පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී තම අමතර රැකියාවේ යෙදී සිටිනාතුරදී ඝාතනයට ලක්වූ බි‍්‍රතාන්‍යයේ අධ්‍යාපනය හදාරමින් සිටි ශී‍්‍රලංකා ජාතික සිසු තවිශ්ක පීරිස්ගේ (25) ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි බ්‍රිතාන්‍ය සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු තවිෂ්ක පීරිස් ඝාතනය කළේයැයි පසුගියදා බි‍්‍රතාන්‍යයේ ෂෙෆීල්ඞ් අධිකරණයේදී වරද පිළිගත්තේය.
අනෙක් සැකකරු තවිෂ්ක සතු මුදල් හා බඩු බාහිරාදිය පැහැර ගත් බවට වරද පිළිගත් අතර තමන් ඔහු ඝාතනය කිරීමට හවුල්වූයේ නැතැයි පැවසුවේය.
උසස් අධ්‍යාපනය සදහා 2011 වසරේදී බි‍්‍රතාන්‍යයට පැමිණ තිබෙන තවිෂ්ක ෂෙෆීල්ඞ්හි හෙලාම් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ උපාධිධාරියෙකි.ඔහුට රැකියාවක්ද ස්ථීර වී තිබුණේයැයිද හොඳ අනාගතයක් ගොඩ නැඟීමට ඔහු සිහින දකිමින් සිටියේයැයිද ඔහුගේ මිතුරෝ හා පවුලේ සාමාජිකයෝ කියති.
අධ්‍යාපනය ලබන කාලය අතරතුරදී වියහියදම් පියවා ගැනීමට ඔහු ෂෙෆීල්ඞ්හි ඩොමිනෝස් පිට්සා අවන්හලේ සේවය කර ඇත.තවිෂ්ක ඝාතනයට ලක්වූයේ අවන්හලෙන් ආහාර ඇනවුම් කළ පාරිභෝගිකයෙකුට එම ආහාරද රැගෙන ඔහුගේ නිවසට යමින් සිටියදීය.
තවිෂ්කගේ ප‍්‍රමාදය ගැන සැක සිතූ ඔහුගේ මිතුරෝ කළ සෝදිසියේදී ආහාර ගෙන යමින් සිටි මෝටර් රථයේම ඝාතනය කර සිටි තවිෂ්ක සොයාගැනීමට හැකිවිය.
තවිෂ්ක අසනීප තත්ත්වයෙන් සිටි බවත් එසේවුවත් එක් අවසාන වතාවකට පාරිභෝගිකයෙකුට ආහාර රැගෙන ගොස් දීමට කැමැත්ත පළකළ බවත් මිතුරෝ පවසති.
සරත් මහින්ද පීරිස් හා වජිරා නාරංගොඩ යන තවිෂ්කගේ දෙමව්පියෝද ශෝක භරිතව තම පුතුගේ මරණය ගැන අදහස් පළ කළහ.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක් සිසුවා මැරීයැයි වරද පිළිගනී