IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම නිලධාරි වසර 20කට හිරේ

(මනෝප්‍රිය ගුණසේකර)

දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරයකුට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරුගේ ඡන්ද අයිතිය ඇතුළු සිවිල් අයිතිවාසිකම් අද (09) අහිමි කළේය.

ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය නිලධාරියකු සිය රාජකාරී වගකීම් ඉටුකිරීම සඳහා ද්‍රරිදතාවයෙන් පෙළෙන අහිංසක, දුප්පත් කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම පිළිකුල් සහගත යැයි පෙන්වා දුන් විනිසුරුවරයා දරුවා සුවපත් කරගැනීමට වෙහෙසෙන 30 හැවිරිදි තිදරු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමට රාජ්‍ය නිලධාරියකු පෙළඹීම ඉතාම ශෝචනීය තත්වයක් බව විත්තිකරුට දඬුවම් පමුණුවමින් විනිසුරුවරයා සඳහන් කළේය.

සිරදඬුවමට අමතරව රුපියල් 20,000/-ක දඩයකටද විත්තිකරු යටත් කළ විනිසුරුවරයා විත්තිකරුගේ ඡන්ද අයිතිය ඇතුළු සිවිල් අයිතිවාසිකම් අහිමි කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයයා ඇතු`ථ සිය`ථ රාජ්‍ය ආයතන දැනුවත් කරන ලෙස කොළඹ මහාධිකරණ ලේඛාධිකාරීවරයාට නියම කළේය.

වසර 09ක කාලයකට පෙර තිස්සමහාරාම ප්‍රදේශයේදී ලිංගික අල්ලස් ඉල්ලා ලබාගැනීමට උත්සහා කිරීමේදී අල්ලස් නිලධාරීන්ට හසුවු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරයකු වු රුවන් ප්‍රදීප් මධුශංක නමැත්තාට මෙලෙස දඬුවම් නියම විය.

2015 මාර්තු 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක තිස්සමහාරාම ප්‍රදේශයේදී රාජ්‍ය නිලධාරීයකු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’ ලෙස සේවය කරමින් සිටියදී රාජකාරී කටයුත්තක් කරදීම සඳහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම ඇතු`ථ චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබිණී.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පැමිණිලිකාරිය 30 හැවරිදි තිදරු මවක බවත් ඇගේ හත් හැවිරිදි දරුවා වකුගඩු ආබාධයෙන් පෙළන බවත් දරුවාට සැත්කමක් කිරීම සඳහා රජයෙන් සහනාධාර ලබාදෙන බවත් හෙළි විය.

රජයෙන් දෙන එම සහනාධාරය ලබා ගැනීමට විත්තිකරු අනුමැතිය දියයුතු බවත් එම අනුමැතිය දීම සඳහා විත්තිකරු පැමිණිලිකාර තිදරු මවගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවත් නඩු විභාගයේදී හෙළි වු අතර ලිංගික අල්ලස ගැනීම සඳහා විත්තිකරු පැමිණිලිකාර මව තිස්සමහාරාම ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගොස් ඇති  බවත් ලිංගික අල්ලස ගැනීම සඳහා සුදානම්ව සිටියදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විත්තිකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් හෙළි විය.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරයා සියළු චෝදනාවන්ට විත්තිකරු වරදකරු බවට තීරණය කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධක්‍ෂක නීතීඥ අනුරාධා සිරිවර්ධන මහත්මිය කරුණු දක්වමින් ඇතැම් රාජ්‍ය නිලධාරීන් අල්ලස් ගැනීම මේ වන විට පුරුද්දක් කර ගෙන ඇතැයිද ඔවුන් ඇතු`ථ සිය`ථ රාජ්‍ය නිලධාරීන්ට පාඩමක් වන අන්දමට විත්තිකරුට දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියාය.

අපරාධයේ බරපතළභාවය සැලකිල්ලට ගැනීමේදී විත්තිකරුට ලිහිල් දඬුවම් නියම කිරීමට හැකියාවක් නැතැයි අවධාරණය කරමින් විත්තිකරුට නියම කළ වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් කාලය වසර 10කින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධක්‍ෂක නීතීඥ අනුරාධා සිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය.



අදහස් (6)

ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම නිලධාරි වසර 20කට හිරේ

බකල ජයා Friday, 09 May 2025 05:56 PM

මේ නිලධාරියා ස්ත්‍රී ලෝලියෙක් වුනත් ටයිම් ට්‍රැවලර් කෙනෙක් හින්දා වසර විස්ස දහයකින් ගෙවෙන්න නියම කරලා....

:       1       18

Nilantha Friday, 09 May 2025 07:39 PM

දිවිනැගුම සංවර්ධන නිළධාරි කියලා පිරිසක් ඉන්නවා කියලා රජයේ සේවයේ හිටපු කෙනෙක් හැටියට දැනගත්තෙත් අද තමයි. හිරකරුවන්ට අයිතිවාසිකම හදන්න දඟලන NGO එවුන්ට යස වැඩේ.

:       1       1

Rifan Friday, 09 May 2025 09:04 PM

දැඩි දඬුවම් නම් වසර 20 දෙන්න ඕනෑ... ඒකේ තවත් විහිළුවක් මොකටද?. ප්‍රජා අයිතියත් නැති කරන්න ඕනෑ. මෙවැනි පිරිස් තවත් ඉන්නවා රාජ්‍ය සේවය තුළ...

:       1       16

pakeer Saturday, 10 May 2025 07:15 AM

මිනිස් වෙස් ගත්තු සුනඛයින්.. ඕනෑ තරම් ඉන්නවා. සමාජයට ආදර්ශයක් වෙන්න දැඩි දඬුවම් ඕනේ මේ අයට.

:       0       0

fairoos Saturday, 10 May 2025 11:30 AM

ඉතාම හොඳයි... මේ වගේ කාලකණ්ණින්ට නිසි දඬුවම් නොලැබීම තමයි මෙවැනි අපරාධ තවත් වෙන්නේ.

:       0       3

නිහාල් Saturday, 10 May 2025 03:42 PM

වසර 20 නම් කමක් නෑ කියමු. දරිද්‍රතාවයෙන් පෙළුණු අසරණ කාන්තාවට අවුරුදු 9ක් නඩු කියන්න වෙලා. අන්න ඒකයි නරක පැත්ත...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 949 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1017 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site