව) විසින් ඒ. එන්. පෙරේරා (යුද හමුදාව) පරාජය කරන ලදී.
  • කි.ග‍්‍රෑ. 81 ට අඩු ලයිට් හෙවි බර පංතිය
ඒ. එන්. ප‍්‍රනාන්දු (නාවික හමුදාව) විසින් එච්. ටී. නයනගේ (පොලිසිය) පරාජය කරන ලදී.
  • කි.ග‍්‍රෑ. 52 ට අඩු ෆ්ලයි බර පංතිය
ආර්. එස්. බණ්ඩාර (යුද හමුදාව) විසින් සී. එස්. බණ්ඩාර (යුද හමුදාව) පරාජය කරන ලදී. කාන්තා
  • කි.ග‍්‍රෑ. 75 ට අඩු මිඞ්ල් බර පංතිය
ටී. එම්. වීරසිංහ (යුද හමුදාව) විසින් සී. කේ. රාජපක්‍ෂ (මාස් සදර්න්) පරාජය කරන ලදී.
  • කි.ග‍්‍රෑ. 81 ට අඩු ලයිට් හෙවි බර පංතිය
ඞී. ජේ. දර්ශා (මාස් සදර්න්) විසින් එච්. චන්ද්‍රසේකර (මාස් සදර්න්) පරාජය කරන ලදී.
  • කි.ග‍්‍රෑ. 51 ට අඩු ෆ්ලයි බර පංතිය
එල්. ජී. චන්ද්‍රිකා (යුද හමුදාව* විසින් ඞී. අයි. මධුෂිකා (නාවික හමුදාව) පරාජය කරන ලදී.
  • කි.ග‍්‍රෑ. 54 ට අඩු බැන්ටම් බර පංතිය
එස්. පී. ගුනෙත්ති (පොලිසිය) විසින් බී. එන්. එරන්දි (තුරුලිය) පරාජය කරන ලදී.
  • කි.ග‍්‍රෑ. 60 ට අඩු ලයිට් බර පංතිය
පී. කේ. සුමුදු (යුද හමුදාව) විසින් අයි. එල්. සමරකෝන් (තුරුලිය) පරාජය කරන ලදී.
  • කි.ග‍්‍රෑ. 64 ට අඩු ලයිට් වෙල්ටර් බර පංතිය
එන්. එස්. කරුණාරත්න (යුද හමුදාව) විසින් එම්. ඞී. ජයවීර (නාවික හමුදාව) පරාජය කරන ලදී.
  • කි.ග‍්‍රෑ. 48 ට අඩු ෆ්ලයි බර පංතිය
ඒ. ඞී. ජයසිංහ (ලීනියා) විසින් ඞී.එල්. සඳකැලූම් (පොලිසිය) පරාජය කරන ලදී.
  • කි.ග‍්‍රෑ. 57 ට අඩු ෆෙදර් බර පංතිය
බී. එල්. පද්මමාලී (පොලිසිය) විසින් පී. කේ. සල්ගාදු (යුද හමුදාව) පරාජය කරන ලදී.
  • කි.ග‍්‍රෑ. 69 ට අඩු ෆෙදර් බර පංතිය
ඞී. එස්. වීරරත්න (පොලිසිය) විසින් සී. එන්. ධර්මසේන (මාස් සදර්න්) පරාජය කරන ලදී. ඡයාරූප: තරගාවලියේ දක්‍ෂතම කී‍්‍රඩකයා අනුරුද්ධ බණ්ඩාර ගුණතිලක සහ දක්‍ෂතම කී‍්‍රඩිකාව සමන්ති ගුනෙත්ති (ඡයාරූප: සුමින්ද සුදර්ශණ)



අදහස් (0)

ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේදී අනුරුද්ධ - සමන්ති දක්‍ෂතම සම්මාන දිනති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 554 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1697 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site