
(යොහාන් භාසුර)
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
එම භාණ්ඩ අඩු කළ මිලට අද (24) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි.
වියළි මිරිස් කිලෝවක් රුපියල් 120කින්, සුදු ලූණු සහ හාල්මැස්සන් කරවල කිලෝවක් රුපියල් 25 බැගින්, කඩල කිලෝවක් රුපියල් 15 කින්, සුදු සීනි කිලෝවක් රුපියල් 12 කින්, දේශීය සම්බා සහල් කිලෝවක් රුපියල් 11 කින්, ටින් මාළු (ග්‍රෑම් 425), ලොකු ලූණු සහ අර්තාපල් කිලෝවක් රුපියල් 10 බැගින් සහ වටානා පරිප්පු කිලෝවක් රුපියල් 7 කින් අඩු කළ බව ද සතොස කීය.
ඒ අනුව වියළි මිරිස් කිලෝවක් රුපියල් 1,380 කට, සුදු ලූණු කිලෝවක් රුපියල් 450 කට, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1,100 කට, කඩල කිලෝවක් රුපියල් 555 කට, සුදු සීනි කිලෝවක් රුපියල් 205 කට, දේශීය සම්බා සහල් කිලෝවක් රුපියල් 199 කට, ටින් මාළු ග්‍රෑම් 425 ටින් එකක් රුපියල් 520 කට, ලොකු ලූණු කිලෝවක් රුපියල් 119 කට, අර්තාපල් කිලෝවක් රුපියල් 270 කට සහ වටානා පරිප්පු කිලෝවක් රුපියල් 298 කට මිලදී ගත හැකි බව ද සතොස සදඟන් කරයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා සතොස භාණ්ඩ 10ක මිල තවත් අඩු කරයි