IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලිංගික හිංසන කරපු කෝප් ලොක්කා කවුද?

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කෝප් කමිටුවේ නිලධාරිනියකට එහි   හිටපු සභාපතිවරයකු ලිංගික හිංසන කර ඇතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
.
මේ සම්බන්ධයෙන් එම නිලධාරිනිය අදාළ අංශවලට පැමිණිලි කර තිබියදී  ක්‍රියාමාර්ග නොගන්නේ මන්දැයි මන්ත්‍රීවරයා   ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය සභාපතිවරුන්ගේ හැසිරීම් ගැන අවධානය යොමු කළ යුතු බවද විතානගේ මහතා කීවේය.

හේශා විතානගේ මහතා මෙසේද පැවසීය.

කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයකු එතන නිලධාරීතුමියකට  ලිංගික වශයෙන් හිංසනයට ලක් කළා කියල  චෝදනාවක් තියෙනවා. එම නිලධාරිනිය මේ  ගැන කාන්තා සංසදයේ සභාපතිනිය දැනුවත් කරලා තියෙනවා.  මේ තරම් පහත් තැනකට ගිහිල්ලා තියෙද්දී ඇයි තීන්දුවක් ගන්නෙ නැත්තෙ.  132 ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්න කියලා  මම  ඉල්ලනවා.



අදහස් (11)

ලිංගික හිංසන කරපු කෝප් ලොක්කා කවුද?

මැගි ආච්චි Friday, 17 November 2023 01:59 PM

කෝප් කමිටු සභාපතිලා දුසිම් ගනන් හිටියේ නෑ නොවැ. දැන් ඉන්න එකයි කලින් හිටපු එකයි. ඔක්කෝම දෙන්නයි. හිටපු සභාපතියෙක් නම් ඉතින් කලින් හිටිය කෙනා. එකේ පන්තියේ පොඩි එකෙකුටත් තේරෙනවානේ ඔය කතාව ආයිබෝවන්...!

:       4       20

Perera Friday, 17 November 2023 02:22 PM

මැගී ආච්චියේ, දැනට කෝප් සභාපතිලා 15ක් ඉඳලා තියන බව දන්නේ නැද්ද?

:       7       13

Aravinda Monarawila Friday, 17 November 2023 02:48 PM

රංජිත් මද්දුම බණ්ඩාරට පෙර චරිත හේරත් ඊට කළින් සුනිල් හඳුන්නෙත්ති හිටියා වගේ මතකයි..

:       0       14

ආනන්ද Friday, 17 November 2023 07:47 PM

මොනවා කළත් හඳුන්නෙත්තිලා ඔය කියන වැඩක් කරන්නේ නැහැ කියලා රටම දන්නවා එනිසා ඕකට සම්බන්ධව ඇත්තෙම... කැකුලක්ම වෙන්න ඕනෑ...

:       7       9

අමල් Friday, 17 November 2023 03:03 PM

හිරලුවෙක්ද?

:       2       15

John Friday, 17 November 2023 07:01 PM

මාව අමතකද?

:       2       0

සමන්ත Friday, 17 November 2023 09:14 PM

මම මේක දැක්කේ නැති වුණත්, මම සතා ගැන හොඳින් දන්නා නිසා මේ කතාව සම්පූර්න ඇත්තක් ලෙස පිළිගන්නවා. අමු කපටියෙක්, ලෝක හොරෙක් සහ කටපාඩම් කාරයෙක් මිස උගතෙක් නොවන බව බය නැතුව කියනවා. ඕනේ නම් චැලෙන්ජ් කරනවා එහෙම නොවේ කියලා කියන්න කියලා...

:       2       11

Saman Friday, 17 November 2023 11:40 PM

කවුරු ගැනද සමන්ත කියන්නේ. වහෙන් ඔරෝ වැඩියි...!

:       0       2

Prabha Saturday, 18 November 2023 02:01 AM

ඔච්චර විශ්වාස නම් කියන්නකෝ නම...?

:       0       1

හෙට්ටිමුල්ලේ රාහුල හිමි Saturday, 18 November 2023 06:26 PM

නම නොකියා ඉන්න එපා. රටේ යහපත වෙනුවෙන් ඒ වගේ වගකිව යුතු නිලයක් දරපු කෙනෙක්ගේ අපචාර එළිකරමු.

:       0       2

මිල්ටන් Saturday, 18 November 2023 02:51 PM

පේරාදෙනියේ නම ගෑවුණු, චීවරයට අපහාස කළ රාජපක්ෂලාගේ පස්සෙන් ගිය අය තාමත් මහඇදුරුද?

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site