දඹුලු ලොකු ලුනු කිලෝවකට රුපියල් 80වකට සතොසෙන් මිලදී ගන්නැයි ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහා වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලයි.
දැනට කිලෝව දෙනු ලබන්නේ රුපියල් 60කි. සතොස මසකදී ලුනු මිලදි ගැනීමේ සීමාව වන හැට දහසක් වන අතර එය ලක්ෂය දක්වා වැඩි කරන්නැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොකු ලුනු කිලෝවට රුපියල් 20ක් වැඩියෙන් ඉල්ලයි
ඉසුරන්දි Sunday, 19 October 2014 07:58 AM
දේශීය ගොවියාව ධෛර්ය සම්පන්න කරන්න ඕනේ එයාලගේ සිතුම් පැතුම් ඉෂ්ට කරනවත් සමගම.එතකොට රටේ අස්සක් මුල්ලක් නැර සාර්ථක අස්වැද්දුමක් ලබාගන්න පුළුවන් වේවි ඒ තුලින්. (නදී)
සෑම් Saturday, 18 October 2014 07:18 AM
ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය වී ඇත්තේ ණය සහ පොලිය ගෙවීමට නැවත පොලියට මුදල් ගැනීමයි.වෙළඳ ප්‍රතිපත්තිය වැල යන අතට මැස්ස ගහනවා වගේ එහෙම නැත්නම් අටුවා කඩා පුටුව හැදීම වගේ ,.(අ)
ජයරත්න Saturday, 18 October 2014 08:01 AM
ලංකාවේ ඇමතිවරු නමට විතරයි.මහජන මුදලින් නඩත්තු වෙවී ඔහේ ඉන්නව.විෂයට අදාළව තීන්දු තීරණ ගන්න ඔවුන්ට දැනුමක් නෑ.එක්කො කාට හරි බයේ ඉන්නව.කාටද කියන්නෙ ඉතිං මේවා. අර පසුගිය දවස්වල වැලිමඩ පැත්තෙ අල මිලදී ගෙන කිළෝ පහ බැගින් වියළි කලාපයට තවමත් නොමිළේ බෙදනව.ලූනුවලටත් ඒකමයි හොද.ජනාධිපතිතුමාගේ අවධානයට යොමුවේවා.(අ)
දිස් Saturday, 18 October 2014 09:01 AM
ඡන්දෙ නිසා ලොකු ළුනු කිලෝව රුපියල් 80 ට සතොසට අරගෙන රුපියල් 60 ට විකුනමු. ඡන්දෙත් ලැබෙනවා, ඇමතිලාත් ගොඩ, අපිත් ගොඩ. (අ)