(යොහාන් භාසුර)
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (28) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය.
දේශීය ටින් මාළු ග්‍රෑම් 425 ක මිල රුපියල් 55 කින්, අර්තාපල් සහ රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 5 බැගින් ද, රතු පරිප්පු, සුදු නාඩු සහ සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල බැගින් ද, මිල අඩු කළ බව සතොස සඳහන් කරයි.
ඒ අනුව දේශීය ටින් මාළු ග්‍රෑම් 425 ක මිල රුපියල් 475 ක් ද, අර්තාපල් කිලෝවක නව මිල රුපියල් 280 ක් ද, රතු කැකුළු සහල් කිලෝවක නව මිල රුපියල් 175 ක් ද, රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 309 ක් ද, සුදු නාඩු කිලෝවක නව මිල රුපියල් 206 ක් ද, සුදු කැකුළු සහල් කිලෝවක නව මිල රුපියල් 199 ක් ද, බව සතොස වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
64
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
859
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලංකා සතොස භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කරයි
Aravinda Monarawila Thursday, 28 December 2023 04:39 PM
සතොස අලුත් අවුරුද්දට විහිළු කරනවා.
fairoos Thursday, 28 December 2023 05:20 PM
රුපියලකින් අඩුකරලා...
Hienetimulla Friday, 29 December 2023 02:43 PM
ආනයනික අර්තාපල් විවෘත වෙළඳ පලේ සිල්ලර මිල කිලෝවක් රුපියල් 180/=ක් වෙනවා. පරිප්පු රජයේ ආයතනයක රුපියල් 303/= ට තියෙනවා. ඉතින් කොහොමද අඩුකලා කියන්නේ? කොහොමත් දැන් දැන් බොහෝදෙනෙක් නිවසේ පාවිච්චියට වීදුරු බෝතල්වල ඇසිරූ ජලබෝතල් ගන්න සතොසට එනවා කියලා දකින්නට ලැබෙනවා...