IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලංකා සතොස භාණ්ඩ මිල තවත් අඩු කරයි

(යොහාන් භාසුර)

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 7 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

එම භාණ්ඩ අඩු කළ මිලට අද (9) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි.

වියළි මිරිස් කිලෝවක් රුපියල් 75 කින්, රතු පරිප්පු කිලෝවක් රුපියල් 19 කින්, පාන්පිටි කිලෝවක් රුපියල් 15 කින්, සුදු සීනි කිලෝවක් රුපියල් 11 කින්, දේශීය රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 9 කින්, දේශීය සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 7 කින් සහ ලොකු ලූණු කිලෝවක් රුපියල් 6 කින් අඩු කළ බව සතොස කියයි.

ඒ අනුව වියළි මිරිස් කිලෝවක් රුපියල් 1500 කට, රතු පරිප්පු කිලෝවක් රුපියල් 339 කට, පාන්පිටි කිලෝවක් රුපියල් 230 කට, සුදු සීනි කිලෝවක් රුපියල් 218 කට, දේශීය රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 155 කට, දේශීය සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 188 කට සහ ලොකු ලූණු කිලෝවක් රුපියල් 129 කට මිලදී ගතහැකි බව ද ලංකා සතොස වැඩි දුරටත් සඳහන් කරයි.



අදහස් (1)

ලංකා සතොස භාණ්ඩ මිල තවත් අඩු කරයි

යෝගා Thursday, 09 March 2023 03:18 PM

කොච්චර අඩු කළත් කාලකන්නි ආපනශාලාකාරයින් බත්පැකට් එකේ මිල නම් අඩුකරන පාටක් නෑ...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 399 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site