IMG-LOGO

ලග්ගල රිවස්ටන් පතනේ ගින්නක් පැතිරේ

ලග්ගල රිවස්ටන් පතන කඳුවැටියේ අද පෙරවරුවේ හටගත් ගින්න නිවා දැමීමට අනුරාධපුර ගුවන් හමුදාවේ සහාය ගත් නමුත්  සවස් වනතුරුත් එය පාලනය කර ගත නොහැකි විය. කළු ගඟේ පෝෂක කලාපයක් වන මෙම කඳුවැටියේ අක්කර 150ක් පමණ ගින්නේ දැවී ඇතැයි ලග්ගල අඩවි වන කාර්යාලයය කියයි.



අදහස් (0)

ලග්ගල රිවස්ටන් පතනේ ගින්නක් පැතිරේ

හර්ෂ Saturday, 07 July 2012 08:49 PM

ඔහේ දොඩවන්නන් වාලේ දොඩවන්නේ නැතිව ඉන්නවා නම් කොච්චර හොදයිද :) මාස 3-4 කින් එහෙට වැස්ස නෑ අනික 20-30 kmph විතර හුළග.. මේවා ලැව් ගිණි.. ඒවා ඇති වෙන්නේ ස්වාභාවිකව

:       0       0

රුවන් ගමරාළගේ Saturday, 07 July 2012 04:43 PM

හැමදාම ගිනි.. ගිනි. කිසි ගින්නක් නෑනෙ කපල දැම්මනම්.. කාන්තාරවගේ තියෙන්න තිබ්බෙ..

:       0       0

පුංචා Saturday, 07 July 2012 05:10 PM

මේක කොහොමද වූණේ??

:       0       0

ආචාර්ය වසන්ත ලියනගේ Tuesday, 10 July 2012 12:08 AM

හර්ෂ, ලැව්ගිණි ඇතිවන ආකාරයත්, ලංකාවේ ඇතිවන කැළෑ ගිනි ඊට වඩා වෙනස් වන ආකාරයත් මම හොඳින් දන්නවා. ඒත ඔබගේ උපදේශයට ස්තුතියි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරියෙක් ලෙස කැළෑ ගිණි වළක්වා ගැනීම පිළිබඳ සමාජය දැනුවත් කිරීම මගේ වගකීමක් ලෙස සළකා මා අදහස් දැක්වීමක් කළ අතර, ඔබේ අදහස් දැක්වීමේ අයිතියට බාධාවක් නොකළ බවද කාරුණිකව මතක් කරමි.

:       0       0

සදුන් නිව්යෝක් Saturday, 07 July 2012 05:44 PM

සංචාරකයො වැඩි වෙනකොට මේවගේ දේවල් වැඩි වීමේ පුදුමයක් නොවෙයි.. ඒ කාලෙ පිටවලපතන, නේල්ස් වනපෙත හරිම සුනදරයි.. දැන් හරිම අපිරිසිදු කරලා.. දේශීය සංචාරකයෝ ඒ ගැන කිසිම තැකීමක් නැහැ..

:       0       0

චූටියා Saturday, 07 July 2012 06:34 PM

දැන් ලී ඕන තැනක ගෙනියන්න නිදහස දීලා තියනවනේ. ඉස්සරහට තව කැලෑ ගිනි ගනී.

:       0       0

ලලිත් Saturday, 07 July 2012 06:01 PM

ධර්මද්වීපය අනාගතයේදී අංක එකේ කාන්තාර දීපය බවට පත්වේවි ඉතාම මෑතකදි..1956 සිට කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස..

:       0       0

එච්අයි Saturday, 07 July 2012 06:02 PM

කාගෙහරි තිරිසන් වැඩක්..

:       0       0

ජනක වෙනීසිය Saturday, 07 July 2012 06:04 PM

ගිනිතියන අයට රජකාලෙ දඩුවම් දෙන්න ඕන...

:       0       0

කවි Saturday, 07 July 2012 06:10 PM

ලක්වැසියනි, මෙහෙම කැලෑවට ගිනි තියල ගහ කොළ විනාශ කරන්න එපා.. මේවගේ පළ විපාක තමයි ඉදිරියට විදුලිය නැතිඋනාම කාට කාටත් තේරෙයි..!!

:       0       0

ජානක Saturday, 07 July 2012 06:54 PM

ගමේ අය සත්තු අල්ලන්න කැලේට ගිණි තියනවා. ජාතික අපරාධ දැඩි දඩුවම් දෙන්න ඕන...

:       0       0

හර්ෂ Monday, 09 July 2012 05:21 PM

ආචාර්ය වසන්ත ලියනගේ දන්නේ නැති නම් දැනගන්න ලැව් ගිනි ඇතිවෙන හැටි පොඩ්ඩක් Discovery Documentary 1 ක් , 2 ක්‌ බලන්න http://answers.yahoo.com/question/index?qid=20071028123830AAl0RKv

:       0       0

ආචාර්ය වසන්ත ලියනගේ Sunday, 08 July 2012 01:07 PM

ස්වාභාවිකව ඇතිවන ලැව්ගිණි හේතු ගණනාවක් නිසා ඇතිවන්න පුළුවන්. නමුත් ඒ කිසිම හේතුවක් ලංකාවේ වාර්තා වී නැහැ. ඒ නිසා කිසිදු අවස්ථාවක ලංකාවේ ලැව්ගිණි වාර්තා වෙන්නෙ නැහැ. අපේරටේ වනාන්තරවල ඇතිවන සියළුම ගිනිගැනීම් නොමනා මිනිස් ක්රිායාකාරකම් නිසා ඇතිවන දේවල්. දර සහ වෙනත් වනජ ද්රවව්යි ලබාගැනීමටත්, නොසැළකිලිමත් බව නිසාත්, වැස්ස ලබාගැනීමට සාම්ප්රගධායික විශ්වාසයක එල්බෙමින් කරන කටයුත්තක් ලෙසටත්, විනෝදයටත් ඇතැම් පුද්ගලයන් වනාන්තර හෝ ඒ ආසන්න ප්ර දේශවල ගිනි දැල්වීම් කරනවා. නකල්ස් ප්රැදේශයේ ගම්වල ගොවිතැන් කටයුතු සඳහා යොදාගන්නා ගවයින් බහුලව සිටින බැවින් සත්ත්ව ආහාර සඳහා ලපටි තණකොල ලබා ගැනීමේ අරමුණින් වියළි තෘණ භූමි ගිණිතබන අයත් සිටිනවා. එහෙත් මේ කාලයේදී මධ්යගම කඳුකරයේ ඇතැම් පුදේශවල පවතින වියළි දේශගුණික තත්වයත්, අධික සුළං ප්රේවාහයත් නිසා ගින්න සීඝ්රඳයෙන් පැතිරෙනවා. ගින්න පැතිරුනාම නිවා දමන්න ඉතා අපහසුයි. ඒ නිසා අපේ වටිනා වන සම්පත් ගිනිතැබීමෙන් වළකින ලෙසද, ගිනි වළක්වා ගැනීමට හා කැළෑ ගිණි නිවීම සඳහා හැකි උපරිම අයුරින් අදාළ බලධාරීන්ට සහාය දී අපගේ පරිසරය රැකගැනීමට කටයුතු කරන ලෙස සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 156 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2270 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site