IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලංකා මාළු යුරෝපයට යන හැඩයි

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයනට සම්බන්ධයෙන් යුරෝපා සංගමය පනවා ඇති තහනම ඉවත් කිරීම පිළිබඳව සලකා බලන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩේවිඩ් ඩේලි මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ පවසා ඇත.

අරලිය ගහ මැදුරේ පැවති එම හමුවේදී ඩේවිඩ් ඩේලි මහතා ශ්‍රී ලාංකික ජනතාවගේ මානව හිමිකම් තහවුරු කිරීම උදෙසාත්, සංහිඳියාව ගොඩනැංවීමටත් වත්මන් රජය ගෙන ඇති වැඩපිළිවෙළ ගැන සිය ප්‍රසාදය පළ කරන බව කියා ඇත.

යුරෝපා සංගමය අතීතයේ සිටම ශ්‍රි ලංකාවට ලබාදුන් ආධාර සහ සහයෝගය පිළිබඳව මෙහිදී සිහිපත් කළ ජනපතිව මෛත්‍රිපාල සිරිසේන මහතා ජී.එස්.පී ප්ලස් සහනය නැවත මෙරටට ලබාදීමට කටයුතු කරන ලෙසද තානාපතිවරයාගෙන් ඉල්ලීය.

 



අදහස් (0)

ලංකා මාළු යුරෝපයට යන හැඩයි

සුමුදු හේවා Friday, 03 April 2015 05:23 AM

චාමර, අගය කළයුතු වැඩ පිළිවෙළ කිවුවේ මොකටද? (නි)

:       0       0

තුසිත Wednesday, 01 April 2015 08:46 PM

ලංකා මාළු යුරෝපෙන් ගැනීම නතරකළේ අපි ප්‍රමිතියට මාළු අල්ලන්නේ නැහැ කියලා. දැන් යුරෝපය අපේ මාළු ගන්න සූදානම් වෙන්නේ අපේ ප්‍රමිතිය හරි ගිහිල්ලා වෙන්න ඇති.. (නි)

:       0       0

වසන්ත Wednesday, 01 April 2015 09:14 PM

ලංකාවේ මාළු වැඩි මන්නාරම ආසන්නයේ නොගැඹුරු මුහුදේ . අපේ මත්ස්‍ය සම්පත ඉන්දියානු ධීවරයෝ හොරකම් කරනවා .අපේ මුහුදු සීමාවේ මාළු අල්ලන ඉන්දීය ධීවරයෝ නාවිකහමුදාව විසින් අල්ලා ගත්තත් රජය ඔවුන් මුදාහරිනවා. මේ සම්බන්ධව දැඩි පිළිවෙතක් අනුගමනය කළයුතුයි (නි)

:       0       0

ද සිල්වා Wednesday, 01 April 2015 11:59 PM

ලංකාවේ මිනිසුන්ට කන්න තිබෙන මාළු කෑල්ලත් පිටරට පැටෙවුවහම අපිට කන්න වෙන්නේ මොනවද? ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදනය අපේ පරිභෝජනයටවත් මදි (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 02 April 2015 11:02 PM

තුසිත, කොහොමත් එයාලට ඕනෑ අපි අල්ලන මාළු වලටත් වඩා අපේ රටේ මාළු කන්නයි.එයාලගේ පදේට නටලා මාළු ටිකක් විකුණගෙන මොකටද? මොකද ලෝකේ මාළු විකුණන්න වෙන රටවල් ඇත්තෙම නැද්ද? අපිටත් විකුණන්න මාළු හැර වෙන මොකුත් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

ජයසුන්දර Thursday, 02 April 2015 11:06 PM

අපිට ආයෙත් හොඳ කලක් යයි වගේ (නි)

:       0       0

චාමර Thursday, 02 April 2015 04:13 AM

සිල්වා , මෙතැනදී ඔවුන් අගය කරලා තියෙන්නේ ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙල මිසක් අගමැති තුමා ගේ වැඩ පිලි වෙලා නෙමෙයි නේද ? (ම)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 01 April 2015 12:38 PM

කොහොමද ජනාධිපති තුමාගේ වැඩ. ජයවේවා ජනපති තුමනි ! (ර)

:       0       0

නික්සන් Wednesday, 01 April 2015 12:59 PM

කොහොමහරි කමක්නැහැ, රටට යහපතක් වෙනවා නම් (නි)

:       0       0

විමල් Wednesday, 01 April 2015 01:53 PM

අනේ කමක්නැහැ අපේ ධීවරයින්ට හොඳ කලක් යනවා නම්... (නි)

:       0       0

ඇසළ Wednesday, 01 April 2015 02:06 PM

යුරෝපා සංගමය අතීතයේ සිටම ශ්‍රි ලංකාවට ලබාදුන් ආධාර සහ සහයෝගය මොනවගේද කියලා අපි දන්නවා (නි)

:       0       0

සිල්වා Wednesday, 01 April 2015 03:44 PM

මහින්දට බෑ රනිල්ට පුළුවන් ලෝකෙත් එක්ක වැඩ කරන්න ඔන්න වෙනස ජනතාව තේරුම් ගන්න රටේ අවශ්‍යතාව පුද්ගලයෙක් නෙමෙයි දිනවන්න ඕනි රටයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site