IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලංගම බසයක් පෙරළී 18ක් රෝහලට

(ඉන්දික අරුණ කුමාර)

මහනුවර සිට හොරොව්පතාන දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් දඹුල්ල නාවුල උඩදෙණිය ප්‍රදේශයේ තාප්පයක ගැටි සිදුවු අනතුරින් මගීන් 18 දෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.

අනතුර හේතුවෙන් යාබද පිහිටි තාප්පයකට මෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයට අයත් විදුලි රැහැන් හා දුරකතන රැහැන් රැසකට ද හානි සිදුව තිබේ.

මෙම  අනතුරත් සමග එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට ද බාධා එල්ල විය.

නාඋල පොලිසියේ හා මහවෙල පොලිසියේ රථවාහන අංශවල නිලධාරින් සහ කොහොලන්වල විශේෂ බළකා සෙබලුන්ද එක්ව ඒ නවය මාර්ගයේ රථවාහන තදබදය යථාතත්ත්වයට පත්කිරිමට පියවර ගන්නා ලදි.

අනතුර හේතුවෙන් ලංගම බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර පෞද්ගලික බස්රථයට හානි සිදුව නොමැත.

අනතුර හේතුවෙන් තුවාල ලැබුවන් නාලන්ද රජයේ රෝහලට,දඹුල්ල රජයේ රෝහලට සහ මාතලේ මුලික රෝහල්වලට යොමු කර ඇත. ලංගම බසය වෙනත් බසයක් පසුකර යෑමට උත්සහ කිරීමේදී මෙම අනතුර සිදුව තිබේ. 



අදහස් (1)

ලංගම බසයක් පෙරළී 18ක් රෝහලට

Prabha Tuesday, 19 March 2024 11:06 PM

දැන් ඒ අලාභය කවුද ගෙවන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site