IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලංකා යෝජනාව එයි

මෙරට මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ නිර්දේශ සහ ලක් රජයට සහාය පළ කරමින් ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ විවාදයේදී මානව හිමිකම් කවුන්සිලයේ  සාමාජික රටවල් ජිනිවා මානව හිමිකම් සමුළුවේදී අද (30) අදහස් දැක්වීමට නියමිතය

එය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.0 - 3.30 ත් අතර කාලයේදී ආරම්භ වනු ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකාවේ අවසන් යුද සමයේ ශ‍්‍රී ලංකාවේ සිදුවූවා යැයි පැවසෙන මානව හිම්කම් කඩවීම් පිළිබඳ සොයා බැලීම සඳහා හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිට විය යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු යෝජනා කර තිබු අතර එහෙත් මානව හිමිකම් පිළිබඳව සොයා බැලීමට ලක් රජය යෝජනා කළ දේශීය යාන්ත‍්‍රණයට සහාය පළ කරමින් ඇමරිකාව ජීනිවා මානව හිමිකම් කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඊට බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ රටවල් කිහිපයක් සම අනුග‍්‍රහය දක්වන බව ද ප‍්‍රකාශ කළේය. ඒ අතර  ඕස්ටේ‍්‍රලියාව මෙන්ම පැරණි යුගොස්ලෝවියා ජනරජ දෙකක් වන මොන්ටිනීග්‍රෝ සහ මැසිඩෝනියාවද සිටී. ශ‍්‍රී ලංකාව ද ඇමරිකා යෝජනාවට සම අනුග‍්‍රහය දක්වයි.



අදහස් (0)

ලංකා යෝජනාව එයි

නාමල් Wednesday, 30 September 2015 09:15 AM

අනිවාර්‍යෙන්ම ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රෙලියාව වගේ දියුණු රටවල සහය අරගෙන හමුදාවේ සුලු පිරිසක් කළ යුද අපරාද ගැනත් අපි සොයාබැලිය යුතුයි...(ම)

:       0       0

ධම්ම Wednesday, 30 September 2015 09:58 AM

මේ යාන්ත්‍රණය ගැන තව දුරටත් මා නම් හිතන්නේ නැහැ. අප මොකටද නිකම් ඔලුව කුරුවල් කරගන්නේ. අගමැතිතුමා හිතන දේ හොඳින් හෝ නරකින් එතුමා කරනවා. (ම)

:       0       0

මහානාම - කඳාන Thursday, 01 October 2015 03:23 AM

ධම්ම මට අමතක වුණා , ජනාධිපති තුමා ගේ මුලික කාරය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාලනය කිරීම, සන්ධානය පාලනය කිරීම, ලියුම් ලිවීම , විනය පරීක්ෂණ පැවැත්වීම, ලේකලා මාරු කිරීම වගේ දේවල් නේ ,(අ)

:       0       0

මහානාම -කඳාන Wednesday, 30 September 2015 10:29 AM

ධම්ම මහතා හරියටම හරි. එතකොට අපේ විධායක ජනාදිපති පති තුමා ඉන්නේ මොකටද ?(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site