IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලැගුම්හළකදී පෙම්වතියට පහරදුන් පෙම්වතා අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නිට්ටඹුව, එල්ලක්ල ප්‍රදේශයේ පිහිටි හෝටල් කාමරයක ලැගුම් ගෙන සිටියදී පෙම්වතිය බව කියන තරුණියට නහයෙන් කටින් ලේ එනතුරු   පහරදී බරපතළ තුවාල සිදු කළේ යැයි කියන ඇගේ පෙම්වතා බවට පැවසෙන තරුණයෙකු අද (3)  නිට්ටඹුව මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

බරපතළ තුවාල ලැබූ තරුණිය මුලින්ම වතුපිටිවල රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

තමන් මෙම තරුණිය සමඟ ළඟදීම විවාහ වීමේ අපේක්ෂාවෙන් සිටි බවටපොලිසියට පවසා ඇතැයි දැන ගැනීමට ඇත.

මෙම යුවළ එල්ලක්කල ප්‍රදේශයේ පිහිටි හෝටලයේ කාමරයක ලැගුම්ගෙන සිටි අතරවාරයේ සැකකරු මත්පැන් පානය කර ඇති බවද කියති.

පෙම්වතිය බව කියන තරුණියගේ ජංගම දුරකථන අංකයට ලැබී තිබූ ඇමතුමක අංකයක් ගැන ඔහු ඇයගෙන් විමසීමේදී කාලයේ දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් පසුව ඇයට අමානුෂික ලෙස නහයෙන් කටින් ලේ එනතුරු අතින් පයින් පහර දී තිබෙන බවපොලිසිය සඳහන් කරයි.

 

 



අදහස් (6)

ලැගුම්හළකදී පෙම්වතියට පහරදුන් පෙම්වතා අත්අඩංගුවට

පිටිගල මිලානෝ Sunday, 03 September 2023 05:12 PM

වරදෙ නොබැඳෙන ළඳුන් ලොව නැත…

:       15       70

kamMonday, 04 September 2023 10:54 AM

අනේ පුදුම මානසිකත්වයක්... වරදේ බැඳුනා නම් මැරෙන කං ගුටි බැට නොදී අත් හරින්නනේ තිබුණේ...

:       0       4

Dasun jayantha Sunday, 03 September 2023 07:28 PM

ඔයින් ගියා ඇති...!

:       1       24

වටලප්පංත Sunday, 03 September 2023 07:39 PM

අම්මපා මෙයාට නම් පිස්සු....!

:       0       5

Perakum Sunday, 03 September 2023 09:09 PM

හොඳ වැඩේ වල්කමේ යනකොට ඕවා ඔහොම තමයි…!

:       7       39

ගුංඩා Monday, 04 September 2023 06:40 AM

තකට තක ගැලපෙනවා ඉක්මණින් විවාහ වෙන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site