IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කරයි

 

(යොහාන් භාසුර)

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.

එම මිල අඩු කිරීම මේ මස 30 වැනිදා දක්වා බලපැවැත්වෙන බව ද ලංකා සතොස පවසයි.

රුපියල් 175 ක්ව පැවැති ආනයනික ලොකු ලූණු කිලෝවක් රුපියල් 25 කින් ද, රුපියල් 285 ක්ව පැවැති සුදු සීනි කිලෝවක් රුපියල් 7 කින් ද, රුපියල් 429 ක්ව පැවැති රතු පරිප්පු කිලෝවක් රුපියල් 14 කින් ද, අඩු කළ බව සතොස සඳහන් කරයි.

රුපියල් 185 ක්ව පැවැති ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 6 කින් සහ රුපියල් 194 ක්ව පැවැති ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 9 කින් ද, අඩුකර තිබේ.

ඒ අනුව ලංකා සතොස ආනයනික ලොකු ලූණු කිලෝවක් රුපියල් 150 කට,  සුදු සීනි කිලෝවක් රුපියල් 278 කට, රතු පරිප්පු කිලෝවක් රුපියල් 415 කට, ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 179 කට සහ ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 185 කට මිලදී ගතහැකිය. 



අදහස් (3)

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කරයි

udaya Saturday, 24 September 2022 12:10 PM

මොන සතොසේද ඔය බඩුගන්න තියෙන්නේ? කෑගල්ලේ සතොසේ නම් ඕවා කවදාවත් මිලදී ගන්න නැහැ. කොයිවෙලේ ගියත් බඩු ඉවරවෙලා තිබුණු වෙලාව දන්නේ වැඩකරන අය පමණයි.

:       2       0

පුසාද් Saturday, 24 September 2022 06:06 PM

මිල පහතට දැමූ භාණ්ඩ මිලට ගන්න තියෙනවද? විහිලු කරන්න එපා...

:       0       0

Neenbanda Saturday, 24 September 2022 07:51 PM

ඔය කියන දේවල් ගන්න සතොසේ නැහැ. මිනිස්සු රවට්ටන්න ගණන් අඩුකරලා දැම්මාට ගන්න බඩු තියෙන්න ඕනේ... කඩවත අවට නම් කොයි සතොසෙත් නැහැ. කොහේහරි තියේනම් කියන්න... අපිත් ගන්න බලාගෙන ඉන්නවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site