IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලග්ගල රෝහල වහලා - බල්ලෝ වාට්ටු මුරකරති

මාතලේ ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය රොහලේ දොස්තරවරු දෙදෙනා ම බ්‍ර‍හස්පතින්දා පෝය දිනයේ සිට අද (26) දක්වා  නිවාඩු ලබා ගැනීම හේතුවෙන් රෝහලේ කිසිදු ප්‍ර‍තිකාරයක් සිදුවන්නේ නැත. රෝහලේ නේවාසිකව සිටි රෝගීන් 30 දෙනකු පමණ වෛද්‍යවරු විසින් නිවෙස්වලට යවා ඇති බව ද දැනගන්නට ඇත.

ආදේශක වෛද්‍යවරයකු ලබා නොදීම හේතුවෙන් රෝහල වසා තබන්නේ යැයි ස්ථාන භාර නිලධාරීවරයා විසින් ලියූ පුවරුවක් ද එහි ප්‍ර‍දර්ශනය වෙයි. බාහිර හා හදිසි ප්‍ර‍තිකාර අංශ වැසී ගොසිනි.

මේ පිළිබඳ වාර්තා කිරීමට ගිය විට එහි සිටි රෝහල් සේවකයකු කිවේ අවසර නැතිව ඇතුළුවීමට ඉඩ දිය නොහැකි බවයි. අවසර ගැනීමට කිසිවෙකුත් නැත. බාහිර රෝගී අංශයේ සිටියේ බල්ලන් පමණි. රෝහලේ සේවක සේවිකාවන් 35 දෙනකු සිටිය ද අද එහි පැමිණ සිටියේ පස් දෙනකු පමණි.

අප එහි සිටිය දී හිස බිම වැදුණු කුඩා දරුවකු මවක විසින් රෝහලට ගෙන ආව ද ප්‍ර‍තිකාර නැතිව හැරී යාමට සිදුවිය.

මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමති බන්දුල යාලේගම මහතාගෙන් විමසීමේ දී ඔහු කියා සිටියේ තමන් මේ ගැන කිසිවක් නොදන්නා බවයි. ඇමතිවරයා පසුව කතා කොට වෙනත් දුරකථන අංකයක් දී කියා සිටියේ එම අංකයට මේ ගැන දැනුම් දෙන ලෙසයි. ඇමතිවරයා දුන් අංකයට අමතා සිද්ධිය කීව ද ඇමතුම ගත් තැනැත්තා හෝ සෞඛ්‍ය ඇමතිවරයා එම තැනැත්තාගේ අනන්‍යතාව හෙළි කළේ නැත.

??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? DSC04971

 

 



අදහස් (0)

ලග්ගල රෝහල වහලා - බල්ලෝ වාට්ටු මුරකරති

සුමිත්‍රා බස්නායක Saturday, 26 December 2015 01:33 PM

කළ වරදට දඬුවම් කරන්න තියෙන්නේ. වෙන මොනවා කරන්නද මේ වගේ වැඩ කරනවට? පව් අහිංසක මිනිස්සු. (නි)

:       0       0

ශාන් සෞදි Sunday, 27 December 2015 11:39 AM

මේකට දාන්න ඕනේ "බල්ලෝ නිවාඩු ලෙඩ්ඩු රෝහල අරක්ගෙන" කියල (බ)

:       0       0

ශාරිකා Saturday, 26 December 2015 02:01 PM

පවු අහිංසක ලෙඩ්ඩු! (නි)

:       0       0

පතිරණ Saturday, 26 December 2015 02:07 PM

මැති ඇමතිවරුන්ට පහසුකම් සියල්ල සපයමින් අනෙකුත් සේවයන්ට අරියාදු කරනවිට රට අගාධයට යාම නැවතිය නොහැක. යහපාලනය දිනවා ලබාගත් වෙනසට ඔබට ජය! (නි)

:       0       0

ඉන්දික Saturday, 26 December 2015 02:54 PM

දොස්තරලා ලෙඩවෙන්නෙ නැද්ද? ලෙඩ නිවාඩු ඔවුන්ට අකැපද? (නි)

:       0       0

ධම්මික Saturday, 26 December 2015 03:34 PM

දොස්තරලා පහකගේ වැඩ කරන්න ඉන්නේ දෙන්නයි. ඕනෑම ආයතනයක පැය 24 දුවන්න, අවම වශයෙන් හතරක්වත් ඉන්න ඕනෑ. ඔය දේවල් සකස් කරන්නේ නැතුව මේවාට පැළැස්තර දමා වැඩක් නැත (නි)

:       0       0

ජූඩ් විජේසිංහ Saturday, 26 December 2015 04:20 PM

මට සුහදකොකා මතක්උනා . (ස)

:       0       0

පෙරේරා Saturday, 26 December 2015 04:38 PM

දන්නවද ලංකාවේ දොස්තරලා පෑ 24 ක් වැඩ කලත් පෑ 4 යි අතිකාල දෙන්නේ කියලා...ජල මණ්ඩලේ අයට බෝනස් ගෙවනවා නම් මිනිස්සුන්ට බෙහෙත් කරන දොස්තරලාට ඇයි අතිකාල දීමනාවක් වත් ගෙවන්න බැරි. (ස)

:       0       0

ලක්ෂ්මන් Saturday, 26 December 2015 04:49 PM

දොස්තර මහත්තයා ලෙඩවෙලා කියලනේ තියෙන්නේ. ඉස්පිරිතාලේටම ඉන්නේ දොස්තර මහත්තුරු දෙන්න වීම සහ ආදේශක වෛද්‍යවරයකු නැති වීම තමයි මෙතන තියෙන ප්‍රශ්නය. වෛද්‍යවරුත් මනුස්සයෝ කියල නොතේරෙන අයගේ අදහස් විතරක් දාන එක හොඳ මදි. (ස)

:       0       0

සේනක Saturday, 26 December 2015 05:22 PM

අනන්ත වුද අප්‍රමාණ වුද දුක්ඛ දෝමනස්සයන් කරපින්නාගත් ඈත පිටිසර බැදිවල ජීවිතය සමග පොරබදන මේ අසරණ අහිංසක මිනිසුන්ට තමන්ගේ මුලික අවශ්‍යතා වත් සපුරා ගැනීමට ඉඩක් නොමැතිනම් ඒ අවනඩුව කියන්නේ කාටද? (ස)

:       0       0

සුමිත් Saturday, 26 December 2015 05:32 PM

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් එන අයව පිළිගන්නෙත් නැහැ. ඉන්න අය හරියට වැඩ කරන්නෙත් නැහැ. (ස)

:       0       0

කුමා Saturday, 26 December 2015 05:56 PM

කෝසල අසනීප වෙලා නිවාඩු ගන්නත් දැන් දොස්තරලට බැරිද? අනික ඔයා වගේ අයට අසනීප පිට ඉඳන් දොස්තරල බෙහෙත් කරන්නත් ඕනෙද? (ස)

:       0       0

හේවා Saturday, 26 December 2015 07:11 PM

මේක පුදුම රටක් හැම ඇමතිකෙනෙක්ම කියන්නේ මම ඒ ගැන කිසි දෙයක් දන්නේ නැහැ කියල. (ස)

:       0       0

චමිල් Sunday, 27 December 2015 03:31 AM

උඩින් අදහස් දාපු අයට හිතුනේ නැද්ද දන්නෙ නැහැ, මේක මෙහෙම වුණාට ලංකාවේ අනිත් හැම රෝහලක්ම වැඩ කළා කියලා. ඔයාලා ඔක්කොම නිවාඩු දවස් හතරේ පවුලේ අයත් එක්ක විනෝද චාරිකා ගිහින් විනෝද වුණාට දොස්තරලා ඒ දවස් වලත් වැඩ. (නි)

:       0       0

නලින්ද Sunday, 27 December 2015 04:23 AM

කුමා, කියන්නේ දොස්තර කෙනෙක් නේද, අපට හිතාගත්ත හැකි ඔයා ලෙඩුන්ට සලකන විදිහ. (ර)

:       0       0

සත්‍යපාල Sunday, 27 December 2015 05:11 AM

චමිල්, හමුදා සෙබළු යුද්ධයක් තිබුන වෙලාවේ නිවාඩු ගත්තේ නෑ. පොලිසිය හැමදාම ඇරලා. පැය 10-12 එක දිගට යන ගුවන්යානයක එනිජිම නවත්තල කපිතාන් පැය 8 න් නිවාඩු යන්නේ නෑ. තමන් දොස්තර කෙනෙක් හෝ එම රැකියාවෙන් වාසි ලබන කෙනෙක් නිසා මෙවැනි කතා කියන්න එපා. ලෙඩ රෝග වලදී ජීවිතය රැකගන්න ප්‍රතිකාර ඕනේ නිසා එක කරන්න පුළුවන් රස්සාව දොස්තර රැකියාව වුණා කියල රටක් ජනතාවක් නටවන්න හදන්න එපා. ඔය රැකියාවට වැඩි වැටුපක්, විශේෂ පහසුකම්, අහිංසක මිනිසුන්ගෙන් විශේෂ සැලකිලි තවම අපේ රටේ ලැබෙනවා . ඔහොම ගියොත් ඕකත් තවත් රැකියාවක් පමණක් වෙනවා. බොහෝ රටවල එහෙමයි. " උඩගුකම විනාශයට මුල වේ" කියල අහල තියනවද ? (ර)

:       0       0

අමල් Sunday, 27 December 2015 07:25 AM

ගමේ යන්න ඇති දිග නිවාඩුවක් තිබුනනේ. (ර)

:       0       0

දිල්ෂාන් Sunday, 27 December 2015 08:11 AM

මෙතනට අවශ්‍ය ප්‍රමාණයට වෛද්‍යවරුන් පත් කර නැහැ. සමහර කට්ටිය නිවාඩු ගියාට දොස්තරලට බනිනවා. (ර)

:       0       0

නලින් Sunday, 27 December 2015 09:25 AM

අසරණ ලෙඩ්ඩු පව්‍.! (ර)

:       0       0

නලින් Sunday, 27 December 2015 09:26 AM

නිවාඩු ගන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. තමන් වැඩ කරන ආයතනයේ වැඩ ටික නොනවත්වා කරගෙන යන ක්‍රමයක් හදලා තමයි නිවාඩු ගන්න පුළුවන්. (ර)

:       0       0

කෝසල Saturday, 26 December 2015 09:18 AM

මේවට උද්ගෝෂණ වැඩ වර්ජන කරන්නේ කවුද? අර හිස වැදුන දරුවට කාගේ පිහිටද? කෝ මේ වාහන පර්මිට් ඉල්ලන වෛද්‍ය සංගමය. ඇත්තටම ලැජ්ජයි මහත්වරුනි. තමුන්ගේ වරප්‍රසාද ගැන විතරක් හිතන අය. (ස)

:       0       0

රුවන් Saturday, 26 December 2015 09:19 AM

මගේ සහෝදරයාගේ අනතුරකට කොළඹ හදිසි අනතුරු සායනයකට මම දවස් කීපයක් ගියා. අපිට එහි සිටි වෛද්‍ය නිලධාරිනියක් කතාකලේ හ‍රිම පහත් විදිහට. ඇයි අපේ රටේ වෛද්‍යවරු රෝහල තමන්ගේ ලෙඩ්ඩු හිගන්නෝ කියල හිතල සලකන්නේ. මට හරිම කලකිරීමක් ඇතිඋනා. (ස)

:       0       0

රනිල් Saturday, 26 December 2015 09:27 AM

ලංකාදීපයට තුති. (ස)

:       0       0

සුමිත් Saturday, 26 December 2015 09:47 AM

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් එන අයව පිළිගන්නෙත් නැහැ. ඉන්න උන් හරියට වැඩ කරන්නෙත් නැහැ. (ස)

:       0       0

විමලාවතී Saturday, 26 December 2015 10:11 AM

හැම ග්‍රාමීය රජයේ රෝහලක්ම වගේ අකාර්යක්ෂමයි.බෙහෙත් ජාති කීයද රෝහලක තියෙන්නේ? (නි)

:       0       0

පෙරේරා Saturday, 26 December 2015 10:42 AM

මෙයාලා දුප්පත් අපෙන් ඉගෙනගත්තට අපිට සේවයක් නැහැ. එයාලට නිවාඩු, පඩි, කාර් පර්මිට්, චැනල් සෙන්ටර්, කොමිස් එක ලැබුනහම ඇති (නි)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Saturday, 26 December 2015 10:47 AM

නත්තල් කන්න නිවාඩු ඕනෑනේ අනේ. ඔයාල දන්නේ නැද්ද ඒක?සමහරුන්ට ඕනෑ යාන වාහන, සල්ලි විතරයි (නි)

:       0       0

ශීලා Saturday, 26 December 2015 10:54 AM

වෛද්‍යවරුන්ටත් නිවාඩු ගැනීමට අවශ්‍ය වෙනවා. පළාත් සෞඛ්‍ය නිලධාරීන් විසින් ආදේශක වෛද්‍ය නිලධාරීන් යැවිය යුතුව තිබුනා. එසේ නොකෙළේ මන්දැයි නොදනිමි (නි)

:       0       0

නිහාල් Saturday, 26 December 2015 10:58 AM

අසරණ රෝගීන්ට කාගේ පිහිටක්ද? (නි)

:       0       0

පුලාරා Saturday, 26 December 2015 11:19 AM

රට මොකක්දෝ වින්නැහියක් වෙත හෙමින් හෙමින් තල්ලුවෙන බව නම් දැනෙනවා. වරද කාගේ වුණත් රටක් කඩාවැටුනම අන්තිමට ලොකු පොඩි හැම කෙනෙකුටම එය අහිතකර ප්‍රතිඵල ලැබෙනවා. මෙහෙම ගියොත් "අපිම දන්නේ නැහැ මේ නැව අපිත් එක්ක ගිලෙනකම්" (නි)

:       0       0

අජිත් Saturday, 26 December 2015 11:37 AM

ලංකාවේ දොස්තරලාට ලෙඩ්ඩු 'සර්, මැඩම්' කියලා කතාකළේ නැත්නම් තරහා යනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site