IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ලෝක රෝද පුටු ටෙනිස් ශූරතාවලියේදී උපාලි - ගාමිණී අවසන් පූර්ව වටයට එති

කොරියාවේ සෝල් නුවරදී පැවැත්වෙන ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් ශූරතාවලියේදී (II වැනි කොටස) අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල නියෝජනය කරන උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක ඊයේ (23) සමත්වුහ. අන්තර්ජාතික රෝද පුටු ටෙනිස් සම්මේලනයේ මෙහෙයවීමෙන් මේ මස 27 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් පුර්ව වටයේදී ශ්‍රී ලංකා පිල, දකුණු අප‍්‍රිකාව සමග තරග කිරීමට නියමිතය. තායිලන්තය සහ ජර්මනිය අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් සෙසු රටවල් දෙක වේ. තරගාවලියේ මුලික වටයේ ‘සී’ කොටසේ තරග කළ ශ්‍රී ලංකා පිල ඊයේ පැවැති තරගයෙන් ප‍්‍රබල ඉතාලි කණ්ඩායම තරග 2-1 කින් පරාජය කිරීමට සමත්විය. ‘සී’ කොටසේ ස්ලොවැකියාව, ඉතාලිය සහ ශ්‍රී ලංකාව තරග කළ අතර එහිදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ තරග 3-0 කින් ස්ලොවැකියාව පරාජය කළහ. උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක ශ්‍රී ලංකාවේ අංක එකේ රෝද පුටු ටෙනිස් ක‍්‍රීඩකයෝ  දෙදෙනා වෙති. ඉතාලියට එරෙහිව පැවැති තරගයේ පළමු කේවළ ඉසව්වේදී ගාමිණි දිසානායක විසින් ඉවන් ලියොන් පරදවා (6/1, 6/1) සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද, උපාලි රාජකරුණා දෙවැනි කේවළ ඉසව්වේදී ෆේබියන් මසායි හමුවේ පරාජය (6/4, 6/1)ලැබීය. තීරණාත්මක යුගල ඉසව්වේදී තියුණු තරග වට තුනකින් පසුව (6/3, 5/7, 6/4) ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ජය ලැබුහ. රෝදපුටු ටෙනිස් ජාතික ශූරයා වන උපාලි රාජකරුණා ලෝක රෝදපුටු ටෙනිස් ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ අතරේ 71 වැනි ස්ථානයේ සිටින අතර ගාමිණී එහි 79 වැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකාව ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් තරගාවලිවලදී තෙවැනි හා පස්වැනි ස්ථාන හිමිකර ගැනීමට ද සමත්ව තිබේ.



අදහස් (0)

ලෝක රෝද පුටු ටෙනිස් ශූරතාවලියේදී උපාලි - ගාමිණී අවසන් පූර්ව වටයට එති

ඉන්දික Friday, 25 May 2012 09:14 AM

උණුසුම් සුභ පැතුම්

:       0       0

දර්ශන Friday, 25 May 2012 09:19 AM

ජය ඔබටයි.

:       0       0

අනුරාධ Thursday, 24 May 2012 07:25 PM

දිරිය දරුවනි, ඔබට ජය නියතයි

:       0       0

ජය Thursday, 24 May 2012 02:57 PM

මේ ක්‍රීඩකයන්ව රැක ගැනීම ක්‍රීඩා බලධාරීන‍්ගෙ යුතුකමක්. මෙන්න නියම ක්‍රීඩකයෝ. සුභපැතුම්!!!

:       0       0

ප්‍රසන්න Thursday, 24 May 2012 03:24 PM

මේක මේ හිතන තරම් ලේසි ගේමක් නෙමෙයි.ඔබට හදවතින්ම සුභ පැතුම්! කෝ මේ අපේ කට්ටිය? හොද දේකට නම් කමෙන්ට්ස් ලියන්නේ නෑ. කුණු ගොඩවල් නම් අවුස්සයි යස අගේට

:       0       0

ඩයනා Thursday, 24 May 2012 04:05 PM

මේ උපාලිල ගාමිණීල කොළඹ ටෙනිස් සංගම් ටෙනිස් පිටියෙ පුහුණු වෙනව බලන්න යන්න කියලා ක්‍රීඩාවට හිත ඇති අයට කියන්න කැමතිය. එතකොට තෙ‍්රෙයි මේ ක්‍රීඩාවෙ තරම. උපාලි සහ ගාමිණී මේ ලබන්නෙ දහඩිය කදුළු අතරින් ලබාගත් ශක්තියේ ජයග්‍රහණයයි. ඔබ ශ්‍රී ලංකාවට අභිමානයක්...!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආයුධවලින් පහරදී පුළුස්සා මරලා
2025 මැයි මස 01 131 0

තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා ඝාතනය කරන ලද පුද්ගල මළ සිරුරක් ගල්කිස්ස හුළුදාගොඩ ප්‍රදේශයේ පාළු ඉඩමක තිබියදී සොයා ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසි


අමෙරිකාව - යුක්රේනය ගිවිසුම් ගත වෙයි
2025 මැයි මස 01 169 0

යුක්රේනයේ ඇතැම් දුර්ලභ ඛනිජ සම්පත් සඳහා ඇමෙරිකාවට ප්‍රවේශය ලබාදෙන ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමට ඇමෙරිකාව සහ යුක්රේනය පසුගියදා අත්සන් තැබුවේය. යුක්ර


කෝටි 14ක් ගිල්ලත් පුරන් කුඹුරු හැදිල්ල බාගෙට කරලා
2025 මැයි මස 01 93 0

පුරන් කුඹුරු අස්වැද්දීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.


කතක් නිවසතුල කපා කොටා මරාදාලා
2025 මැයි මස 01 250 0

කතරගම ,පෙරගිරිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් නිවෙසේදී අද(01) ඝාතනය කර ඇතැයි කතරගම පොලීසිය කියයි.


ඉන්ධන අඩුවුණත් බස් ගාස්තු එහෙමමයි
2025 මැයි මස 01 311 0

ඩීසල් මිළ පහළ දැමුවද බස් ගාස්තු පහළ දැමීමක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.


ගිනි අවි පෙන්වා කොල්ල කෑ පොලීසියේ දෙන්නෙක් මාට්ටු
2025 මැයි මස 01 577 0

ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 85 ක් මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අපරාධ පරීක්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 340 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 88 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1112 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site